දෑතින් බදා නුඹ හෙවා මා ළය මත……………..ජීවයදුනෙමි ඉකුත්දවසක……..
අරපේන හඳ යටම
ඉක්බිතිව
ජීවයේමුල්යවා
වැලඳ ගත් කල තදින්
පෙම නම් මේයයි
සිතුවෙමි නුඹෙන් ලද සෙවෙණිය
මලින් මා වැසූ කල
සිනාසුනා මම…………….
ළපත් සුළඟට නොදී
දරාගත්තා මම……
.බොල් කඳුලු පිණි නුඹේ ගත සරසනාකල්හි
නුඹතෙමෙන තුහිනකැට ඉල්ලා ගතිමි මම…………….
උදුරමින් හදවතම
පලායන නියාවෙන්
නුඹෙ හද කලඹන වැව්තලය මතටම!
තුරුලුවිය නුඹ…………….
අතැර මා පියබඳ
මේ හඳ යටම………….
පෙම නම් සරාසඳ කමැයි
අඳුරකටතනිරකින
පලා නොයනා නමුදු අමාවක දිනක් එන
උඳුලසඳමඩලින්
පලම්භිතව වැව්තලය
තෙමන /ළි සිසිල නම් නුඹට
මා; දරා සිටිනම්………………
වැව්තලය සිපගන්න මල්කෙමිඳු අවැසිනම්
තවමජීවයදෙමින් මා
අත නොහැර නුඹව
මල්කැකුලු දෙවන්නම්………………..
මියෙන්නටනොදී නුඹ
බොල් කඳුලු ගෙන අහසම හැඩුව
නුඹේ මුව දොවන්නම්……………….
වැව්තලය මත වෙළන නුඹේ මුදු අතුපතර
නුඹේ *ෙපම් මඩල නම්
හැමදාම වගේ මම
නිහඩවම ඉඳින්නම්…………

