PRAY FOR ELEPHANTS ~ NTIONAL GEOGRAPHIC

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    One Country Will Destroy Its Ivory—and Pray for Elephants

    01-ivory-sri-lanka.adapt.1190.1.jpg


    - National geographic



    national_geographic_139406.jpg
    READ FULL


    ඇත් දළ විනාශ කළ 'පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව'




    ශ්‍රී ලංකා රේගුව භාරයේ වසර තුනකට අධික කාලයක් පැවති ඇත් දළ 359 ක තොගයක් අද කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කර දැමීම සිදු විය.


    රුපියල් මිලියන 400ක් පමණ වටිනා මෙම ඇත් දළ තොගය 2012 මැයි මස 12 වැනිදා කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    කිලෝග්‍රෑම් 1500 ක් පමණ බරින් යුතු මෙම ඇත් දළ තොගය විනාශ කිරීම අරම්භ වුයේ එම දළ ලබා ගැනීමට මරා දැමුණු සතුන්ට පින් අනුමෝදන් කිරීම සදහා සර්වාගමික නායකයන් පැවැත්වූ ආගමික වතාවන් වලින් අනතුරුවයි.

    මෙම අවස්‌ථාව නිරීක්ෂණය සදහා වඳ වී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ ලේකම් ජෝන් ස්‌කැන්ලොන්ද සහභාගි වී සිටි අතර බීබීසීයටඅදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙලෙස ඇත් දළ විනාශ කල පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවයි.

    පන්සල්වලට

    ඇතුන් මරා කල මෙම අපරාධයට වටිනාකමක් ලබා නොදීමට මෙලෙස මෙම ඇත් දළ තොගය විනාශ කිරීමට රජය තීරණය කල බවයි මෙම අවස්ථාවට එක්ව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ.

    "සමහර අය බලාපොරොත්තු වුනා මේක පන්සල්වලට බෙදා දෙයි කියල, හැබැයි රජය තීරණය කළා මේකට තියෙන ඒ සමාජීය වටිනාකම නැති කරලා, මේ සම්බන්ධයෙන් පුණ්‍ය කටයුත්තක් කරලා ඒ අපරාධයට වටිනාකමක් නොදෙන්න"

    කෙන්යාවේ සිට ඩුබායි බලා යන නැවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලැබුණු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව රේගු අධ්‍යක්ෂ උදයනාත් ලියනගේ බීබීසීයට පැවසුවේය.

    "නිවාඩු දවසක මේ නැව ආවේ, පුද්ගලික ඊමේල් පණිවිඩයක් හරහායි ඔත්තුව ලැබුණේ, ඒ අනුව අපි එය අත්අඩංගුවට ගෙන රාජසන්තක කළා"

    සමුහ ඝාතනය

    ඉතා කුඩා ඇත් පැටවුන්ගේ පවා දළ මෙම තොගයේ ඇති බවයි ඔහු පැවසුවේ.

    " මේ ඇතුන් සමුහ ඝාතනය කරලා තමයි ඔවුන් මේ දළ ගන්නේ, ඒ නිසා මේවා වස්තුවක් නෙවෙයි"

    පන්සල් සදහා මේවා බෙදා දීමට පසුගිය රජය උත්සාහ කළා නේදැයි විමසුවිට රේගු අධ්‍යක්ෂවරයා එය ප්‍රතික්ෂේප නොකට ප්‍රකාශ කලේ ඇතැම් අය ඇත් දළ වස්තුවක් හේතුවෙන් එයින් ප්‍රයෝජයක් ගත යුතුය යන මතයේ සිටි බවයි.

    " ඇත් දළ වස්තුවක් කියල මිනිස්සුන්ගේ අවුරුදු දාස් ගාණක් හිතේ තියෙනවා, හැබැයි ඒ තමන් ගාව ඉන්න පන්සල් වල ඉන්න ඇතුන් ස්වභාවිකව මැරුණම ගන්න දළ, එකේ වටිනාකම් තියෙනවා, මේ ඇතුන් එහෙම නැහැ, දැන් වුනත් ඔබට දැක ගන්න පුළුවන් ලේ ගැවිලා තියෙනවා"

    මෙම සංවිධානාත්මක අපරාධයට සම්බන්ධ වැරදිකරුවන් සොයාගැනීමට ජාත්‍යන්තර පොලිසියට නොහැකි වූ බවද රේගු අධ්‍යක්ෂ උදයනාත් ලියනගේ පැවසුවේය.

    -- BBC
     
    Last edited: