හායි යාලුවනේ මගේ නම toyota premio. මම ඉපදුනේ ජපානෙ. 2018 මාව ඉපදුන ගමන් මාව ජපානයේ අංකල් කෙනෙක් මිලදී ගත්තා. ඒ අංකල් ටික කාලයක් මාව පාවිච්චි කරා. සතිඅන්තේ දුර ගමන් බිමන් ගියා. දවසක් ගමනක් යද්දී අපිව ගංවතුරට අහුවුනා. මාව හොදටම තෙමිල තැලිලා පොඩිවෙලා විනාශ වුනා. අංකල් ට මාව එපාවුනා. මම වගේ තැලිච්ච වාහනයක් තවදුරටත් තියාගෙන ඉන්න අංකල් ට කිසිම උවමනාවක් තිබුනෙ නෑ . අංකල් මාව විකුනන්න තීරණය කලා.
මාව ඊලගට මිලදී ගත්තේ ශ්‍රී ලංකාව කියල රටකින් ආපු අයියා කෙනෙක් . ඒ අයියා මාව අරගෙන ගිහින් මට බෙහෙත් කලා. ඒත් ඒ බෙහෙත් මාව හදපු වඩපු ටොයෝටා ගෙදර බෙහෙත් තරම් මට සෙට් උනේ නෑ . ඒ සාත්තුවත් මට ටොයෝටා ගෙදර තරම් හොදට ලැබුනේ නෑ . අන්තිමට මට මාව පෙනුනේ හොදට මේකප් කරපු ලෙඩ මනමාලියෙක් වගේ. මට මම ගැනම කලකිරුනා. ඒත් මට මේ ලන්කාවෙ අයියා මෙහෙම කරන්නෙ ඇයි කියල තාමත් තේරුනේ නෑ . මොනව උනත් මට ජපන් අංකල් ගේ ජීවන සුවද අමතක වෙන්නෙ නෑ . ඩ්‍රයිවින් සීට් එකෙන් ඒ ජීවන සුවද තාමත් හමනවා. ගංවතුරට අහුවෙලා ආයේ සීට් සේදුවත් ඒ සුවද ගියේ නෑ .
ටික දවසකින් මාව නැවට දැම්මා. මට මොන මොනවදෝ සහතික වගේකුත් දුන්නා. මම ගියපු නැව ඔහේ පාවෙලා ගියා. එහෙම ගිහින් මම ලංකාව කියන අරුම පුදුම රටට ගොඩබැස්සා.
අම්මො ඒ රටේ තියෙන සැලකිලි. එහේදි මාව කාර් සේල් අයියා කෙනෙක් බාරගත්තා. මාව ගිහින් ටකරන් මඩුවක නැවැත්තුවා. මඩුව නම් ටිකක් රස්නෙයි . ඒත් හැමදාම උදේට සේල් අයියා ගේ ගෝලයා මාව සෝදල පිහිදනවා. මොකක්ද ගන්දස්සාර එයාර් ෆ්‍රෙශ්නර් එකකුත් ගහනවා. ඒකට නම් මම කැමති නෑ . මොකද මම කැමති ජපන් අංකල් ගේ ජීවන සුවද මතක් කරකර විදින්න.
හැමදාම මාව බලන්න පවුල් පිටින් එනවා. පොඩි ලමයි , කාන්තාවෝ මගේ සීට් උඩ වාඩිවෙලා මගේ ලස්සන , සුවපහසුව වර්නනා කරනවා. සමහරවිට ලන්කාවෙ අය මීට කලින් අපි වගේ කාර් දැකල නැතුව ඇති. ඒත් සේල් එකේ අයියා මට ලොකු මිලක් නියම කරපු නිසා ගොඩක් අය මාව ගන්න බැරිව හූල්ල හූල්ල ගියා. මෙහෙම ගියොත් හැමදාමත් මේ ටකරම් මඩුවෙම මට ඉන්න වේවි කියල මට බයකුත් හිතුනා.
නමුත් මගේ වාසනවන්ත දවස ආවා. හාවෙක් වගේ පෙනුම තිබුනු අයියා කෙනෙක් මාව බලන්න ආවා. මාව වැඩිය පරීක්ෂා කලෙත් නෑ . සේල් අයියා කියපු ගාන දීලා මාව ගත්තා.
මම ඒ ටකරම් මඩුවෙන් පිටත් වෙලා තට්ටු දෙකෙ ටයිල් කරපු ගෙදරකට ගියා.
මගේ අලුත් අයියා හොදයි . ඒත් එයාගෙ ජීවන සුවද ජපන් අංකල් ගේ තරම් සුවදවත් නෑ . මාස 6ක් විතර මාව හොදට සර්විස් කරල එහෙම පාවිච්චි කලා.
නමුත් දවසක් හරිම අවාසනාවන්ත සිද්ධියක් උනා. අයියා බීලා ගිහින් මාව තඩි ලොරියක ගැහුවා . අයියා බේරුනා මගේ එයර්බෑග් නිසා . මගේ මූනම චප්ප උනා. මට හොදටම ඌයියා උනා.
පස්සෙ මාව ලන්කාවෙ වෙදමහත්තයෙක් ලගට එක්ක ගියා. මගේ චප්ප මූන කැපුවා. මට අලුත් මූනක් ගෙනත් තියෙනව මම දැක්කා. අනේ දෙයියනේ ඒ මූන මගේ ලොකු අක්කගෙ. ජපානෙදි අපි දෙන්න හම්බුනාට පස්සේ ඔයාව මේ විදියට දකින්න ලැබේවි කියල මම හිතුවෙ නෑ මගෙ ලොකු අක්කේ. ඔයාට නිවන්සුව!
