pol kuruminiyo. Help

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Aiyoo kadawala gnna tynwa betak...eka basket ekakta dala tiynna ona.. E wathura wala suwadata kuruminiya adila awith ekata watenwa...tikk hoyla balapan... Lunuwila pol paryeshanna ayathnayen ahuwoth kiyai...k
     
    • Like
    Reactions: hardrockloverz

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පොල් කුරුමිනියො ජාති 2කක් ඉන්නවා මොන එකාද ඇවිත් තියෙන්නේ කලු එකද රතු එකාද?

    රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus)

    මාතෘකාව : රතු කුරුමිණියා (Rhynchophorus ferrugineus)
    කතුවරයා : Jayawardene M.P.G.T.D.
    යාවත්කාලීන දිනය : 16-04-2015
    කියවීම් : 34

    Rhynchophorus ferrugineus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතු කුරුමිණියා (Red Palm Weevil / Asian Palm Weevil / Sago Palm Weevil) පොල් වගාවට මාරාන්තික හානියක් සිදු කරයි. මෙම කෘමියාගේ කීට අවස්ථාව (පනුවා) පොල් ගසේ කඳ කා දමා ගස මුලුමනින් විනාශ කරන අතර වයස අවුරුදු 3-10 දක්වා පොල් වගාව වැඩි වශයෙන් රතු කුරුමිණි හානියට ගොදුරු වේ.

    රතු කුරුමිණියා හඳුනාගැනීම

    සුහුඹුල් කුරුමිණියා
    රතු දුඹුරු පැහැති දිගින් සෙ.මී. 3-4 හා පළල සෙ.මී. 1 ක් පමණ වන කෘමියෙකි.
    හිසේ තුඩක් හා උරහිසේ තද දුඹරු පැහැ ලප දැකිය හැක. සුහුඹුල් ගැහැනු කුරුමිණියෙකු වරකට බිත්තර 200 ක් පමණ දමයි. ඒවා සුදු පැහැති දිගැටි/සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර මිලිමීටර් 1-2.5 ක පමණ දිගකින් යුක්ත වේ.
    232516183-Rhynchophorus_ferrugineus_3.jpg

    බිත්තර
    7578854356-Rhynchophorus_ferrugineus_1.jpg

    සුහුඹුල් කුරුමිණියා
    කීටයා (පනුවා/දළඹුවා/Larvae)
    කීටයාගේ (වැඩෙන කඳ පනුවාගේ) හිස දුඹුරු හා ශරීරය ලා කහ පැහැති වන අතර පාද රහිතය.
    මොවුන්ගේ හිස කයිටීනමය ආවරණයකින් (Chitinous Head Capsule) හා ශක්තිමත්ව වැඩුනු තිරස් කේතු ආකාර හකු (Horizontal Conical Jaws) වලින් සමන්විත වන අතර කලාතුරකින් සෙ.මී. 6-7 ක් පමණ වන කිටයන්ද දැකිය හැක.
    බිත්තර පුපුරා දින 3-5 ත් අතර කාලයකදී එළියට පැමිණෙන කීටයන් ගසේ කඳ අභ්‍යන්තරය කා දමමින් ජීවත් වේ.

    24126026128-Rhynchophorus_ferrugineus_2.JPG

    කීටයා

    පිලවා (Pupa)
    කීටයා දින 55 කින් පසුව කෙඳි වලින් තනාගත් කෝශයක් (Pupal Case) තුල පිලා අවධිය ගත කරයි.
    පොල් පිති කඳට සවිවන ස්ථාන වල හෝ කඳ පොත්තට ආසන්නයේ පිලා කෝශ දැකිය හැකි අතර දින 20-25 කින් පමණ වැඩුනු කුරුමිණියන් කෝශයෙන් පිටවී යයි.
    කෘමියාගේ සම්පූර්ණ ජීවන චක්‍රය සඳහා දින 90-100 ක් පමණ ගතවේ.

