~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න ...
...
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න...

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්.....
වෙන අයෙක්‌ කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්.....
සිහිනයක්‌ ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්.....
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සරත් සඳේ රැයට මුදු සුවඳ දර ගන්න
හිතවත් පෙම් කථාවක් සුළගට මුමුණන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැගුම් විහගුන් තුරුල් වෙතී
...සිත්ම් සියොතුන් ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගිම්හානෙ ගිනිදැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම් දරගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්......//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ සුන්දර රාත්‍රියට.... තරු එළියට හඳපානට
මේ තරම්ම පෙම්කරන්න ......කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි .......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑට රෑට තරු පිපුනා ...අහසේ යායට
සඳ ඇවිදින් තිලක තියා...සරසා නළලත
නුඹ ලැබෙන තුරා...ඒ කිසිවක්‌ නොහැඟූන හදකට
දුක දරන්න බැහැ ...සත්තයි සිත එපා තලන්නට ........
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සුවඳ රැඳි සුළන් කැරැල්ලක...දැවටෙන්නට ආසයි......
ඔබෙ අතිනත ගෙන ඔබට තුරුළු වී...ඇවිදින්නට ආසයි......
ඔබ අන් සතු යයි කිසිම විටෙක මා...නොසිතන්නට ආසයි....
කවදා යළි අප එක්‌වෙන්නේදැයි...දැනගන්නට ආසයි.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුසුම්ලා දිවා රෑ වෙලී හුදෙකලවේ.....එපා වී සියල්ලෙන් පලා ආ වෙලාවේ....
තුෂාරෙන් උදාවූ සඳක්‌ සේ නිෂාවේ.......ඔබයි නෙත් සැදූවේ.....හේමන්තයේදී....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පිනි බිඳකින් මුතු අමුනමි.....දිනිසුරුගෙන් සීතල දෙමි..... කටු තුදු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ජීවිතේ හරි සුන්දරයි...ආදරය එහි මල් මිටයි...ඉන්නවානම් මා ලඟින්...කොයි තරම් නම් සොඳුරුද මිහිරේ......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කිසි දෙයක් ඉල්ලලා පුරුදු නැති නිසාදො
ලැබෙන දේ හිත තුටින් බාරගත් නිසාදො
ඉරනමෙන් මට ලැබුනු මේ සෙනෙහේ වියොවත්
බාරගෙන හිස් අතින් සමුගනිමි ඔබේ ලොවෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහිමි බව මට ඔය සෙනේ
දැනුනු හින්දා බොහො තදින්
ලියු කුලුදුල් ප්‍රේම ගීතය
මමම කටුගා මකන්නම්
දුටුව කුලුදුල් ප්‍රේම සිහිනය
...බොදව යන්නට හරින්නම්
හද නිදන්කල ඔබෙ මතකය
සමග ජීවිතේ ගෙවන්නම්
ඔබට පිදු ඒ ප්‍රතම ප්‍රේමය
තබාගෙන මා මියෙන්නම්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හමුවුනත් ඔබ මා...
හමායන සුළගක් විලසින....
ඇමතුවත් දිනෙන් දින...
දනිමු හිමි නොවන වග...
කිසිදිනක අපි අපිට...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිලි සිලියේ හමනා සුලඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහෙ මහ මෙරයි
අමාවකේ දුක දුරලන දහසක්‌ තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වන ලෝකය මගෙමයි මටමයි .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ....//
මිදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා.......//