ලිංගික දර්ශන අඩංගු වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයේ පලකිරීමෙහිලා සුප්‍රසිද්ධම වෙබ් අඩවිය ලෙස සැලකිය හැකි Pornhub වෙබ් අඩවියට එරෙහිව දිගින් දිගටම එල්ලවෙන ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ චෝදනා හමුවේ එම වෙබ් අඩවිය පවත්වාගෙන යා නොහැකි තැනට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Japan Times පුවත්පත වාර්තා කරන ආකාරයට නීති සම්පාදකයන් Pornhub වෙබ් අඩවියේ ගිණුම් රඳවා තබාගැනීමට සහ එම අඩවිය වෙනුවෙන් සිදුකරන මුදල් ගෙවීම් අවහිර කිරීම සඳහා Visa සහ Mastercard සමාගම්වලට දැනුම්දී ඇති බවද සැලවේ. කැනඩාවේ සමාගමකට අයත් Pornhub වෙබ් අඩවිය එම ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන සහ එම ආදායම වෙබ් අඩවියට ලිංගික දර්ශන එක්කරන පරිශීලකයන් සමග බෙදාගන්නා වෙබ් අඩවියක් ලෙස සැලකේ.
මෙලෙස Pornhub වෙබ් අඩවියට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවීමට හේතුවූයේ නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් පුවත්පතේ මාධ්‍යවේදියෙක් වන නිකොල් ක්‍රිස්ටෝප් විසින් එම පුවත්පතට ලියන ලද දීර්ඝ ලිපියක් මගින් ඉතා කෲර අන්දමේ ළමා අපයෝජන සහ ස්ත්‍රී දුෂණයන්ට අදාල වීඩියෝ දර්ශන විවිධ පුද්ගලයන් දහස් ගණනක් විසින් අදාල වෙබ් අඩවියට එක්කිරීම ඉතා බරපතල තත්ත්වයක් බවත්, Pornhub වෙබ් අඩවිය එම වීඩියෝ මගින් මුදල් ඉපයීම මිස එවැනි අපරාධ වැලැක්වීමට කටයුතු නොකරන බවට අදාල ලිපියෙන් චෝදනා කර තිබිණී.
අදාල ලිපිය එම මාධ්‍යවේදියා විසින් කැනඩා අගමැතිවරයා වෙතද යොමුකිරීම හේතුවෙන් මෙය කැනඩාව තුල හදිසියේ මතුවුණු විරෝධය හේතුවෙන් කැනඩා රජයේ මූල්‍ය බලධාරිකාරිය විසින් Pornhub වෙබ් අඩවියේ Premium ගිණුම් සඳහා ලියාපදිංචිවන පරිශීලකයන් ඒ සඳහා ගාස්තු ගෙවන Visa සහ Mastercard ගෙවීම් අවහිර කිරිමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
අදාල මාධ්‍යවේදියා කැනඩා රජයෙන් විමසා ඇත්තේ කාන්තාවන්ගේ ලිංගික දර්ශන අඩංගු වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව Pornhub වෙබ් අඩවියේ පලකිරීම නිසා සියදිවි නිසාගැනීම් හේතුවෙන් ජීවිත ගණනාවක් අහිමිවීම කෙසේ සාධාරණීකරණය කරන්නේද යනුවෙන්ය. ඒ නිසා කැනඩාව තුල මෙවැනි ලිංගික හිංසනයන්ට තුඩුදෙන වෙබ් අඩවියක් පවත්වාගෙන යැමීට ඉඩදීම තුලින් ලෝකයට සිදුවන හානිය ගැන අවබෝධයක් නොමැතිද යන්න ප්‍රශ්නකර තිබේ.
මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවුණු කැනඩාවේ නීති විශාරදයින් 20 දෙනෙක් පමණ කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත්කලේ වහාම ක්‍රියාත්මකවන පරිදි Pornhub වෙබ් අඩවියට සහ එහි මව් සමාගම වන MindGeek නැමති සමාගමට එරෙහිව නීතිමය පියවරගන්නා ලෙසට ය.