    93365658215-Rhynchophorus_ferrugineus_4.jpg

    පිලා කෝශය

    හානියේ ලක්ෂණ
    පොල් ගසේ හානි වු සහ තුවාල වු ප්‍රදේශ මත දමන බිත්තර වලින් බිහිවන කීටයන් එම ප්‍රදේශ තුලින් කඳ ඇතුලට ගොස් කඳ කා දැමීම හේතුවෙන් අවසානයේ ගස පාදස්ථයෙන් හෝ ගොබය ප්‍රදේශයෙන් කඩා වැටේ.
    කඳට කන තැබු විට රතු කුරුමිණි කීටයන් ගස තුල පටක ආහාරයට ගන්නා ශබ්දය නිකුත් වීම.
    ක‍‍ඳ කරටිය ආසන්නයේ හෝ පාදස්ථයේ කුඩා සිදුරු දක්නට ලැබීම හා ඒවායින් ශ්‍රාවයක් (ඔජස්) ගැලීම, සිදුරු අවට පටක දුර්වර්ණ වි තිබීම.
    පොල් අතු කඳට සවි වන ස්ථාන වල කෙඳිමය පිලා කෝශ දක්නට ලැබීම.
    අතු කහපාට වී ගොබය මැලවී යාම හෝ පැත්තකට ඇලවී යාම.

    80294695450-Rhynchophorus_ferrugineus_5.jpg

    හානියට පත් පොල් ගසක්

    පොල් ගසේ හානියට ලක්විය හැකි ස්ථාන
    රතු කුරුමිණියා බිත්තර දමන්නේ දියර ගලන පැලුම් තුවාල මත වන අතර ඒවා පහත පරිදි ඇතිවිය හැක.
    ගසේ වර්ධනය හේතුවෙන් ඇතිවන ස්වභාවික පැලුම්.
    නියඟයට අතු පාත්වීම හා කලු කුරුමිණි හානියට ලක්වීම.
    ගවයින් අතු කෑමට පාත් කිරීම හෝ සුළඟට අතු ඇඹරීම.
    දුර්වල ජල වහනය නිසා කඳ පාදස්ථයෙන් ඉදිරියට නෙරා යාමෙන් ඇතිවන පිපිරීම් හෝ ඇතිවන කිරි මුල් අතරින්.

    බෝවීම වැලැක්වීම
    සති දෙකකට වරක්වත් වයස අවුරුදු 3-10 දක්වා වූ පැල වගාව හොඳින් පරික්ෂා කිරීම.
    වියලී ගිය අතු හා මටලු ඉවත් කර ගසේ දියර ගලන පැලීම් හා තුවල ඇත්නම් ඒවායේ දැවිතෙල්/තාර ආලේප කිරීම හෝ විශාල සිදුරු ඇත්නම් ඒවා සිමෙන්ති දමා වසා දැමීම.
    ගස පිරිසිදු කිරීමේදී අතු කඳට අඩි 03 ක් පමණ දුරින් කපා දමා කැපුම මත දැවිතෙල්/තාර ආලේප කිරීම.
    දුර්වල ජල වහන තත්ත්ව යටතේ වගා කල පොල් ගස් වල භූමි මට්ටමෙන් මදක් ඉහලින් මුල් සෑදීම හා ඒවාට පහලින් කුහර සෑදීම දක්නට ලැබෙන අතර එම කලාපය වසා පස් දැමීම.
    වල් මර්ධනය කර වගා ඉඩම් පිරිසිදුව තබා ගැනීම.
    දැව සඳහා පොල් ගස් කපා දැමූ ඉඩම් වල ඉතිරිවන ළපටි කොටස් නිසි පරිදි බැහැර කිරීම හෝ පුලුස්සා දැමීම.
    හානි වු ගස් උදුරා පුලුස්සා දැමීම.
    පොල් ගසට අමතරව කුරුමිණියක් බෝ වන අනෙක් ශාක වන පුවක්, ඉඳි හා කිතුල් වැනි ශාක පිලිබඳවද සැලකිලිමත් වීම.

