port city යට නඩු

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගොනු කළ පැමිණිල්ලට අදාළ වග උත්තරකාර පාර්ශ්ව සඳහා සිතාසි නිකුත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.


මෙම ව්‍යාපෘතියෙන් මානව හා පාරිසරික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා වරාය අධිකාරියට එරෙහිව පරිසර හා සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය 23 දින HRC/641/15 යන පැමිණිලි අංකය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් කළ යුතු බැවින් අදාළ ආයතනවලින් වාර්තාවක් කැඳවීම සිදු නොකර ලබන සතිය ඇතුළතදී අදාළ ආයතන තුනට සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.