ඉතිහාසගත පවර්බෝල් දිනුම ඩොලර් බිලියන 1.5යි
ඇමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ජයග්‍රහණය කිරීමට දැනට එරට වැසියෙන් තිදෙනෙකු සමත්වී ඇතැයි වාර්තා වේ.
පවර්බෝල් නමින් හඳුන්වනු ලබන එම ලොතරැයියෙහි දැනට හඳුනාගෙන ඇති ජයග්‍රාහී ලොතරැයි පත් 3 ලොස් ඇන්ජලීස්, ෆ්ලොරිඩා සහ ටෙනසී යන ප්‍රදේශය් වල පිහිටි වෙළඳ සැළ් වලින් විකිණී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ජයග්‍රාහී මුදල ලබාගැනීම සඳහා එහි එන අංක 6ම ගැළපිය යුතු වන අතර මෙවර අලෙවි වූ ලොතරැයියේ ජයග්‍රාහී අංක 4, 8, 19, 27, 34, PB 10 වේ.
ජයග්‍රාහකයින්ට අදාළ මුදල කොටස් වශයෙන් වාර්ෂිකව වසර 29ක් පුරා ලබා ගත හැකි අතර එසේත් නොමැති නම් එක්වර ඇමෙරිකානු ඩොලර් මිලියන 930ක මුදලක් ලබාගත හැක.
අදාළ මුදලින් 39.6%ක් ආදායම් බදු ලෙස සහ අදාළ පුද්ගලයා වෙසෙන ප්‍රාන්ත විසින් අය කරන බද්දක්ද ජයග්‍රාහකයින්ට ගෙවීමට සිදුවේ.
එම ලොතරැයිය එරට ප‍්‍රාන්ත 44ක අලෙවි වන අතර එක් ලොතරැයියක මිල ඩොලර් දෙකකි.





