podi car aduwena hati...

lakmal8888

Active member
  • Jan 28, 2013
    627
    205
    43
    2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ.

    මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.

    රුපියල් 27,65,000 කට තිබූ Suzuki Wagon R මෝටර් රථයක මිල රුපියල් 24,50,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki StingRay මෝටර් රථයක මිල රුපියල් 28,55,000 ක සිට රුපියල් 26,15,000 ක් දක්වා අඩුවී ඇත.

    මීට අමතරව, රුපියල් 25,40,000 කට තිබූ Suzuki Celerio ඔටෝ ගියර් රථයක මිල රුපියල් 24,65,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Celerio මැනුවල් මෝටර් රථයක මිල රුපියල් 21,90,000 ක සිට රුපියල් 20,50,000 ක් දක්වා අඩුවී තිබේ.

    එසේම, රුපියල් 18,50,000 කට තිබූ Suzuki Omni වෑන් රථයක මිල රුපියල් 16,75,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki Swift මෝටර් රථයක මිල රුපියල් 31,50,000 ක සිට රුපියල් 28,50,000 ක් දක්වා අඩුවී ඇත.

    මේ අතර, පෙරුඩුවා සමාගම නිපදවන ViVA මෝටර් රථ අලෙවි කරන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ රුපියල් 19,25,000 කට තිබූ viva 850cc කුඩා මෝටර් රථය මේ වනවිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුවී තිබෙන බවත් සමාගම විසින් මේ වනවිට අලෙවි කරන්නේ මෙම කුඩා මෝටර් රථය පමණක් බවයි.

    මයික්‍රෝ මෝටර් රථ සමාගමෙන් අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 15,45,000 කට තිබූ Panda GB මෝටර් රථයක් රුපියල් 12,45,000 ක් දක්වාත් රුපියල් 16,70,000 කට අලෙවිකළ Panda GS මෝටර් රථයක් රුපියල් 13,95,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි.

    මීට අමතරව, රුපියල් 20,75,000 කට අලෙවි කළ Panda Cross මෝටර් රථයක මිල මේ වනවිට රුපියල් 18,25,000 ක් දක්වා අඩුවී ඇත.

    පවතින ඉල්ලුම මත මෙම සමාගම් වලින් මෝටර් රථ ඇනවුම් කර ලබා ගැනීමට මාස දෙක තුනක කාලයක් ගතවන බවද අනාවරණය වුණි.
    www.adaderana.lk/biz/ඇල්ටෝ-වීවා-පැන්ඩා-ඇතුළු-ස/