mchla.. Pol gas kana kuruminiynta dana bethak dan nada?
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 24, 2015 #1 mchla.. Pol gas kana kuruminiynta dana bethak dan nada?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Sep 24, 2015 #2 Beheth tiyanawa Reactions: hardrockloverz
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 25, 2015 #3 පොල් කුරුමිණියො කොහෙද ඉන්නෙ..?
G Gamage2015 Well-known member Dec 18, 2014 1,152 485 113 Sep 25, 2015 #6 crazybuddy said: පොල් කුරුමිණියො කොහෙද ඉන්නෙ..? Click to expand... තුත්තිරි ගස් වල බන්
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 25, 2015 #7 Gamage2015 said: තුත්තිරි ගස් වල බන් Click to expand...
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 25, 2015 #8 පැටියා;19014522 said: Beheth tiyanawa Click to expand... Tiynwa kyna beth okma dma bn. Mun kanema lokuma gas tikane.
පැටියා;19014522 said: Beheth tiyanawa Click to expand... Tiynwa kyna beth okma dma bn. Mun kanema lokuma gas tikane.
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 25, 2015 #9 crazybuddy said: පොල් කුරුමිණියො කොහෙද ඉන්නෙ..? Click to expand... ube &;*@>€ asse.
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 25, 2015 #10 luxmen said: 1920 call Click to expand... Me moke da bn?
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 25, 2015 #11 Gamage2015 said: තුත්තිරි ගස් වල බන් Click to expand...
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Sep 25, 2015 #12 Okunwa ganna epa geta. Kelam kiyanawa
topkollek Well-known member May 22, 2014 42,774 1 56,775 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 25, 2015 #13 mata okun tikak allala diyan. ape allapu waththata danna
hardrockloverz Well-known member Mar 1, 2015 1,945 74 48 everywhere Sep 25, 2015 #14 DooA said: Okunwa ganna epa geta. Kelam kiyanawa Click to expand... Gei newe bolan ine.. Pol gas wala?
DooA said: Okunwa ganna epa geta. Kelam kiyanawa Click to expand... Gei newe bolan ine.. Pol gas wala?
sudui.usai Active member Apr 25, 2015 599 106 43 Sep 25, 2015 #15 Aiyoo kadawala gnna tynwa betak...eka basket ekakta dala tiynna ona.. E wathura wala suwadata kuruminiya adila awith ekata watenwa...tikk hoyla balapan... Lunuwila pol paryeshanna ayathnayen ahuwoth kiyai...k Reactions: hardrockloverz
Aiyoo kadawala gnna tynwa betak...eka basket ekakta dala tiynna ona.. E wathura wala suwadata kuruminiya adila awith ekata watenwa...tikk hoyla balapan... Lunuwila pol paryeshanna ayathnayen ahuwoth kiyai...k
Hapuwa Well-known member Jan 24, 2009 5,093 3,079 113 Sep 25, 2015 #16 Beheth thiyenawa pattaa waha..approval nethuwa use karanna thahanam .. Ehema neththnam pheromone trap dhaanna puluwan Reactions: hardrockloverz
Beheth thiyenawa pattaa waha..approval nethuwa use karanna thahanam .. Ehema neththnam pheromone trap dhaanna puluwan
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Sep 25, 2015 #17 kohoba thel kalu thel danawa kiyala a/l walata kala beheth balahan thiyanawa Reactions: hardrockloverz
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Sep 25, 2015 #18 sunlight and lunui wature diya karala kaapu than.wlata daaapan athdakimen kiynne. Reactions: hardrockloverz
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 25, 2015 #19 මොකක්ද බන් හැදිලා තියෙන ලෙඩේ උන්ට?
