මෙහෙමයි තනිකඩ ජීවිතෙයි පවුල් ජීවිතෙයි හාත්පසින්ම වෙනස්..
ඒකට හුරුවෙන්න ලේසි නැහැ, ඕනම බැදපු කෙනෙකුට කාලයක් යද්දි හිතෙනවා
තනියෙන් හිටිය නම් හොදයි කියලා..
අවුරුදු කීයක් ආශ්‍රය කරලා බැන්දත් එකට ජීවත් වෙන්න ගියාම තමයි
වෙනස්කම්, නොගැලපීම් පේන්න ගන්නේ..
බදිනවනම් ඉවසීම අත්‍යවශයයි, අනික තමං අකමැති දේවල් කරන්න වෙනවා..
තමන්ගේ ඩේලි රූටින් පවා වෙනස් කරගන්න වෙනවා,
ගොඩක් දෙවල් තමන්ගේ තනි තීරනයට කරනන් බැරි වෙනවා..
ඕවා විතරක් නෙමෙයි තව තියෙනවා ඉතිං, කොහොම උනත් මම ඇතුලුව හැමෝම කසාද බදිනවනේ..
ඒක අවශ්‍යතාවයකට කරනවට වඩා සිරිතක් විදියටයි ගොඩක් අය කරන්නේ,
සමහරු සෙක්ස් නිසා, සමහරු පරම්පරාව පවත්වගෙන යන්න, සමහරු ගෙදර බලකිරීමට,
සමහරු වයසට ගියාම වතුර උගුරක් දෙන්න කවුරුත් නැතිවෙයි කියලා හිතලා,
ලංකාවෙ නම් බදින්නේ නැතුව හිටියොත් සමලිංගික කියලා හිතන ගොබ්බයො ඉන්න නිසා,
බදිනවා, ඒත් ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ..
ඉවසන්න පුළුවන් නම්, තේරුම්ගන්න පුළුවන් නම්, එකට මැරෙනකම් ඉන්න පුළුවන්,
දෙන්නගෙම මේ දේවල් තිබීම අත්‍යාවශ්‍යයි..