Private Campus vs Government Campus

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
jrVNrBa.png
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    uba 1-13 wenakam giye internatioal school da gono??

    මම ගියේ පෞද්ගලික (කතෝලික) පාසලකට මචන්...එත් උබ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් ඇහුවේ...හරි, උබ අහන්න බලාපොරොත්තු වුනේ උත්තරේ රජයේ පාසලකට කියන එක වෙන්න ඇතිනේ...එක තමා මම කිව්වේ...රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවානම් අනුන්ට පව් නොදී ඉගෙන ගන්න ඕනේ කියල...මම කියපු කතාවෙයි , මම 1-13 වෙනකන් ගියේ කොයි ඉස්කොලේකටද කියන එකෙයි ගැලපීම පොඩ්ඩක් පැහැදිලි කරානම්? :rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->
    කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.
    ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.
    නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.
    නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.
    නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.
     
    Dec 31, 2015
    38
    4

    this is the ugly truth.i also have been gone through this.i did not get anything,they could not convert me to go for begging for "anthare" but most people fall in to it.form my experience those who involved in it comes from rural areas. just because this incident arises i checked my former batch mates facebook walls sadly most of them favoring this.
     
    • Like
    Reactions: PMUB

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->
    කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.
    ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.
    නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.
    නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.
    නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.