කොහොමෞනත් අන්තිමට මගෙ ලොකු අක්කගෙ මූන මට ලැබුනා. චූටි නංගිගේ එන්ජිම මගේ චප්ප එන්ජිම වෙනුවට තිබ්බා. මගේ එන්ජින් අංකය චූටි නංගිගේ එන්ජිම මත කෙටුවා.ඒකත් කමක් නෑ .දැන් ඒ දෙන්නම මගේ ලග ඉන්නවා වගේ මට දැනෙන්නේ. ලන්කාවෙ අය කටු මිටි වලින් මේව කරන විදිය දැකල ජපානයේ අපේ අයියාලා ගැන මට ලැජ්ජ හිතුනා.
කොහොමහරි මම ආපහු සේල් එකකට යැවුනා. එහේදි මම දැනගත්තෙ එදා බීලා ගිහින් මාව හප්පපු මගෙ 1ස්ට් ඔනර් අයියා ඩොක්ටර් කෙනෙක් කියල . හැබැයි මට ඒ ගෙදර අය කියපු විදියට එයා බිස්නස් කරේ. අනේ මන්දා මට මොකෝ.
දවසක් මෝටර් සයිකල් එකකින් ආපු අංකල් කෙනෙක් මාව බැලුව . බලලා මගේ මූන අපෙ ලොකු අක්කගේ මූන කියල එයා අදුනගත්තා. මගේ එන්ජිම අපේ චූටි නංගිගේ එන්ජිම කියලත් එයා අල්ල ගත්තා. මේව අහපු සේල් අයියගෙ මූන රතු උනා. අන්තිමට ටෝක් කරල ටෝක් කරලා ඒ අංකල් මාව ටිකක් අඩුවට ගත්තා. අරන් ගිහින් එයාගෙ ගෙදර ග්රාජ් එකේ මාව නැවත්තුවා . සෑහෙන්න පැද්දා. හැබැයි කවදවත් එයාගෙ නම මගේ ආදායම් බලපත්‍රයේ ලියවුනේ නෑ . තාමත් තියෙන්නෙ ලන්කාවෙ මාව බීලා ගිහින් හප්පපු අයියා ගේ නම.
ටික දවසකින් ආයෙත් මාව විකුනන්න තීරණය කලා. එක එක මිනිස්සු ඇවිත් මාව බැලුවා. මාව ඔබල බැලුවා. තට්ටු කරල බැලුවා. කාපට් බීඩින් උස්සල බැලුවා. යට එහෙම බලද්දී මට ලැජ්ජත් හිතුනා. එහෙම බලලා කලින් මාව හදපු වෙදපප්පගේ හොද කිය කිය කිය ගියා . සමහරු මාව තියන් ඉන්න ගෙදර අංකල් ට බයියා කියල බැන බැන ගියා. අනේ මන්දා එහෙම කියන්නෙ ඇයි කියල . කොහොමහරි ආයෙත් දැන් ඉන්න අංකල් වගේම තව අංකල් කෙනෙක් මාව සල්ලි වලට ගත්තා. හැබැයි කලින් අංකල් ගත්තු මිලට වඩා වැඩියෙන්. අරන් ගිහින් කලින් සෙතේම මට දුන්නා. ඔහොම ඔහොම බයියො කියල මිනිස්සු හදුන්වපු අංකල් ලා අයියා ලා දහ පහලොස් දෙනෙක් මාව අරගෙන ගිහින් මිල වැඩිකරලා විකුනුවා. එක්කෙනෙක් වත් මාව එයලගෙ නමට ලියාපදිංචි කරගත්තෙ නෑ . මට දැන් මාව පෙන්නෙ අබිසරුලියක් වගේ. නමුත් මට දැන් පට්ට මිලක් තියේ. ඒ ගැන නම් සතුටුයි . ජපානෙදි මෙහෙම ආතල් තිබ්බෙ නෑනෙ . සමහරවිට ලන්කාවෙ අය මට මේ තරම් කැමති ජපන් අංකල් ගේ ජීවන සුවද නිසා වෙන්න ඇති. ඒ සුවද තාමත් මගේ ලග තියේ.
කොහොමහරි ඔහොම ගෙදර ක තියෙද්දී කැරට් අලයක් කකා අයියා කෙනෙක් ආවා. ඒ අයියා මට මාර ගනක් දීලා ගත්තා. මම හිටපු බයි අංකල් ට හරි සතුටුයි .මගෙ රෝද හතරට දාලා තිබුනු කට්ට කපපු පරන ටයර් සෙට් එක දැකලා කැරට් කන අයියා සතුටු උනා. මගේ ඩෑෂ්බෝඩ් එකේ හයිකරලා තිබුනු චයිනිස් සෙටප් එකයි දම් පාට ලයිට් සෙට් එකයි දැකලා ඊට වඩා සතුටු උනා. හැබැයි මට ඒ අයියා ගැන පව් කියල හිතුනා. මට කතාකරන්න පුලුවන් වුනා නම් මම කියනවා මට පහුගිය කාලෙ උනු අතවර .
මෙදා පාර මාව ඒ කැරට් කන අයියා ලියාපදිංචි අයිතිකරු ව්දියට බාරගත්තා . මට හරි සතුටුයි . දැන්වත් සැනසිල්ලේ එක ගෙදරක ඉන්න පුලුවන් .
- උපුටා ගැනීමකි