postinor 2 (18+)

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    2016-05-17-08.16-1.jpg


    ගේම ගහල හිටිනවට ‍කෙල්ලට දෙන පොස්ටිනොර් 2 ගැන ඇත්ත දැනගමු


    පොස්ටිනෝර් 2 පෙති
    පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි.

    මේ පෙතිත් සාමාන්‍ය උපත් පාලනයට භාවිතා කරන ‘මිතුරි’ වගේ පෙති වගේම හෝර්මෝන පෙති තමයි.ඒත් සාමාන්‍ය පෙත්තකට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් මේ ECPවල තිබෙනවා. ඒ වගේම සක්‍රිය භාවයත් වැඩියි. ඒ නිසා මේවා නිතර නිතර ගැනීම කොහෙත්ම නොකළ යුතු දෙයක්.

    පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට මේවා වෙළෙඳපොළෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.

    හරියට පෙති ගත්තොත් කළලයක් ඇතිවීමේ සම්භාවිතාව 90%කින් පමණ අඩු කරගන්න පුළුවන්.

    ක්‍රියා කරන්නේ මෙහෙමයි
    පොස්ටිනෝර් 2 කියන්නේ හෝර්මෝන පෙති වර්ගයක් කියල කලින් කිව්වනේ. මේවගේ අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය. හැබැයි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ නම් තියෙනවා.

    මේ පෙති ගත්තම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අර කිව්ව හෝර්මෝන ඇඟට ඇතුළු වෙලා ඩිම්බ මුදා හරින එක ප්‍රමාද කරවනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දමනවා. සරලව කිව්වොත් ශුක්‍රාණුයි ඩිම්බයි එකිනෙකට මුණ ගැසීමේ හැකියාව අඩු කරලා දානවා.

    භාවිත නොකළ යුතු අවස්ථා
    එහෙම විශේෂ අවස්ථාවන් නැහැ. ඒත් කිරි දෙන අම්මා කෙනෙක් මේවා භාවිතයට ගන්නවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම නුවණට හුරුයි.

    වමනය යාම
    සමහරුන්ට පලවෙනි පෙත්ත අරන් පැය දෙක තුනකට පස්සේ වමනය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට කලබල නොවී ආයෙත් පෙති ගැනීමයි කරන්න ඕන. වමනය යාම අඩු කරන්න කිරි බොන්න පුළුවන්. ඕන නම් පෙති දෙකට එක පාර ගත්තත් වරදක් නැහැ

    අතුරු ආබාධ
    ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හිස රදය සහ පියයුරුවල ඇතිවන වේදනාව වගේ තත්වයන් කිහිපයක් මේ පෙති ගත්තාට පසු ඇති වන්නට පුළුවන්.

    මිත්‍යා මත
    සමහරු අතර මතයක් තියෙනවා මේ පෙති ගැනීමෙන් ගබ්සා වීමක් සිදුවනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ගබ්සාවක් කියන්නේ ඇති වෙලා තියෙන කළලයක් විනාශ කිරීම. නමුත් මේ පෙතිවලින් වෙන්නේ කලින් කිව්වා වගේ කළලයක් ඇති වීම වැලැක්වීමයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Mithuri eken wenneth me demada machan,ethakota meka buwa kyla me de 100% sarthaka na neda.babek hadendath puluwn neda ? :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    පොස්ටිනෝර් 1 එක වැඩ කරන්නේ කොහොමද එතකොට? එකේ 1 පෙත්තයි ද එන්නේ? :sorry:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    පොස්ටිනෝර් 1 එක වැඩ කරන්නේ කොහොමද එතකොට? එකේ 1 පෙත්තයි ද එන්නේ? :sorry:

    ඔව් එකේ තියෙන්නේ එක පෙත්තයි
    Postinor 2 එකේ Levonorgestrel 0.75 mg tablets 2ක් තියෙන්නේ
    postinor 1 එකේ Levonorgestrel 1.5 mg එක tablet එකක් තියෙන්නේ
    එකම dose එක
    පැය 72ක් ඇතුලත ගන්ඩ තියෙන්නේ
    අරක වගේම තමා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ගබ්සානං කරන්ඩ හිතන්ඩවත් එපා මචංල..
    මහ අපරාධ ඒව..
    postinor හැර වෙන කිසිම නීති විරෝධී පෙත්තක් බොන්ඩ යන්ඩ එපා
    පව් වැඩ...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ගබ්සානං කරන්ඩ හිතන්ඩවත් එපා මචංල..
    මහ අපරාධ ඒව..
    postinor හැර වෙන කිසිම නීති විරෝධී පෙත්තක් බොන්ඩ යන්ඩ එපා
    පව් වැඩ...

    masekata sarayak dinga dinga wenawa kiyala hitha mu ko.. etha kota ganna safe ma peththa mokadda.. plan b kiyala peththakuth thiyanawa ne,protinor sara wadi kiyala ahala thiyanwa..