POS System එකක් මාසිකව රු.500 කට

BAASU

Junior member
  • Aug 19, 2020
    32
    70
    18
    මං පොඩි online business එකක් පටන් ගත්තා. ඔයාට කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ බිස්නස් එකක් තියෙනවා නං, ඒකෙ INVOICE දාගන්න, STOCK & PAYMENT කරගන්න බැලන්ස් කරගන්න වගේ දේවල් වලට හොඳ software එකක් මම host කරලා Monthly Payment එකකට දෙනවා.

    ඕනෑම කොමිනිකේෂන් එකකට, hardware shop වලට, spare parts කඩවලට, mobile phone shop වලට, සපත්තු කඩ වලට වගේ බඩු විකුණන ඕනම කඩයකට, & Wholesale කරන අයට distribution කරන අයට, Agency කරන අයට පාවිච්චි කරන්න පුළුවන්.

    මේකෙ Barcodes පවා තියෙනවා. එතකොට මේකේ Warranty track කරන්න පුළුවන්.

    මේක අර ගොඩක් ඒවා වගේ බාල එකක් නෙවෙයි හොඳ quality software එකක්

    මේ ලින්ක් එකට ගිහින් Trial එකක් අරන් බලන්න.

    Click here




     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් වෙබ්සයිට් කාලා ඉවරයි...මේකටත් ගේම දෙන්න වගේ හදන්නේ කට්ටිය...

    ඉස්සරහට මාසෙට රු. 100ට බලාපොරොත්තු වන්න...:lol:
    සිරාබන් . ගූ හිඟන්නෝ ටිකක් ඉන්ඩස්ට්‍රිය කනවා. සොෆ්ට්වෙයාර් කෑල්ලක් රුපියල් පනහයි කියලා බස්වලත් විකුනයි
     
    • Like
    Reactions: cyberlasi and D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    දැන් වෙබ්සයිට් කාලා ඉවරයි...මේකටත් ගේම දෙන්න වගේ හදන්නේ කට්ටිය...

    ඉස්සරහට මාසෙට රු. 100ට බලාපොරොත්තු වන්න...:lol:
    sira kathava,
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාබන් . ගූ හිඟන්නෝ ටිකක් ඉන්ඩස්ට්‍රිය කනවා. සොෆ්ට්වෙයාර් කෑල්ලක් රුපියල් පනහයි කියලා බස්වලත් විකුනයි

    ඔව් ලංකාවේ ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නැහැ බන්...හැම එකම කනවා..මම POS කරන්නේ නැහැ...එත් මන් දන්නවා ඕව හරියට කරන උන්ට තියෙන අමාරුව ඕවා කරන්න...වෙබ්සයිට්ස් කෑවා තියාගෙන...දැන් ඒ මදිවට මේ වගේ සොෆ්ට්වෙයා වලටත් කෙලින්න හදන්නේ...

    මේවා කරන එක මට කිසි අවුලක් නැහැ...කරන එක හොදයි...

    එත් අවුල මේකයි...වෙබ්සයිට්ස් වලට වෙච්ච දේ බලපන්...ඉස්සර වෙබ්සයිට් එකක් ගහනකොට සාමානයෙන් 5-6 දෙනෙක්වත් වැඩ කරා...එකෙක් UI වලට, තව එකෙක් ඒ PSD කන්වර්ට් කරන්න, තව ටෙස්ට් කරන්න අරවට මේවාට කියල...ඒ නිසා ඒවා හෙන කොලිටි සහ ලස්සනයි මොකද ඒ ඒ දේවල් කරන්නේ ඒවාට specialize වෙච්ච උන් නිසා..

    දැන් මොකක්ද වෙන්නේ බලපන්..දැන් මොන ඩිසයින් එකක්වත් නැහැ..ටෙම්ප්ලේට් එකක් කොහෙන් හරි උස්සනවා..එහෙම නැත්තම් නල් කරපු වර්ඩ්ප්‍රෙස් තීම් එකක් ඔය ෆයිල් ෂෙයාරින් සයිට් වලින් අරන් අරන් වර්ඩ්ප්‍රෙස් දාල බාගෙට කන්ටෙන්ට් දාල, කස්ටමර් එක්කත් ඇරගෙන තමයි දෙන්නේ..තනියෙන් කරන නිසා කොලිටි එකකුත් නෑ..නල්ඩ් තීම්ස් නිසා හැක් වෙනවා..කොලිටි එකකුත් නැහැ...මූ ඉතින් ගන්නෙත් රු. 5000ක් වගේනේ..ඊට පස්සේ කස්ටමර්ට වෙබ්සයිට් එපා වෙනවා...අපෝ මහා ජරාවලනේ ඕව කියල හැම එකටම බනිනවා..5000ට දීල දැන් අර වගේ කොලිටි එකට කරන එකෙක්ට තිස් හතලිස් දාහක් වත් ඉල්ලන්නත් බැහැ මහන්සියට හරියන්න..අන්තිමේ මූටත් නැහැ, කරන එකාටත් නැහැ...

    දැන් මේවටත් කරන්නේ ඕකමයි මුන්...

    මෙහෙම නිකන් ආවට ගියාට සිස්ටම් කියල ගහල මාසෙට තුට්ටු දෙකට පාවිච්චි කරන්න කියල දීල අන්තිමේ කස්ටමර් අරන් පාවිච්චි කරලා බලනකොට බග්ස්, security ප්‍රශ්න...ඌගේ ඩේටා ලීක් වෙලා, පාස්වර්ඩ් ලීක් වෙලා...බිස්නස් හිකවිලා..අන්තිමේ ඌ ඔය වගේ කිසිම ප්‍රඩක්ට් එකක් සල්ලි දීල ගන්න කැමති වෙන්නේ නැහැ...අඩුවට අරන් පුරුදු වෙලා අන්තිමේ ගානක් ගෙවල ගන්න එකත් නැති වෙනවා...ඔය වගේ එකක් කරන්න කොච්චර දේවල් කරන්න ඕනෙද...ටෙස්ට් කරලා, documentation කරල, සපෝර්ට් ස්ටාෆ් එකක් දාල, එහෙම නේ කරන්නේ...අන්තිමේ මේවා අරන් කස්ටමර කතා කරනකොට මුන් සයිටුත් ගලවන් ගිහාම උන් ආයේ මලාට ඔය වගේ ක්ලවුඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ..මේක දැක්කම ඒ මදිවට තව ටික දවසකින් පොඩි සයිට් කටුවක් අටවාගෙන රු. 50ට දෙන උනුත් කරන්න ගනී...සොරි තමයි...ලොල්

    පොල් රොටියි ඌරු මසුයි වගේ තමයි...හැමෝම කරාට එකම කොලිටිය නැහැ...අන්තිමේ කාල බඩේ අමාරුවක් හැදුනොත් ආයේ ටාජ් සමුද්‍ර එකේ හදල ගෙනල්ල පාරේ වාහනේක තියන් විකුණුවත් ගන්නේ නැහැ...දෙකම එක වගේනේ පෙනුමට..
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රුපියල් 500 පිස්සුද මුට.
    ෆීල්ඩ් එක කන්නද හදන්නේ.
    අපි මාසෙට 26000 ගෙවනවා එක ලෝකෂන් එකකට.

    .
     
    • Like
    Reactions: D_Mad