    මර්ධනය
    කෘමිනාශක භාවිතය
    මොනොක්‍රොටපොස් රසායනිකය කඳ බේරුණු ගස් වලට එන්නත් කිරීම හා කඳ බේරී නැති ගස් වලට කරටිය තෙත් වන ලෙස අඩු සාන්ද්‍රනයකින් වත් කිරීම.
    පෙන්තෝඒට් 500 ඊ.සී. කෘමිනාශකයෙන් මිලිලීටර 40 ක් ගෙන එය සමාන කොටස් 3 කට බෙදා ගසේ ක‍‍‍ෙඳ් හානියට පත් ස්ථානයට අඟල් 6 ක් ඉහලින් සිදුරු 3 ක් විද (සමාන උසකින්) ඒවාට යෙදීම හා දින 3 කට පසු එම සිදුරු වසා දැමීම.

    පෙරමෝන උගුල් භාවිතය
    මෙහි රතු කුරුමිණියන් ආකර්ශනය වන රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන අතර එයට ආකර්ශනය වන කෘමීන් උගුලට හසුකර විනාශ කිරීම සිදු කරයි. අක්කරයකට උගුල් 2-3 ක් පමණ ප්‍රමාණවත් වන අතර උගුල් තැබිය යුත්තේ අනෙකුත් මර්ධන ක්‍රම සියල්ල යොදා අවසන් වූ පසුවය.
    48263985152-Rhynchophorus_ferrugineus_6.jpg

    පෙරමෝන උගුල් භාවිතය

    වැඩිදුර විස්තර
    පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල.
    031 – 22 55 350 / 031 – 22 55 048

    මූලාශ්‍ර
    පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ රතු කුරුමිණි හානිය අත් පත්‍රිකාව.
    Wikipedia
    ජායාරූප - අන්තර්ජාලයෙන්


    කළු කුරුමිණියා (Oryctes rhinoceros)
    මාතෘකාව : කළු කුරුමිණියා (Oryctes rhinoceros)
    කතුවරයා : Jayawardene M.P.G.T.D.
    යාවත්කාලීන දිනය : 16-04-2015
    කියවීම් : 36

    Oryctes rhinoceros යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළු කුරුමිණියා (Coconut Rhinoceros Beetle/Asiatic Rhinoceros Beetle) ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන පොල් පලිබෝධකයෙකි. කළු කුරුමිණි හානිය පොල් වගාවේ සෑම වයසකම ගස් වල දැකිය හැක.
    වසරකට වඩා අඩු වයසේ පොල් පැළ කළු කුරුමිණි හානිය නිසා මුලුමනින්ම විනාශ වී යා හැකි අතර ගොබයට හානි වීම හේතුවෙන් පීදිම ප්‍රමාද වීම හෝ වර්ධනය බාල වීමද සිදු වේ.

    කළු කුරුමිණියා හඳුනාගැනීම

    සුහුඹුල් කුරුමිණියා
    දිගින් මිලිමීටර 30-40 හා පළලින් මිලිමීටර 20 ක් පමණ වන කළු පැහැති කෘමියෙකි.
    හිසේ, පිටුපසට නෙරා ගිය අඟක් වැනි ව්‍යහුයකින් සමන්විතය.
    ශක්තිමත් මුඛ උපාංග දරන අතර පොල් ගසේ ගොබය හාරා ඇතුලට ගොස් අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ.
    වැඩුණු ගැහැණු කෘමීන් දිරා යන පොල් කඳන්, ගොම, කොහුබත් හා කුණු කසල වැනි ද්‍රව්‍ය මත බිත්තර දමයි.
    73102401803-Oryctes_rhinoceros_1.jpg