    දුක නම් සරසවි පාලකයන් පවා දරුණු මානසික ව්‍යාකුලතා වලින් පෙලීමයි.
    නවක වදය තුරන් කිරීමට සියලු නීතිරීති තිබියදීත්, තම ශිෂ්‍ය අවධියේ කල පහත් වැඩ මතක් වී, සිදුවන දේවල් නොදැක්කා මෙන් බලාසිටින පාලකයින් තමයි මුලින්ම
    මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ වෙත යොමු කල යුත්තේ...
    යකෝ උබලත් අපි ඉගන ගන්නවට tax ගෙවනවා. මේව ගැන පියවර ගන්න උබලටත් අයිතියක් තියෙනව... කැම්පස් ඇතුලෙ ඉන්න අපිට මේවට කතාකරන්න බෑ... අපි තව කාලයක් මේකෙ ඇතුලෙ ඉන්න ඔන නිසා...:angry::angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->Chithru De Silva derana dreamstar
    "රැග් එකේ ලොකු ෆන් එකක් තියෙනවා අක්කේ. ඒක දන්නේ ඒක විදපු එවුන් විතරයි. මේ ප්‍රයිවට් කැම්පස් වලට ගිය එවුන් රජයේ කැම්පස් වල වෙන දේවල් වලට හොට දාන්නේ නැතුව ඒවා අපිට කරගන්න ඉඩ දුන්නනන් ඉවරයිනේ අක්කේ? මේ උප සංස්කෘතිය වෙනස් කරන්න හදන එක මහ පිස්සුවක්. සහෝදරත්වය වැඩි කරන්නයි, සෙට් එකම අපේ ලෙවල් එකට ගන්නයි, උන්ගේ පඩ ශෝ අඩු කරගන්නයි තියෙන චාන්ස් එක අක්කේ මේ. ටොපියේ රසේ දන්නේ ඒක කාපු එකා විතරයි. අක්ක යන්නෙත් රජයෙ කැම්පස් එකකටනේ. ඇයි අක්කට තේරුම් ගන්න බැරි ?" අහවල් කැම්පස් එකේ අදුරන පොඩි පැංචෙක් කියපු කතාවක්.
    තේරුම් ගන්න අමාරුයි තමා බං. ලංකාවේ කැම්පස් එකක් ගැන නිවුස් එකක් ගියොත් එක්කෝ නවක වදේ, එක්කෝ උපවාස නැත්තන් උද්ඝෝෂණ. ඒකට බොහෝ පිටරට කැම්පස්. උන් කල්පනා කරන්නේ eco friendly cars හදන්නේ කොහොමද කියලා. පරපීඩක කාමුකත්වය, නිදහස් අධ්‍යාපනය එක්ක පටලවාගෙන ටෝක් දෙන උඹ වගේ ගොන් හරක් දැක්කම සසර කළකිරෙනවා.සමානාත්මතාව ඇඳුමෙන් විතරක් රැකගෙන මදී මලේ.රබර් සෙරෙප්පු දගෙන කැම්පස් ගිය කාලය මට මතකයි. හැබැයි ඕකෙන් මම ඉගෙනගත්ත සම බවක් නන් නෑ. රැග් එකට විරුද්ධ උනාම යාළුවෝ තරහ වුනා. ආඩම්බරකාරී කියලා නමක් දැම්මා. යන්තම් යාළු උනේ ඩ්‍රීම් ස්ටාර් එකට පින් සිද්ද වෙන්න.මම උඹලා හිතන විදියට හිතන්නේ නැති නිසා චාටර් කේස් එකක්, ලොකු සීන් කියලා හංවඩු ගහලා ඇති. සෑහෙන්න unpopular ඇති. ඒත් මම ආඩම්බර වෙනවා මගේ අම්මා තාත්තා මට උගන්නලා තියෙන විදියට, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙච්ච එක ගැන. අනික් මිනිස්සුන් ගේ සමාජතල බලෙන් වෙනස් කරන්න උඹට හරි මට හරි තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද ? පොලොවේ පය ගහලා ඉන්න ඉගෙනගනින්. උඹලා ප්‍රයිවට් කැම්පස් වලට නොගිහින්, ඒකේ එවුන්ව අම්බානෙට නැති කරනවා. හැබැයි උන් උඹලා ගැන කතා කරොත් ඒක අවුල්. උප සංස්කෘතියට අනුව ඩෙනිම බාධාවක් කියල උඹට උගන්නපු ස්තුති. ලෝකය ඉදිරියට යද්දි අපිට කෙලවෙනවා මල්ලි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->Kasun Chandranath Pathirana
    ඒ ලෙවල් පාස් උනාට පස්සේ මම කැම්පස් යන්න තීරණය කරේ පාරේ තොටේදි හම්බෙන එකෙක් "මේ දවස් වල මොනව ද කරන්නේ ?" කියලා ඇහුවොත් දෙන්න හරි හමන් උත්තරයක් ලැබෙන නිසා. ඒ ඇරෙන්න කැම්පස් යෑම ගැන මට අමුතු උත්කර්ශයක් තිබුනේ නෑ. කොහොම නමුත් 2010 දී මම කොළඹ විශ්ව විද්‍යාලයෙන් එලියට බැස්සේ ආපහු කිසිම දවසක ඒ දිහාවත් නොබලන බවට මටම සපථ කරගනිමින්. ඒ නිසාම බැච් ෆොටෝ තියා උපාධි සහතිකේ ගන්න වත් මං ඒ පළාතේ පස් පෑගුවෙ නෑ.
    කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනය (?) සත්තිකුම්භ ජාතකය ඇසුරෙන් ඉතාම සරළව තේරුම් ගන්න පුලුවන්. කැම්පස් එකට තියෙනවා පිරිමි හොස්ටල් දෙකක්. එකක් තෙලවල අනික කිත්‍යාගර. තෙලවල ඉන්නේ ජෙප්පො, කිත්‍යාගරේ අලයෝ. මේ හොස්ටල් දෙකෙන් තමන් වැටෙන්නේ මොන හොස්ටල් එකට ද කියන එක මත ඉතිරි වසර හතරේ උන්ගේ දේශපාලන මතවාදය තීරණය වෙනවා. සමහරක්විට ඒක ඉතාම දෛවෝපගත තෝරාගැනීමක් වෙන්නත් පුලුවන්. ඒක හරියට අර සත්තිකුම්භ ජාතකයේ ගිරා පෝතකයන් දෙන්නගේ කතාව වගේ. දෙගොල්ලොම කරන්නේ තමන්ගේ කූඩුවට උඩින් වැටෙන ගිරා පෝතකයන්ව කූඩු කරගෙන, හිතන හැටි, කතා කරන හැටි පුරුදු කරන එක වුනත් වෙනසකට තියෙන්නේ උන් දෙගොල්ලන්ගෙන් එකෙක් වත් ප්‍රිය වචන නොකියන එකයි.
    වාසනාවකට හෝ අවාසනාවකට මම ඇතුලු තවත් කිහිපදෙනෙක් හිටියා ඔය ගොඩවල් දෙකෙන් එකක්වත් නියෝජනය නොකරපු. ඒ අපි හොස්ටල් වල නතර නොවී ගෙවල් වල ඉදන්ම කැම්පස් ආපු නිසා. ජෙප්පොයි අලයොයි වෙන වෙනම බැච් ට්‍රිප්, කලා උළෙලවල් ඕගනයිස් කළා. ජෙප්පො හන්තානෙ යනකොට අලයෝ රිවස්ටන් ගියා. (උන් ශිෂ්‍ය දේශපාලනය කියලා හිතාගෙන හිටියේ ඒවගේ වැඩ වලට). මේ වැඩ වලදී ඔය කියන කණ්ඩායම් දෙකටම අදාල නොවී හිටපු අපි වගේ උන්ගේ වැඩි සහයක් හිමිවෙන්නේ කාට ද කියන එක ටිකක් තීරණාත්මක සාධකයක් බවට පත් වුනා.
    ඔය අතරතුරේ තමයි අර ස්වාධීනව හිටපු එවුන් කිහිප දෙනෙක් එකතු වෙලා නොබැදි කියලා ශිෂ්‍ය සංගමයක් පටන් ගන්නේ. නොබැදි එකෙන් අපි උත්සාහ කළා ඒ වෙනකොට ශිෂ්‍ය දේශපාලනය නමින් ඉහත කියපු කණ්ඩායම් කරමින් හිටපු විකාර අභියෝගයට ලක් කරන්න. ලොකු පිරිස් බලයක් නොතිබුනත් මතවාදීමය බලපෑමක් කරන්න දරපු උත්සාහයක් විදිහට බිහිවුනු සංවිධානයක් ඒක. නොබැදි එකෙන් පටන් ගත්ත සගරාව තමයි Counter Punch. ඒ මතවාදී බලපෑමේ ප්‍රතිපලයක් හැටියට ඉතිහාසයේ පළවෙනි වතාවට අලයොයි ජෙප්පොයි දෙගොල්ලොම එකතු වෙලා අපිට ටියුබ් ලයිට්, ගඩොල් ගල්, යකඩ කනු වලින් හොදටම සැළකුවා. අවසානයේ ඉරිච්ච ඇදුම් අතරින් ලේ ගලාගෙන යන තුවාල එක්ක 120 බස් එකක එල්ලිලා ගිහින් කළුබෝවිල ඇඩ්මිට් වුනා.
    කැම්පස් එකේ විශිෂ්ඨ වූ අධ්‍යාපන ක්‍රමයට හොද උදාහරණයක් ශ්‍රීනාත් චතුරංග. ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙකටවත් නොගිය ශ්‍රීනාත් චතුරංග මේ වෙන කොට අවසාන උපාධි නිබන්ධන 9ක් කුලියට ලියලා ඒ 9 දෙනාටම උපාධි අරන් දීලා තියෙනවා. ඔය අතරේ විශ්ව විද්‍යාල ආචාර්‍යලා එක්ක නිදි වැදීමෙන් හෝ කඩේ යෑමෙන් ලැබෙන ෆ්ස්ට් ක්ලාස්, සහය කතිකාචාර්‍ය තනතුරු වගේ දේවල් මේ වෙන කොට ඉතාම සාමාන්‍යකරනය වුනු හැමෝම දන්න රහස් බවට පත්වෙලා.
    මේ ඔක්කොම කතන්දර ටික කියන්න ඕනෙ උනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොයි සමාන්‍ය මිනිස්සුයි අතරේ නිර්මාණය කරගෙන තියෙන මහා බෙදුම් කඩනය තනිකරම බයිලාවක් කියලා පෙන්වලා දෙන්න. ඔය මහ ලොකුවට තලු මරණ විශ්ව විද්‍යාලීය උප සංස්කෘතිය වගේ බයිලා ගමේ ගිහිල්ලා නෑදෑයන්ට පඬි ටෝක් දාන්න හදාගත්ත විකාර ටිකක් විතරයි. මට නම් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක්ගෙයි අතර ලොකු සංස්කෘතික හෝ බුද්ධිමය වෙනසක් පේන්නේ නෑ. අවුරුදු ගානක් තිස්සේ කට පාඩම් කර ගත්ත සියවස් ගානක් පරණ සිලබස් තොගයක් ඇරෙන්න. ඕකම අදාල කරගන්න පුලුවන් කැම්පස් කොල්ලෙක්ගෙයි ගරාජ් බාස් කෙනෙක්ගෙයි අතර වෙනසටත්.
    විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් වලින් දිනා ගත් අරගල, උප සංස්කෘතිය නිසා බිහි වුනු නිර්මාණ නැතුවා නොවේ. නමුත් මේ සියල්ල උත්කර්ශයට නැංවීම සිද්ධවෙන්නෙ ඉතාම ග්‍රාම්‍ය අරමුණු මත. ඒක හරියට බොබ් මාලිගෙන් ගන්ජයි චේගෙන් තොප්පියයි අරගත්තා වගේ. ගන්ජා ගැහුවට බොබ් මාලි වගේ වෙන්නත් තොප්පිය දැම්මට චේ වගේ වෙන්නත් අමාරුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    "උප සංස්කෘතියට අනුව ඩෙනිම බාධාවක් කියල උඹට උගන්නපු ස්තුති."

