Climbing Documentaries

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy

    The Devil's Climb (2024)


    l-Srf8inz2-Q3-Wz-Bw0-D9hk-U7-Sxe3e.webp

    IMDB: The Devil's Climb

    TRAILER:​




    ටයිට්ල් එකයි පෝස්ටරෙයි දැකපු ගමන්ම ඩවුන්ලෝඩ් කරල බලපු වත් හොඳම ඩොකියුමන්ට්‍රි එකක්. බලන්න හේතුවක් වන තවත් ප්‍රධානතම කාරණයක් තියෙනවා. ඒ තමයි Alex Honnold ගෙ නමත් මේ වැඩේට සම්බන්ධ වෙලා තිබීමයි. මට Alex ව මුලින්ම මුණගැහෙන්නේ Free Solo (2018) ඩොකියුමන්ට්‍රි එක තුළිනුයි. කැලිෆෝනියාවේ Yosemite National Park එකේ පිහිටා තිබෙන El Capitan නම් අඩි 3000 ක උසකින් සැදුම් ලත් සිරස් පාෂාණ බිත්තියක් Free solo climbing එකක් විදිහට තරණය කිරීම තමයි එහිදී දකින්නට ලැබුණේ. ආරක්ෂිත රැහැනක් නැතිව කරපු ඒ වික්‍රමාන්ව්ත ක්‍රියාව ගැන වෙනම විස්තරයක් මන් පහලින් දාලා තියනවා. ඉතින් ඒ වගේ climbing වැඩ්ඩෙක් සම්බන්ධ වැඩක් කියන්නෙ අනිවාර්යයෙන්ම දුෂ්කර කාර්‍යභාරයක් වෙන්න ඕන නිසාමයි මේක බලන්න ගත්තෙ. එතකොට තමයි මට Tommy Caldwell ව මුණගැහෙන්නේ. ටොමී තමයි මේ ඉතාමත්ම අන්තරායකාරී සහ ලේසියෙන් කෙනෙක්ට තරණය කරන්න අපහසු තරම්ම අභියෝගයක් වන Devil's Thumb ගැන විස්තරය මුලින්ම අපිට කියන්නේ. ඇලස්කාවේ පිහිටන, කඳු නගින්නන් පවා අතැරදමා ඇතැයි කියා හිතෙන මහපටැඟිල්ලක හැඩයකින් ඈතට පෙනෙන, එහෙයින් Devil's Thumb නම් වූ මුදුනත් 5 කින් සමන්විත කඳු පන්තියක් එක දිනක් තුල තරණය කරන එකයි එයාගෙ අරමුණ. ඊටපස්සෙ එයා අපිට කියනවා professional climber කෙනෙක්ට වුණත් දැවැන්ත අභියෝගයක් වෙන මේ වගෙ වැඩක් සාර්ථක වෙන්න ක්ලයිබින් පාට්නර්ගෙන් ලැබෙන සහය සුවිශේෂී එකක් වෙන්නම ඕන කියල. ඉතින් ටොමීගෙ හොඳම යාලුවා සහ El Capitan තරණය කළ දක්ෂතම කඳු නගින්නාව ඔහු මේ භයංකර ක්‍රියාන්විතයට සම්බන්ධ කරගන්නවා. බයිසිකල් වලින්, සේල්බෝට් එකකින් සහ පාගමනින් සැතපුම් 2600 ක් තරණය කරලයි Devil's Thumb අඩවියට සම්ප්‍රාප්ත වෙන්නේ. හරිම අලංකාර රෝඩ් ට්‍රිප් එක අතරතුරදී මඟ හමුවන පිරිසක් සුප්‍රසිද්ධ ඇලෙක්ස්ව හඳුනාගෙන කතාබහක නිරතවෙනකොට එයාලා ටොමීව හඳුනන්නෙ නැති බව පෙනෙනවා. එතකොට ඇලෙක්ස් අපිට විස්තර කරනවා ටොමී කියන්නෙ කඳු නැගීමේ කලාවේ ලෙජන්ඩ් කෙනෙක් බවත් ලෝකෙ හොඳම ක්ලයිම්බර්ස්ලට අයත් බවත් තමන්ගෙ කුඩා කල වීරයෙක් බවත්. ඉන්පසුව අපිට දකින්නට පුළුවන් ටොමීගෙ යටගියාව ගැන තොරතුරුත්.
    ඇත්තටම ටොමී මේ තරම් අනතුරුදායක තරණයක නිරත වෙන්නේ තමන්ගෙ ක්ලයිම්බින් කැරියර් එක සදහටම නිමාකරන්නට පවා සිදුවිය හැකි පාදයේ ආබාධයකට ලක් වී සුවය ලැබීමෙන් පසුවයි. හැබැයි මේ වගෙ බැරෑරුම් කඳු තරණයකට යෝග්‍ය නොවන්නට හැකියි. ඒ නිසාම සඟයා ඇලෙක්ස් මතට වැඩිපුර වගකීමක් පැටවෙන අවස්ථාවක් තමයි මේක. කොහොමත් ඇලෙක්ස් කියන්නේ වේගවත් නගින්නෙක්. හැබැයි එයාට එයාගෙ උපරිම සුපුරුදු රිද්මය මඳක් පසුබෑමකට ලක් කරලා තමන්ගෙ මිත්‍රයා වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන. ඉතින් ඇලෙක්ස් ගෙ මඟ පෙන්වීම යටතේ තමයි ටොමී තමන්ගෙ වෘත්තිමය ජීවිතේ යෝධ තරණයක් සිදුකරන්නේ. නැග්මෙහි මාරාන්තික බවත් හාත්පස බ්‍රෙත්ටේකින් විභූතිමත් විව් එකත් එකට සමපාත වෙන හැටිත් මාරයි. දර්ශනීය රූපකරණයට මුසුවෙන පසුබිම් ඛණ්ඩයන් එක්ක සංත්‍රාසය සපිරි මේ එපික් ක්ලයිම්බින් අත්දැකීම නැරඹිය යුතුම ඩොකියුමන්ට්‍රි එකක් විදිහට නිර්දේශ කරන්න කැමතියි.

    Free Solo (2018)


    nau-Zg-SC8-GJVziy-N9rdth0-Reo2fy.webp

    IMDB: Free Solo

    TRAILER:​




    ලනු අධාරක නොමැතිව කදු නගින්නෙක්..
    සොදුරු මිනිසෙක්..
    ආදරවන්තයෙක්...
    Rock climbing කරන කෙනෙක්..
    Alex Honnold තමා ඒ අපූරු මිනිසා..
    පොරට පුලුවන් උනා ප්‍රසිද්ද Yosemite National Park එකේ තියන 900-metre උස El Capitan's කන්ද කබයක් නැතුව තරණය කරපු පලවෙනියා වෙන්න!
    ඒ ඇගිලි තුඩු වල කොච්චර හයියක් තියෙන්න ඕනද..ඒ හිතේ කොච්චර ශක්තියක් තියෙන්න ඕනද!!
    ඔව්,,පොර පට්ටම වැඩ්ඩෙක්...
    Rock climbing කියන්නෙ මගේ හිතේ හීනියට තිබ්බ ආසාවල් වලින් එකක්!
    හැබැයි අපේ රටේ Rock Climbing ම වෙනුවෙන් දන්න තැනක් ගැන මම දැනුවත් නැ..අපේ රටේ මට හිතෙන,දන්න විදිහට නන් අමාරුම hike වෙන්නෙ ලකේගල සහ කුරුල්ලන්ගල නේ..
    ෆිල්ම් එක බලද්දි හුස්ම ගන්න අමතක වෙච්චි තැන් කීපයක්ම තිබ්බා...
    මම බලපු තවත් හොදම documentary film එකක්.. ඒ වගේම මේකට Oscar Award එක හම්බුනා Best Documentary Feature කැටගරි එක යටතේ.


    gu0gk-Nh-Dv-Utd8a-Td6n-ZLSQwnk-S1.webp
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    එළකිරි එකේ එකෙක් සජෙස්ට් කරලා මම එකක් බැලුව, Dawn wall හරි ඒ වගේ නමක් තියෙන එකක් බැලුව.
    eka seedbox ekata ada damme machan. Tom inne eketh, balanna oni.

    My favorite is Meru by Jimmy Chin. Same guy who directed free solo. Jimmy Chin is so bad ass that he skied down Mount Everest.
    ekath damma seedbox ekata ada. eyagema thama The rescue kiyana movie ekath. thailand football team ekak rescue karana story ekak yanne cave ekakin.

    therescue-poster-1080x1600-e9ca44a1.jpg

    ------ Post added on Nov 16, 2025 at 12:35 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ෆ්‍රී සොලෝ නම් බැලුව. තව වෙන documentary කීපයක් බලල තියනවා නම් මතක නෑ.. forums.mvgroup.org එකේ තියනව සුපිරි documentary.. ඉස්සර දවසට පහ හයක් බලනව. @NRTG උඹ ඔකේ රෙජිස්ටර් උනා නේද ඩෝකු බලන්න..
     
    • Like
    • Love
    Reactions: NRTG and losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    ෆ්‍රී සොලෝ නම් බැලුව. තව වෙන documentary කීපයක් බලල තියනවා නම් මතක නෑ.. forums.mvgroup.org එකේ තියනව සුපිරි documentary.. ඉස්සර දවසට පහ හයක් බලනව. @NRTG උඹ ඔකේ රෙජිස්ටර් උනා නේද ඩෝකු බලන්න..
    Thanks bro. man balannam e forum eketh.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ෆ්‍රී සොලෝ නම් බැලුව. තව වෙන documentary කීපයක් බලල තියනවා නම් මතක නෑ.. forums.mvgroup.org එකේ තියනව සුපිරි documentary.. ඉස්සර දවසට පහ හයක් බලනව. @NRTG උඹ ඔකේ රෙජිස්ටර් උනා නේද ඩෝකු බලන්න..
    ඔව්. හැබැයි මේ මැතක යන්න බැරිඋනා (y)
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    පට්ට බන්. තනිකර documentaries විතරයි. පට්ට රිප් දාන්නේ.. නිකන් රෙජිස්ටර් වෙන්න පුළුවන්..
    try ekak dennam machan. thank you
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඔව් ඔව් පට්ටම වැඩ කාරයෙක්
    දවසක කන්දක් නගින්න ගිහින් වැටිල මැරුණ කියල ආරංචි වෙයි