VICE ල කරන Documentaries ගැන ඉතින් අහන්න දෙයක් නෑනෙ, ඒගොල්ලො කරල තියන සුපිරිම Documentary එකක් තමයි Hamilton's Pharmacopeia කියන්නෙ. DMT, PCP, Ketamine තව, Xenon වගේ Anesthetics ගැන කතා කරන මන් බලපු පට්ටම වෙනස් ම විදිහෙ Documentary Series එකක්. Psychoactive Drugs ගැන වෙනස් ම විදිහකින් බලන Documentary එකක්. ආ .. තව ඒකෙ host, Hmilton Morris ඒ drugs synthesis කරන හැටිත් කියනවා සමහර episode වල. ඒකෙ ඇතුලෙ වෙන mechanism එකත් කියනව. ඉතින් මේක O-chem ගැන යම් දැනුමක් තියන කෙනෙක්ට බලන්න ආස හිතෙන Documentary එකක් . ඒ විතරක් නෙමි , ඔය එක එක drugs ගැන සාම්ප්රදායික ව එන එක එක අත්බූත මත ගැනත් කතා කරනව. ඒ නිසා මේක බලද්දි පොඩි mystery කතාවක් බලනකොට එන feeling එකත් එනව...