    උපසංස්කෘතිය...ලොල්....මේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යංශ වලින් ගලවල සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශේට භාර දුන්නනම් හරි... :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -Lakshman Abeykoon- ඔය නවක වදේ කියන පිස්සුව තියන්නේ ලංකාවේ විතරයි.. මම ලංකාවේ යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (ජයවර්දන පුර ..1976) හා (පේරාදෙණිය PGIA ) ඊට අමත රව ලෙක්චර්ර් කෙනෙක් වෙලා උගන්නල තියනවා (මඩකලපුව .. 1983) සමාජවාදී රටවල යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (රුසියාව) ධනවාදී රටවල යුනිවර්සිට් වල ඉගෙනගෙන තියනවා (ඔස්ට්රලියාව) ඒ ලෝකේ හොද යයි සම්මත විශ්ව විද්‍යාල.. මෙල්බෝර්න් විශ්ව විද්‍යාලේ .. වික්ටෝරියා university (කලින් RMIT ) මොස්කවූ විශ්ව විද්‍යාලේ .. මේවා ලෝකේ පිළිගත් හොද විශ්ව විද්‍යාල තමා .. නමුත් කියන්න කණගාටුයි ලංකාවේ විතරමයි ඔය නවකවදේ කියන පිස්සුව දැක්කේ ... අනිත් ගිය ඕනෑම යුනිවර්සිට් වල වැඩිහිටි ශිශය යෝ ඇවිත් ආදරෙන් පිලි අරන් යුනිවර්සිට් එක පෙන්නන එක්ක යනවා .. උදව්වක් ඕනනම් කියන්න කියනවා පාර්ටි තියනවා එන්න කියනවා ... ලංකාවේ හරිම වෙනස්.. මම හිතන්නේ මානසික ලෙඩ්ඩු කියල ... මොකක් හරි මොලේ අප්සෙට් එක්ක තියනවා අපේ අයගේ .

