කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.
මිදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි.
මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් විග්රහ වෙන්නේ ස්වාධීන අදහසින් මිස ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමේ අදහසින් නොවේ. මීදුම වෘත්තිකයෙකු වශයෙන් ද ස්වාධින පරාසයක ජීවත් වන්නෙකි. අප විසින් මහන්සියෙන් උපයා ගන්නා ආදායම පවා 10% ක ආසන්නව විවිධ පෞද්ගලික බදු වශයෙන් ගෙවමින් ඊට අමතරව ජනතාව සමග පරිභෝජනයට ගන්නා සෑම දේකටම බදු ගෙවමින් රට පවත්වා ගෙන යාමට මීදුම දායකවේ.
එවන් අපට අනෙක් පුරවැසියන්ට මෙන්ම රට ගැන විශාල කැක්කුමක් ඇති වෙන බව පහන්වු සංවේගයෙන් සටහන් කරමි.
වර්තමානයේ දේශපාලකයන් ද කරනු ලබන්නේ ව්‍යාපාරයකි. ඔවුන් බලය සමග අපට වඩා ඉදිරියෙන් මුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි. විපක්ෂයට ඇත්තේ සිල්ලර කඩ වන අතර , ආණ්ඩු පක්ෂය තොග කඩ පවත්වා ගෙන යති. අද මීදුම විවරණය කරන්නේ ඒ ව්‍යාපාර ගැනයි.
අපි පහළ මට්ටමෙන් ම පටන් ගනිමු. ප්‍රාදේශීය සභාව සහ සුළු නගර සභා ප්‍රාථමික දේශපාලන ආයතනයයි. මෙම ආයතන වල මැතිවරණයක් සදහා වියදම් කරන මුදල කොයි තරම් අස්වාභාවික ද යන්න අප හිතා බලමු. වියදම් කරන මුදල තම නිල කාලය තුලදී ලැබෙන දිමනාවෙන් පියවා ගන්නට තබා හිතන්න වත් බැරි තරම් වේ. එහෙත් මේ සා මුදල් කන්දරාවක් ආයෝජනය කර බලය සදහා වලි කන්නේ බලය ලැබුනොත් එය ලාභ සමග උපයා ගන්නට නොවේ යයි තර්ක කරන්නේ කවුරුන් විසින්ද ?.
ප්‍රාදේශීය සභා සහ සුළු නගර සභා සිල්ලර කඩ වලට වර්ග කරමු. පලාත් සභාවත් පාර්ලිමේන්තු විමධ්‍යගත මුදල් සහ උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම වැනි ආයතනය න් සංවර්ධන උදෙසා වැය කරන කුඩා පරිමාණ ව්‍යාපෘති සියල්ලම සිදුකරන්නේ මෙම ආයතනයෙනි. මෙම ආයතන දෙකේ ම පූර්ණ බලධාරියා බවට පත් වන්නේ සභාපති වරයාය. සුළු නගර සභාවක නම් නගරාධිපතිවරයාය. මේ ආයතන වලට ලැබෙන සංවර්ධන අරමුදල් , සම්පත් ඉතාමත් විනිවිද භාවයෙන් යුතු ව ටෙන්ඩර මගින් බෙදා ගෙන සංවර්ධන කාර්යයත් ඉටු කරනු ලබන්නේ සභාවේ මංත්‍රීවරුන්ගේ සහ ප්‍රධානියාගේ නියෝජිතයෝ විසිනි . මින් කිසිම ආයෝජනයකින් තොරව 5% සිට 10% දක්වා නොනිල මුදල් සාක්කුවට ගලා එන බව නොරහසකි.
පලාත් සභාවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද මීට අනුරූප ක්‍රියා දාමයක කටයුතු නො කරන බව තහවුරු කල හැකි ද ?.ජාතික තලයේ අමාත්‍යවරු කොයි තරමක් මහජන මුදලක භාර කාරවරුවන්නේද?. එතරමින් එම මුදල් හුවමාරු වීමේදී අතරමැදි වන්නේද ?.
පසුගිය පලාත් සභාවට තරග කල අපේක්ෂකයෙකු මැතිවරණය සදහා ලක්ෂ හැත්තෑවක් වියදම් කල බව සටහනක මීදුම පවසා ඇත. මාසික දීමනා වෙන් මෙම මුදල උපයා ගන්න බැරි නිසා මෙම මැතිතුමා වෙනත් අන්දමකින් එම මුදල උපයා ගන්නට තැත් නො කරන බවට සහතිකයක් ඇතිවිය නො හැක.
විද්‍යාර්ථියෙක් , රජයේ මාණ්ඩලික නිලධාරියෙක් අඩුම තරමේ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැණීමට අවුරුදු කීයක් ගිණි තැපිය යුතු ද ?. සාමාන්‍ය සේවකයෙක් වැටුප් වර්ධකයක් උදෙසා කෙතරම් කැඹිරිය යුතුද ?. එහෙත් දේඔපාලන උත්තමයන් හට අවුරුදු හතරක් පහක් කෙටි නිල කාලය තුල විවෘත වෙළද පොලේ අලවි කර රුපියල් ලක්ස පනහක් පමණ උපයා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්නේ අර මුලින් කී නොනිල උපයා ගැණීම් වලට අමතරව ය. මේ තීරු බදු සහනය පලාත් පාලන ආයතන වල ප්‍රධානීන්ට සහ පලාත් සභාවේ සියළුම සාමාජිකයන්ට පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන්ට ඛේදයකින් තොර ව හිමි වන්නේ ය.
මීදුම වැනි ස්වාධීනව උපයා බදු ගෙවන්නන්ට මෙම කිසිදු වරප්‍රසාදයක් ජීවිත කාලයේම හිමි නොවන අතර වැර වෑයමින් උපයා ගෙන නියමිත වෙලාවට බදු නොගෙව්වොත් දඩ ගෙවන්නත් අධිකරණ ක්‍රියා මාර්ගයනට යටත්ව හිරේ විලංගුවේ ලගින්නත් සිදුවීම අනිවාර්යය. එහෙත් ඒ බදු මුදල් වලින් කරන නාස්තිය ඉවසා ගෙන සිටිය යුතු ය.
කොයි කවුරුත් විවිධාකාර පුචාරක කටයුතු කරමින් ඉහල නගින්නට උත්සාහ කරන්නේ අපි හදන්න මද ? . මේ මැතිවරණ සමයේ දෙපාර්ශවයෙම වැය කරන මුදල් සම්භාරය තක්සේරු කරමු. මුලින් කී අන්දමින් ආදේශ කරමු.
ඉතින් අපි කා වෙනුවෙන් වත් කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.