    සුහුඹුල් කුරුමිණියා

    කීටයා (පණුවා) හා පිලවා
    කීටයා “C” හැඩයකින් යුක්ත වන දිගින් මිලිමීටර 60 ක් පමණ වේ.
    දේහයේ ඉදිරි කොටසේ පාද යුගල් කිහිපයකින් යුතු වේ.
    අළු පැහැයට හුරු සුදු පැහැති වන අතර හිස ප්‍රදේශය වඩාත් තද පැහැතිය.
    7509184117-Oryctes_rhinoceros_2.jpg

    කීටයා (Larvae)

    පිලවුන්ද කීටයන් සිටින ස්ථාන වලම දක්නට ලැබේ.
    57177401288-Oryctes_rhinoceros_4.jpg

    පිලවා (Pupa)

    12663743040-Oryctes_rhinoceros_3.jpg

    බිත්තර

    හානියේ ලක්ෂණ
    පැළ හා වැඩුණු ගස් වල ගොබයේ හානියට පත් ප්‍රදේශයේ පටක ආහාරයට ගෙන ඉවතලන කොටස් (හප) දැකිය හැක.
    දරුණු ලෙස ගොබයට හානි වූ විට ගොක් අත්ත කඩා වැටීම.
    හානියට පත් ගොබයෙන් ඇතිවන අතු දිග හැරුනු විට ඒවා කතුරකින් කැපූ ආකාරයට දිස් වීම.
    කුඩා පැළ වලට හානි වූ විට ඒවා මැරී යාම හෝ වක් වූ / ඇඳවූ ගොබයක් ඇති වීම.
    67540574214-Oryctes_rhinoceros_5.jpg

    හානියට පත් පොල් ගසක්

    හානිය වලක්වාගැනීම
    පැල හා අනෙකුත් වගාවන් හොදින් පරික්ෂා කර පූර්ව ප්‍රතිකාර කිරීම.
    කළු කුරුමිණියන්ට බිත්තර දැමිය හැකි අපද්‍රව්‍ය ඉවත් කර වගා භූමිය පිරිසිදුව තබා ගැනීම.
    ගොබයට ආසන්න පිති වල කපුරු බෝල 2 බැඟින් කපුරු බෝල 06 ක් පමණ රදවා තැබීම.
    ගොබය වටා ඇති පිතිවල දැවිතෙල් ආලේප කිරීම.
    විවිධ රසායනික ද්‍රවය මගින් ගොබය කෑමට පැමිණෙන කෘමීන් විනාශ කර දැමීම.

    මර්ධනය
    ගොබය තුල සිටින කෘමීන් කම්බි කටුවකින් ඇන පිටතට ගැනීම.
    ගිනිමැල දැලිවීම : සුහුඹුලන් රාත්‍රී කාලයේ සංචරනය කරන බැවින් ඔවුන් ගිනිවැලයට ආකර්ශනය කර විනාශ කිරීම.
    කෘමිනාශක යෙදීම : කාබොපියුරාන් (කුරේටර් 3ජී පියුරඩෑන්) කෘමිනාශකය ගෙන (පැළයකට ග්රෑම් 15 / වැඩුනු පොල් ගසකට ග්රෑම් 30) ඊට සමාන ප්‍රමානයක් වැලි මිශ්‍ර කර පිති අතර තැබීම.
    දිලීර භාවිතය : ග්‍රීන් මුස්කාඩින් දිලීරය ආසාදනයෙන් කීටයන් මරණයට පත් වන අතර මෙම දිලීරය කුරුමිණියන් ස්වභාවිකව බිහිවන ස්ථාන වලට හෝ කෘතීමව සාදන වලවල් තුලට යෙදීම.
    පෙරමෝන උගුල් භාවිතය (අක්කර 5 ක් සඳහා එක් උගුලක්)

    වැඩිදුර විස්තර
    පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල.
    031 – 22 55 350 / 031 – 22 55 048

    මූලාශ්‍ර
    පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ කළු කුරුමිණි හානිය අත් පත්‍රිකාව.
    Wikipedia
    ජායාරූප - අන්තර්ජාලයෙන්
     
    • Like
    Reactions: hardrockloverz