එසේම සමාජ වෙබ් අඩවිතුලද Pornhub වෙබ් අඩවියට එරෙහිව මේ සමගම ඇරඹුණු විරෝධතාවය අත්සන් මිලියන දෙකකින් යුතු පෙත්සමක් කැනඩා රජයට යොමුකලේ Pornhub වෙබ් අඩවිය වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දමන ලෙසය. එම විරෝධතාවයට ප්‍රතිචාරයක් ලෙස කැනඩා රජය විසින් අදාල වෙබ් අඩවිය වෙත මුදල් ගෙවිය හැකි මාර්ග අවහිර කර තිබේ.
වසරකට Pornhub වෙබ් අඩවියට නව වීඩියෝ මිලියන 6.8කට ආසන්න ප්‍රමාණයක් එකතුවන බවත් ඒ අතරින් විශාල ප්‍රමාණයක් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවලදී අතවර කිරීම, බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම, කුඩා ළමුන් ලිංගික කටයුතු සඳහා යොදාගැනීම, දරුණු වදහිංසා සිදුකිරිීම වැනි වීඩියෝද අඩංගුවීම තුලින් එය බරපතල අපරාධ ගණයට වැටෙන සිදුවීම්වලට සමාජ ප්‍රසිද්ධියක් ලබාදීමක් වැනි බව මෙම වෙබ් අඩවියට විරෝධය දක්වන පාර්ශවවල අදහසයි.
මෙම වෙබ් අඩවියේ වීඩියෝ සහ ඡායාරූප පරිශීලකයන්ට භාගතකිරීම සහ නැවත පලකිරීමට හැකිවීම මත කාන්තාවන් හෝ දරුවන් අපයෝජනයට සහ හිංසනයට ලක්වන අවස්ථා ලොව පුරා ප්‍රචාරණය කිරීමට මෙම වෙබ් අඩවිය දායක වන බවට නිකොල් දැඩිසේ චෝදනා කර සිටියි.
Pornhub වෙබ් අඩවියේ මූල්‍ය කටයුතු වාරණය සමග අදාල මව්සමාගම වන MindGeek සමාගම ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් ඉදිරියේදී වෙබ් අඩවියට Unverified Users ලා එක්කරගැනීම නතර කරන බවත්, වීඩියෝ භාගතකිරීමට ඇති හැකියාව නවත්වා දමන බවටත්, එසේම නව වීඩියෝ එක්කිරීමේදී ඒවා දැඩිලෙස අධීක්ෂණය කරන බවත් ය. ඒ නිසා වෙබ් අඩවියේ මූල්‍ය අවහිරකිරීම් ඉවත්කර දෙන ලෙස ද ඉල්ලා ඇත. මෙම වෙබ් අඩවියේ ලිංගික දර්ශන අඩංගු වීඩියෝ පලකිරීම ජීවිකාව කරගත් ලොවපුරා මෝස්තර නිරූපිකාවන් සහ නිළියන් විශාල ප්‍රමාණයක් සිටින නිසා ඔවුන්ගේ ජීවිකාවට Pornhub වෙබ් අඩවියේ මූල්‍ය මාර්ග අවහිරකිරීම නිසා බරපතල ගැටළුවක් වනු ඇති බවය.
කැනඩාව තුල ක්‍රියාත්මකවන නමුත් ලක්සම්බර්ග් හි ලියාපදිංචි කර ඇති Pornhub වෙබ් අඩවියට වසරකට බිලියන 42ක් පමණ පරිශීලකයන් ඇතුලුවීම සිදුවේ. Alexa ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සියලුම වෙබ් අඩවි අතර 57 වැනි ස්ථානයේ පසුවන Pornhub වෙබ් අඩවිය ලංකාව තුල ජනප්‍රියම වෙබ් අඩවි අතර 21 වැනි ස්ථානයේ පසුවේ.
උපුටා ගැනිම - her.lk වෙබ් අඩවියෙන්

mun ewa balala thiyenawa e kiyanne