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Sep 25, 2015 #20 පොල් කුරුමිනියො ජාති 2කක් ඉන්නවා මොන එකාද ඇවිත් තියෙන්නේ කලු එකද රතු එකාද? රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus) මාතෘකාව : රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus) කතුවරයා : Jayawardene M.P.G.T.D. යාවත්කාලීන දිනය : 16-04-2015 කියවීම් : 34 Rhynchophorus ferrugineus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතු කුරුමිණියා (Red Palm Weevil / Asian Palm Weevil / Sago Palm Weevil) පොල් වගාවට මාරාන්තික හානියක් සිදු කරයි. මෙම කෘමියාගේ කීට අවස්ථාව (පනුවා) පොල් ගසේ කඳ කා දමා ගස මුලුමනින් විනාශ කරන අතර වයස අවුරුදු 3-10 දක්වා පොල් වගාව වැඩි වශයෙන් රතු කුරුමිණි හානියට ගොදුරු වේ. රතු කුරුමිණියා හඳුනාගැනීම සුහුඹුල් කුරුමිණියා රතු දුඹුරු පැහැති දිගින් සෙ.මී. 3-4 හා පළල සෙ.මී. 1 ක් පමණ වන කෘමියෙකි. හිසේ තුඩක් හා උරහිසේ තද දුඹරු පැහැ ලප දැකිය හැක. සුහුඹුල් ගැහැනු කුරුමිණියෙකු වරකට බිත්තර 200 ක් පමණ දමයි. ඒවා සුදු පැහැති දිගැටි/සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර මිලිමීටර් 1-2.5 ක පමණ දිගකින් යුක්ත වේ. බිත්තර සුහුඹුල් කුරුමිණියාකීටයා (පනුවා/දළඹුවා/Larvae) කීටයාගේ (වැඩෙන කඳ පනුවාගේ) හිස දුඹුරු හා ශරීරය ලා කහ පැහැති වන අතර පාද රහිතය. මොවුන්ගේ හිස කයිටීනමය ආවරණයකින් (Chitinous Head Capsule) හා ශක්තිමත්ව වැඩුනු තිරස් කේතු ආකාර හකු (Horizontal Conical Jaws) වලින් සමන්විත වන අතර කලාතුරකින් සෙ.මී. 6-7 ක් පමණ වන කිටයන්ද දැකිය හැක. බිත්තර පුපුරා දින 3-5 ත් අතර කාලයකදී එළියට පැමිණෙන කීටයන් ගසේ කඳ අභ්‍යන්තරය කා දමමින් ජීවත් වේ. කීටයා පිලවා (Pupa) කීටයා දින 55 කින් පසුව කෙඳි වලින් තනාගත් කෝශයක් (Pupal Case) තුල පිලා අවධිය ගත කරයි. පොල් පිති කඳට සවිවන ස්ථාන වල හෝ කඳ පොත්තට ආසන්නයේ පිලා කෝශ දැකිය හැකි අතර දින 20-25 කින් පමණ වැඩුනු කුරුමිණියන් කෝශයෙන් පිටවී යයි. කෘමියාගේ සම්පූර්ණ ජීවන චක්‍රය සඳහා දින 90-100 ක් පමණ ගතවේ. පිලා කෝශය හානියේ ලක්ෂණ පොල් ගසේ හානි වු සහ තුවාල වු ප්‍රදේශ මත දමන බිත්තර වලින් බිහිවන කීටයන් එම ප්‍රදේශ තුලින් කඳ ඇතුලට ගොස් කඳ කා දැමීම හේතුවෙන් අවසානයේ ගස පාදස්ථයෙන් හෝ ගොබය ප්‍රදේශයෙන් කඩා වැටේ. කඳට කන තැබු විට රතු කුරුමිණි කීටයන් ගස