"......මගේ තාත්තා පොළවෙන් මතු වෙච්ච කෙනෙක්....."" ජනාධිපති තාත්තා ලියූ චතුරිකා සිරිසේන
-----------------------------
චතුරිකා.......,
දඹුල්ලෙන් හරවද්දී
අරලියා හාල් ලොරි කොළඹට
අපේ තාත්තා හිටියේ
කුඹුරේ
දිරපු වකුගඩුවෙන්
බේසමක් පුරවා බන්ඩි පෝර ඉහ ඉහා
මරණය කිරි වැදෙනකම්
පරාක්‍රමබාහුගේ
දිරපු බොල් පිළිමේ දිහා බලාගෙන
චතුරිකා.......,
ඔහේගේ තාත්තලා බාප්පලා මතුවෙද්දී
පොළවෙන් උඩට
වී ටිකයි ඡන්දෙයි සිල්ලරට ඇතෑරපු
අපේ තාත්තා හිටියේ
මහ පොළව යට
වකුගඩු නැතුවම
හතර රියන බදාගෙන
පෙට්ටියක් ගත්තෙත් හොඳට බලලා
තිබිච්ච අඩුම ගාණට
අප්පච්චිලා රජ වූ එදවස
මතකද......??
රෝහිත බේබිත් රොකට් යැව්වා අහසට
පොතක්
පොත් ලියන්නෙක්
චතුරිකා........,
ඒක වෙන්නැති උඹේ හීනේ
වෙන්න තරුවක්
බංකොලොත් නිල් අහසට
චතුරිකා.......,
තරු අපිට මොකටද.........??
මිනී මල්වත් පිපෙන්නැති නම්
නියඟෙට
තාත්තාගේ සොහොනට
බලාපං
පහත් කරලා කළු වීදුරු
යන ගමන් ඡන්දෙට පොළොන්නරුවට
වැඩ හින්දාම මැරිලා ගිය
තාත්තලාගේ
සොහොන් ඇති මහ ගොඩක්
කොතක් නැති
අලුත් සුදු බකට් විතරක් එල්ලෙන
ඉතිං චතුරිකා......,
ජනාධිපති තාත්තා මතු වෙද්දී
පොළවෙන් උඩට
අපේ තාත්තලා හිටියේ
පොළව යට හතර රියනක තනියම........
-----------------------------
චතුරිකා.......,
දඹුල්ලෙන් හරවද්දී
අරලියා හාල් ලොරි කොළඹට
අපේ තාත්තා හිටියේ
කුඹුරේ
දිරපු වකුගඩුවෙන්
බේසමක් පුරවා බන්ඩි පෝර ඉහ ඉහා
මරණය කිරි වැදෙනකම්
පරාක්‍රමබාහුගේ
දිරපු බොල් පිළිමේ දිහා බලාගෙන
චතුරිකා.......,
ඔහේගේ තාත්තලා බාප්පලා මතුවෙද්දී
පොළවෙන් උඩට
වී ටිකයි ඡන්දෙයි සිල්ලරට ඇතෑරපු
අපේ තාත්තා හිටියේ
මහ පොළව යට
වකුගඩු නැතුවම
හතර රියන බදාගෙන
පෙට්ටියක් ගත්තෙත් හොඳට බලලා
තිබිච්ච අඩුම ගාණට
අප්පච්චිලා රජ වූ එදවස
මතකද......??
රෝහිත බේබිත් රොකට් යැව්වා අහසට
පොතක්
පොත් ලියන්නෙක්
චතුරිකා........,
ඒක වෙන්නැති උඹේ හීනේ
වෙන්න තරුවක්
බංකොලොත් නිල් අහසට
චතුරිකා.......,
තරු අපිට මොකටද.........??
මිනී මල්වත් පිපෙන්නැති නම්
නියඟෙට
තාත්තාගේ සොහොනට
බලාපං
පහත් කරලා කළු වීදුරු
යන ගමන් ඡන්දෙට පොළොන්නරුවට
වැඩ හින්දාම මැරිලා ගිය
තාත්තලාගේ
සොහොන් ඇති මහ ගොඩක්
කොතක් නැති
අලුත් සුදු බකට් විතරක් එල්ලෙන
ඉතිං චතුරිකා......,
ජනාධිපති තාත්තා මතු වෙද්දී
පොළවෙන් උඩට
අපේ තාත්තලා හිටියේ
පොළව යට හතර රියනක තනියම........