    .. ඒ එකම පිටරට university එකකවත් ... මම ගිය කාලේ වත් .... දැන් මගේ පුතා යන මේ කාලේ වත් .. පුතා යන්නේ මොනෑෂ් university එකට ඒකේ orientation එකට මමත් ගියා ... අනේ ඒ වැඩිහිට් ශිෂයෝ ඇවිත් හොදට කතා කරලා ඔය photography club , cycling club , swimming , foot ball , drama ඔන්න ඔය වගේ එක එක interest goups වලට බැදෙන්න එහෙම කියනවා .. උදවු ඕනද අහනවා .. නැතුව් මේ අපේ වගේ සපත්තු ගලවපියවූ කරේ එල්ලගනිව් .. වගේ ඒවා කියන්න එන්නේ නැහැ
     
    :lol::lol::lol: පට්ට ආතල් බන් මේවා කියවද්දී...සිරාවට අපේ ඉන්නේ මහා මොංගල් උන් ටිකක්..ගොඩක් වෙලාවට දුර බැහැර පති වලින් එන එකා කොළඹින් එන සැප පහසුවට හැදිච්ච එකත් එක්ක තරහයි..ඔතන ඔය සමානාත්ම තාවේ කියන්නේ හැම එකාම අර දුප්පත් එකා වගේ ඉන්න ඕනේ කියල එක..එහෙම නැති වුනාම, එහෙම කරගන්න හදාගත්තු ක්‍රමය තමයි ඔය නවක වදේ...ලංකාවේ ඉන්න මානසික විකුර්තිකයන්ට විතරයි ඕවගේ ලෙඩ තියෙන්නේ...
     
    :lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විශ්ව විද්‍යාල තුළ නවක වදය සoකල්පය අහවර කිරීම කැළණියෙන් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල උපකුලපති සුනන්ද මද්දුම බණ්ඩාර මහතා පවසයි.
    තව තවත් දිගින් දිගටම නවක වදයක් ගැන ප්‍රචාරයක් හෝ කුමක් හෝ බලපෑමක් වුවහොත් ඒ පිළිබඳ වගකීම සරසවියේ පාලක මඩුල්ල ලබා ගත යුතු බවත් ඔවුන්ට එය කළ නොහැකි වුවහොත් ඔවුන් සේවයෙන් පහ කරන බවත් ගරු ලක්ශ්මන් කිරිඇල්ල මහතා (උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ) පවසයි.
    කැළණියට මානව හිමිකමෙන් සහ සිවිල් නිළධාරීන්ට ආරාධනා...!!!
     
    Good Decision :) දැන් ඉතින් බෝල පාස් කරන්න හම්බෙන්නේ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමානාත්මතාව කියල හැම එකාටම ඩෙනිම ගානේ අරන් දුන්න නං මොකෝ අලුතෙන් ආපු නංගිලාට අපෙන් තෑග්ගක් කියල. සීනියර් උන්ට පුළුවන් කැට හොල්ලල අරමුදලක් හදන්න. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සමානාත්මතාව කියල හැම එකාටම ඩෙනිම ගානේ අරන් දුන්න නං මොකෝ අලුතෙන් ආපු නංගිලාට අපෙන් තෑග්ගක් කියල. සීනියර් උන්ට පුළුවන් කැට හොල්ලල අරමුදලක් හදන්න. :rolleyes:

    උන් කැම්පස් ගිහින් අවුරුදු හතරට ඉගෙන ගත්ත හරවත්ම දේ තමා කැට හොල්ලන එක. සීවී එකේ ලොකුවට දාන්නත් පුළුවන්. :lol::rofl:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එළකිරියේ කැම්පස් ගිය/යන කොල්ලෝ මොනවද මේක ගැන කියන්නේ ???
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මේකෙ R&D පැත්ත ගැන කතා කරල තියෙන හින්ද මම කියන්නම් පොඩ්ඩක් ඒ පැත්ත ගැනත් ආණ්ඩුවෙ කැම්පස් සම්බන්ධ කරල. හැමෝම කියනව ආණ්ඩුවෙන් R&D වලට වෙන් කරන ගාන මදි කියල. ඒක ඇත්ත. Government එකෙන් R&D වලට GDP එකෙන් 0.01% ටත් වඩා අඩු ගානක් තමයි වෙන් කරන්නෙ. ඕනම කෙනෙකුට තේරෙනව මේ ගාන කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ කියල. ඒත් මහින්ද ඉන්න කාලෙ අලුතින් යෝජනාවක් ගෙනාව Private Company Government University වල R&D වලට Invest කරනවනම් එයාලට බදු සහන දෙන්න. ඒ කියන්නෙ මිලියනයක් Invest කරොත් මිලියන 3ක් බදු වලින් නිදහස්. ඒත් දැන් නම් ඕක වෙනවද දන්නෙ නෑ :no::no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...