තුල පටක ආහාරයට ගන්නා ශබ්දය නිකුත් වීම. කඳ කරටිය ආසන්නයේ හෝ පාදස්ථයේ කුඩා සිදුරු දක්නට ලැබීම හා ඒවායින් ශ්‍රාවයක් (ඔජස්) ගැලීම, සිදුරු අවට පටක දුර්වර්ණ වි තිබීම. පොල් අතු කඳට සවි වන ස්ථාන වල කෙඳිමය පිලා කෝශ දක්නට ලැබීම. අතු කහපාට වී ගොබය මැලවී යාම හෝ පැත්තකට ඇලවී යාම. හානියට පත් පොල් ගසක් පොල් ගසේ හානියට ලක්විය හැකි ස්ථාන රතු කුරුමිණියා බිත්තර දමන්නේ දියර ගලන පැලුම් තුවාල මත වන අතර ඒවා පහත පරිදි ඇතිවිය හැක. ගසේ වර්ධනය හේතුවෙන් ඇතිවන ස්වභාවික පැලුම්. නියඟයට අතු පාත්වීම හා කලු කුරුමිණි හානියට ලක්වීම. ගවයින් අතු කෑමට පාත් කිරීම හෝ සුළඟට අතු ඇඹරීම. දුර්වල ජල වහනය නිසා කඳ පාදස්ථයෙන් ඉදිරියට නෙරා යාමෙන් ඇතිවන පිපිරීම් හෝ ඇතිවන කිරි මුල් අතරින්. බෝවීම වැලැක්වීම සති දෙකකට වරක්වත් වයස අවුරුදු 3-10 දක්වා වූ පැල වගාව හොඳින් පරික්ෂා කිරීම. වියලී ගිය අතු හා මටලු ඉවත් කර ගසේ දියර ගලන පැලීම් හා තුවල ඇත්නම් ඒවායේ දැවිතෙල්/තාර ආලේප කිරීම හෝ විශාල සිදුරු ඇත්නම් ඒවා සිමෙන්ති දමා වසා දැමීම. ගස පිරිසිදු කිරීමේදී අතු කඳට අඩි 03 ක් පමණ දුරින් කපා දමා කැපුම මත දැවිතෙල්/තාර ආලේප කිරීම. දුර්වල ජල වහන තත්ත්ව යටතේ වගා කල පොල් ගස් වල භූමි මට්ටමෙන් මදක් ඉහලින් මුල් සෑදීම හා ඒවාට පහලින් කුහර සෑදීම දක්නට ලැබෙන අතර එම කලාපය වසා පස් දැමීම. වල් මර්ධනය කර වගා ඉඩම් පිරිසිදුව තබා ගැනීම. දැව සඳහා පොල් ගස් කපා දැමූ ඉඩම් වල ඉතිරිවන ළපටි කොටස් නිසි පරිදි බැහැර කිරීම හෝ පුලුස්සා දැමීම. හානි වු ගස් උදුරා පුලුස්සා දැමීම. පොල් ගසට අමතරව කුරුමිණියක් බෝ වන අනෙක් ශාක වන පුවක්, ඉඳි හා කිතුල් වැනි ශාක පිලිබඳවද සැලකිලිමත් වීම. මර්ධනය කෘමිනාශක භාවිතය මොනොක්‍රොටපොස් රසායනිකය කඳ බේරුණු ගස් වලට එන්නත් කිරීම හා කඳ බේරී නැති ගස් වලට කරටිය තෙත් වන ලෙස අඩු සාන්ද්‍රනයකින් වත් කිරීම. පෙන්තෝඒට් 500 ඊ.සී. කෘමිනාශකයෙන් මිලිලීටර 40 ක් ගෙන එය සමාන කොටස් 3 කට බෙදා ගසේ කෙඳ් හානියට පත් ස්ථානයට අඟල් 6 ක් ඉහලින් සිදුරු 3 ක් විද (සමාන උසකින්) ඒවාට යෙදීම හා දින 3 කට පසු එම සිදුරු වසා දැමීම. පෙරමෝන උගුල් භාවිතය මෙහි රතු කුරුමිණියන් ආකර්ශනය වන රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන අතර එයට ආකර්ශනය වන කෘමීන් උගුලට හසුකර විනාශ කිරීම සිදු කරයි. අක්කරයකට උගුල් 2-3 ක් පමණ ප්‍රමාණවත් වන අතර උගුල් තැබිය යුත්තේ අනෙකුත් මර්ධන ක්‍රම සියල්ල යොදා අවසන් වූ පසුවය. පෙරමෝන උගුල් භාවිතය වැඩිදුර විස්තර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල. 031 – 22 55 350 / 031 – 22 55 048 මූලාශ්‍ර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ රතු කුරුමිණි හානිය අත් පත්‍රිකාව. Wikipedia ජායාරූප - අන්තර්ජාලයෙන් කළු කුරුමිණියා (Oryctes rhinoceros) මාතෘකාව : කළු කුරුමිණියා (Oryctes rhinoceros) කතුවරයා : Jayawardene M.P.G.T.D. යාවත්කාලීන දිනය : 16-04-2015 කියවීම් : 36 Oryctes rhinoceros යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළු කුරුමිණියා (Coconut Rhinoceros Beetle/Asiatic Rhinoceros Beetle) ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන පොල් පලිබෝධකයෙකි. කළු කුරුමිණි හානිය පොල් වගාවේ සෑම වයසකම ගස් වල දැකිය හැක. වසරකට වඩා අඩු වයසේ පොල් පැළ කළු කුරුමිණි හානිය නිසා මුලුමනින්ම විනාශ වී යා හැකි අතර ගොබයට හානි වීම හේතුවෙන් පීදිම ප්‍රමාද වීම හෝ වර්ධනය බාල වීමද සිදු වේ. කළු කුරුමිණියා හඳුනාගැනීම සුහුඹුල් කුරුමිණියා දිගින් මිලිමීටර 30-40 හා පළලින් මිලිමීටර 20 ක් පමණ වන කළු පැහැති කෘමියෙකි. හිසේ, පිටුපසට නෙරා ගිය අඟක් වැනි ව්‍යහුයකින් සමන්විතය. ශක්තිමත් මුඛ උපාංග දරන අතර පොල් ගසේ ගොබය හාරා ඇතුලට ගොස් අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ. වැඩුණු ගැහැණු කෘමීන් දිරා යන පොල් කඳන්, ගොම, කොහුබත් හා කුණු කසල වැනි ද්‍රව්‍ය මත බිත්තර දමයි. සුහුඹුල් කුරුමිණියා කීටයා (පණුවා) හා පිලවා කීටයා “C” හැඩයකින් යුක්ත වන දිගින් මිලිමීටර 60 ක් පමණ වේ. දේහයේ ඉදිරි කොටසේ පාද යුගල් කිහිපයකින් යුතු වේ. අළු පැහැයට හුරු සුදු පැහැති වන අතර හිස ප්‍රදේශය වඩාත් තද පැහැතිය. කීටයා (Larvae) පිලවුන්ද කීටයන් සිටින ස්ථාන වලම දක්නට ලැබේ. පිලවා (Pupa) බිත්තර හානියේ ලක්ෂණ පැළ හා වැඩුණු ගස් වල ගොබයේ හානියට පත් ප්‍රදේශයේ පටක ආහාරයට ගෙන ඉවතලන කොටස් (හප) දැකිය හැක. දරුණු ලෙස ගොබයට හානි වූ විට ගොක් අත්ත කඩා වැටීම. හානියට පත් ගොබයෙන් ඇතිවන අතු දිග හැරුනු විට ඒවා කතුරකින් කැපූ ආකාරයට දිස් වීම. කුඩා පැළ වලට හානි වූ විට ඒවා මැරී යාම හෝ වක් වූ / ඇඳවූ ගොබයක් ඇති වීම. හානියට පත් පොල් ගසක් හානිය වලක්වාගැනීම පැල හා අනෙකුත් වගාවන් හොදින් පරික්ෂා කර පූර්ව ප්‍රතිකාර කිරීම. කළු කුරුමිණියන්ට