උසාවි යන්න.. ෆොර්මල් යන්න. ලෝයර් කෙනෙක් කැම්ති නම් අල්ලන්න. නැත්නම් එපා. ට්‍රෆික් නඩු වලට ගාන 500යි දවසට
නඩුව කතා කලාම වැරැද්ද බාර ගන්න. වැරදිකරුද නිවැරදිකරුද අහනව. වැරදිකරු කියන්න. ඔලුව හොල්ලල බෑ.වැරදීකරු කියල කියන්නම ඕනෙ. ලෝයර් කෙනෙක් ඇල්ලුවොත් ඔයා වෙනුවෙන් එයා කතා කරනව. දඩය1500 ඉදන් 5000 වෙනකම්. ඔලුව නමන් පාඩුවෙ හිටියොත් 1500න් ශේප්. ට්‍රෆ්ෆික් නඩු උසවියෙ මුලින්ම අහනව.
දඩ නියම කලාම සමහර උසාවි වල ආයිත් රැදවුම් සෙල් එකට දානව. සමහර ඒවයෙ නෑ. ඒ නිසා තව කෙනෙක් එක්ක යන්න. ඊට පස්සෙ දඩය උසාවිය ඇතුලෙම මුදල් බාර ගන්න තැනට ගෙවන්න ඕනෙ. ඒකට වෙලා යනව. මොකද නඩු තීරණය ට්යිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. කීපයක් එකට එන්නෙ. ආවාම නම කතා කරනකම් ඉදල ගෙවල ඒ කුවිතාන්සිය සෙල් එක ලග ඉන්න අයට පෙන්නන්න ඕනෙ. එතකොට එලියට දානව. ලයිසන් එකත් එදාම ගන්න. හැබැයි ඒකට 12 පහුවෙනකම් ඉන්න වෙනව..