බිත්තර දැමිය හැකි අපද්‍රව්‍ය ඉවත් කර වගා භූමිය පිරිසිදුව තබා ගැනීම. ගොබයට ආසන්න පිති වල කපුරු බෝල 2 බැඟින් කපුරු බෝල 06 ක් පමණ රදවා තැබීම. ගොබය වටා ඇති පිතිවල දැවිතෙල් ආලේප කිරීම. විවිධ රසායනික ද්‍රවය මගින් ගොබය කෑමට පැමිණෙන කෘමීන් විනාශ කර දැමීම. මර්ධනය ගොබය තුල සිටින කෘමීන් කම්බි කටුවකින් ඇන පිටතට ගැනීම. ගිනිමැල දැලිවීම : සුහුඹුලන් රාත්‍රී කාලයේ සංචරනය කරන බැවින් ඔවුන් ගිනිවැලයට ආකර්ශනය කර විනාශ කිරීම. කෘමිනාශක යෙදීම : කාබොපියුරාන් (කුරේටර් 3ජී පියුරඩෑන්) කෘමිනාශකය ගෙන (පැළයකට ග්රෑම් 15 / වැඩුනු පොල් ගසකට ග්රෑම් 30) ඊට සමාන ප්‍රමානයක් වැලි මිශ්‍ර කර පිති අතර තැබීම. දිලීර භාවිතය : ග්‍රීන් මුස්කාඩින් දිලීරය ආසාදනයෙන් කීටයන් මරණයට පත් වන අතර මෙම දිලීරය කුරුමිණියන් ස්වභාවිකව බිහිවන ස්ථාන වලට හෝ කෘතීමව සාදන වලවල් තුලට යෙදීම. පෙරමෝන උගුල් භාවිතය (අක්කර 5 ක් සඳහා එක් උගුලක්) වැඩිදුර විස්තර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල. 031 – 22 55 350 / 031 – 22 55 048 මූලාශ්‍ර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ කළු කුරුමිණි හානිය අත් පත්‍රිකාව. Wikipedia ජායාරූප - අන්තර්ජාලයෙන් Reactions: hardrockloverz
පොල් කුරුමිනියො ජාති 2කක් ඉන්නවා මොන එකාද ඇවිත් තියෙන්නේ කලු එකද රතු එකාද? රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus) මාතෘකාව : රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus) කතුවරයා : Jayawardene M.P.G.T.D. යාවත්කාලීන දිනය : 16-04-2015 කියවීම් : 34 Rhynchophorus ferrugineus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතු කුරුමිණියා (Red Palm Weevil / Asian Palm Weevil / Sago Palm Weevil) පොල් වගාවට මාරාන්තික හානියක් සිදු කරයි. මෙම කෘමියාගේ කීට අවස්ථාව (පනුවා) පොල් ගසේ කඳ කා දමා ගස මුලුමනින් විනාශ කරන අතර වයස අවුරුදු 3-10 දක්වා පොල් වගාව වැඩි වශයෙන් රතු කුරුමිණි හානියට ගොදුරු වේ. රතු කුරුමිණියා හඳුනාගැනීම සුහුඹුල් කුරුමිණියා රතු දුඹුරු පැහැති දිගින් සෙ.මී. 3-4 හා පළල සෙ.මී. 1 ක් පමණ වන කෘමියෙකි. හිසේ තුඩක් හා උරහිසේ තද දුඹරු පැහැ ලප දැකිය හැක. සුහුඹුල් ගැහැනු කුරුමිණියෙකු වරකට බිත්තර 200 ක් පමණ දමයි. ඒවා සුදු පැහැති දිගැටි/සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර මිලිමීටර් 1-2.5 ක පමණ දිගකින් යුක්ත වේ. බිත්තර සුහුඹුල් කුරුමිණියාකීටයා (පනුවා/දළඹුවා/Larvae) කීටයාගේ (වැඩෙන කඳ පනුවාගේ) හිස දුඹුරු හා ශරීරය ලා කහ පැහැති වන අතර පාද රහිතය. මොවුන්ගේ හිස කයිටීනමය ආවරණයකින් (Chitinous Head Capsule) හා ශක්තිමත්ව වැඩුනු තිරස් කේතු ආකාර හකු (Horizontal Conical Jaws) වලින් සමන්විත වන අතර කලාතුරකින් සෙ.මී. 6-7 ක් පමණ වන කිටයන්ද දැකිය හැක. බිත්තර පුපුරා දින 3-5 ත් අතර කාලයකදී එළියට පැමිණෙන කීටයන් ගසේ කඳ අභ්‍යන්තරය කා දමමින් ජීවත් වේ. කීටයා පිලවා (Pupa) කීටයා දින 55 කින් පසුව කෙඳි වලින් තනාගත් කෝශයක් (Pupal Case) තුල පිලා අවධිය ගත කරයි. පොල් පිති කඳට සවිවන ස්ථාන වල හෝ කඳ පොත්තට ආසන්නයේ පිලා කෝශ දැකිය හැකි අතර දින 20-25 කින් පමණ වැඩුනු කුරුමිණියන් කෝශයෙන් පිටවී යයි. කෘමියාගේ සම්පූර්ණ ජීවන චක්‍රය සඳහා දින 90-100 ක් පමණ ගතවේ. පිලා කෝශය හානියේ ලක්ෂණ පොල් ගසේ හානි වු සහ තුවාල වු ප්‍රදේශ මත දමන බිත්තර වලින් බිහිවන කීටයන් එම ප්‍රදේශ තුලින් කඳ ඇතුලට ගොස් කඳ කා දැමීම හේතුවෙන් අවසානයේ ගස පාදස්ථයෙන් හෝ ගොබය ප්‍රදේශයෙන් කඩා වැටේ. කඳට කන තැබු විට රතු කුරුමිණි කීටයන් ගස තුල පටක ආහාරයට ගන්නා ශබ්දය නිකුත් වීම. කඳ කරටිය ආසන්නයේ හෝ පාදස්ථයේ කුඩා සිදුරු දක්නට ලැබීම හා ඒවායින් ශ්‍රාවයක් (ඔජස්) ගැලීම, සිදුරු අවට පටක දුර්වර්ණ වි තිබීම. පොල් අතු කඳට සවි වන ස්ථාන වල කෙඳිමය පිලා කෝශ දක්නට ලැබීම. අතු කහපාට වී ගොබය මැලවී යාම හෝ පැත්තකට ඇලවී යාම. හානියට පත් පොල් ගසක් පොල් ගසේ හානියට ලක්විය හැකි ස්ථාන රතු කුරුමිණියා බිත්තර දමන්නේ දියර ගලන පැලුම් තුවාල මත වන අතර ඒවා පහත පරිදි ඇතිවිය හැක. ගසේ වර්ධනය හේතුවෙන් ඇතිවන ස්වභාවික පැලුම්. නියඟයට අතු පාත්වීම හා කලු කුරුමිණි හානියට ලක්වීම. ගවයින් අතු කෑමට පාත් කිරීම හෝ සුළඟට අතු ඇඹරීම. දුර්වල ජල වහනය නිසා කඳ පාදස්ථයෙන් ඉදිරියට නෙරා යාමෙන් ඇතිවන පිපිරීම් හෝ ඇතිවන කිරි මුල් අතරින්. බෝවීම වැලැක්වීම සති දෙකකට වරක්වත් වයස අවුරුදු 3-10 දක්වා වූ පැල වගාව හොඳින් පරික්ෂා කිරීම. වියලී ගිය අතු හා මටලු ඉවත් කර ගසේ දියර ගලන පැලීම් හා තුවල ඇත්නම් ඒවායේ දැවිතෙල්/තාර ආලේප කිරීම හෝ විශාල සිදුරු ඇත්නම් ඒවා සිමෙන්ති දමා වසා දැමීම. ගස පිරිසිදු කිරීමේදී අතු කඳට අඩි 03 ක් පමණ දුරින් කපා දමා කැපුම මත දැවිතෙල්/තාර ආලේප කිරීම. දුර්වල ජල වහන තත්ත්ව යටතේ වගා කල පොල් ගස් වල භූමි මට්ටමෙන් මදක් ඉහලින් මුල් සෑදීම හා ඒවාට පහලින් කුහර සෑදීම දක්නට ලැබෙන අතර එම කලාපය වසා පස් දැමීම. වල් මර්ධනය කර වගා ඉඩම් පිරිසිදුව තබා ගැනීම. දැව සඳහා පොල් ගස් කපා දැමූ ඉඩම් වල ඉතිරිවන ළපටි කොටස් නිසි පරිදි බැහැර කිරීම හෝ පුලුස්සා දැමීම. හානි වු ගස් උදුරා පුලුස්සා දැමීම. පොල් ගසට අමතරව කුරුමිණියක් බෝ වන අනෙක් ශාක වන පුවක්, ඉඳි හා කිතුල් වැනි ශාක පිලිබඳවද සැලකිලිමත් වීම. මර්ධනය කෘමිනාශක භාවිතය මොනොක්‍රොටපොස් රසායනිකය කඳ බේරුණු ගස් වලට එන්නත් කිරීම හා කඳ බේරී නැති ගස් වලට කරටිය තෙත් වන ලෙස අඩු සාන්ද්‍රනයකින් වත් කිරීම. පෙන්තෝඒට් 500 ඊ.සී. කෘමිනාශකයෙන් මිලිලීටර 40 ක් ගෙන එය සමාන කොටස් 3 කට බෙදා ගසේ කෙඳ් හානියට පත් ස්ථානයට අඟල් 6 ක් ඉහලින් සිදුරු 3 ක් විද (සමාන උසකින්) ඒවාට යෙදීම හා දින 3 කට පසු එම සිදුරු වසා දැමීම. පෙරමෝන උගුල් භාවිතය මෙහි රතු කුරුමිණියන් ආකර්ශනය වන රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන අතර එයට ආකර්ශනය වන කෘමීන් උගුලට හසුකර විනාශ කිරීම සිදු කරයි. අක්කරයකට උගුල් 2-3 ක් පමණ ප්‍රමාණවත් වන අතර උගුල් තැබිය යුත්තේ අනෙකුත් මර්ධන ක්‍රම සියල්ල යොදා අවසන් වූ පසුවය. පෙරමෝන උගුල් භාවිතය වැඩිදුර විස්තර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල. 031 – 22 55 350 / 031 – 22 55 048 මූලාශ්‍ර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ රතු කුරුමිණි හානිය අත් පත්‍රිකාව. Wikipedia ජායාරූප - අන්තර්ජාලයෙන් කළු කුරුමිණියා (Oryctes rhinoceros) මාතෘකාව : කළු කුරුමිණියා (Oryctes rhinoceros) කතුවරයා : Jayawardene M.P.G.T.D. යාවත්කාලීන දිනය : 16-04-2015 කියවීම් : 36 Oryctes rhinoceros යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළු කුරුමිණියා (Coconut Rhinoceros Beetle/Asiatic Rhinoceros Beetle) ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන පොල් පලිබෝධකයෙකි. කළු කුරුමිණි හානිය පොල් වගාවේ සෑම වයසකම ගස් වල දැකිය හැක. වසරකට වඩා අඩු වයසේ පොල් පැළ කළු කුරුමිණි හානිය නිසා මුලුමනින්ම විනාශ වී යා හැකි අතර ගොබයට හානි වීම හේතුවෙන් පීදිම ප්‍රමාද වීම හෝ වර්ධනය බාල වීමද සිදු වේ. කළු කුරුමිණියා හඳුනාගැනීම සුහුඹුල් කුරුමිණියා දිගින් මිලිමීටර 30-40 හා පළලින් මිලිමීටර 20 ක් පමණ වන කළු පැහැති කෘමියෙකි. හිසේ, පිටුපසට නෙරා ගිය අඟක් වැනි ව්‍යහුයකින් සමන්විතය. ශක්තිමත් මුඛ උපාංග දරන අතර පොල් ගසේ ගොබය හාරා ඇතුලට ගොස් අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ. වැඩුණු ගැහැණු කෘමීන් දිරා යන පොල් කඳන්, ගොම, කොහුබත් හා කුණු කසල වැනි ද්‍රව්‍ය මත බිත්තර දමයි. සුහුඹුල් කුරුමිණියා කීටයා (පණුවා) හා පිලවා කීටයා “C” හැඩයකින් යුක්ත වන දිගින් මිලිමීටර 60 ක් පමණ වේ. දේහයේ ඉදිරි කොටසේ පාද යුගල් කිහිපයකින් යුතු වේ. අළු පැහැයට හුරු සුදු පැහැති වන අතර හිස ප්‍රදේශය වඩාත් තද පැහැතිය. කීටයා (Larvae) පිලවුන්ද කීටයන් සිටින ස්ථාන වලම දක්නට ලැබේ. පිලවා (Pupa) බිත්තර හානියේ ලක්ෂණ පැළ හා වැඩුණු ගස් වල ගොබයේ හානියට පත් ප්‍රදේශයේ පටක ආහාරයට ගෙන ඉවතලන කොටස් (හප) දැකිය හැක. දරුණු ලෙස ගොබයට හානි වූ විට ගොක් අත්ත කඩා වැටීම. හානියට පත් ගොබයෙන් ඇතිවන අතු දිග හැරුනු විට ඒවා කතුරකින් කැපූ ආකාරයට දිස් වීම. කුඩා පැළ වලට හානි වූ විට ඒවා මැරී යාම හෝ වක් වූ / ඇඳවූ ගොබයක් ඇති වීම. හානියට පත් පොල් ගසක් හානිය වලක්වාගැනීම පැල හා අනෙකුත් වගාවන් හොදින් පරික්ෂා කර පූර්ව ප්‍රතිකාර කිරීම. කළු කුරුමිණියන්ට බිත්තර දැමිය හැකි අපද්‍රව්‍ය ඉවත් කර වගා භූමිය පිරිසිදුව තබා ගැනීම. ගොබයට ආසන්න පිති වල කපුරු බෝල 2 බැඟින් කපුරු බෝල 06 ක් පමණ රදවා තැබීම. ගොබය වටා ඇති පිතිවල දැවිතෙල් ආලේප කිරීම. විවිධ රසායනික ද්‍රවය මගින් ගොබය කෑමට පැමිණෙන කෘමීන් විනාශ කර දැමීම. මර්ධනය ගොබය තුල සිටින කෘමීන් කම්බි කටුවකින් ඇන පිටතට ගැනීම. ගිනිමැල දැලිවීම : සුහුඹුලන් රාත්‍රී කාලයේ සංචරනය කරන බැවින් ඔවුන් ගිනිවැලයට ආකර්ශනය කර විනාශ කිරීම. කෘමිනාශක යෙදීම : කාබොපියුරාන් (කුරේටර් 3ජී පියුරඩෑන්) කෘමිනාශකය ගෙන (පැළයකට ග්රෑම් 15 / වැඩුනු පොල් ගසකට ග්රෑම් 30) ඊට සමාන ප්‍රමානයක් වැලි මිශ්‍ර කර පිති අතර තැබීම. දිලීර භාවිතය : ග්‍රීන් මුස්කාඩින් දිලීරය ආසාදනයෙන් කීටයන් මරණයට පත් වන අතර මෙම දිලීරය කුරුමිණියන් ස්වභාවිකව බිහිවන ස්ථාන වලට හෝ කෘතීමව සාදන වලවල් තුලට යෙදීම. පෙරමෝන උගුල් භාවිතය (අක්කර 5 ක් සඳහා එක් උගුලක්) වැඩිදුර විස්තර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල. 031 – 22 55 350 / 031 – 22 55 048 මූලාශ්‍ර පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ කළු කුරුමිණි හානිය අත් පත්‍රිකාව. Wikipedia ජායාරූප - අන්තර්ජාලයෙන්