Psychological Manipulation

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rober b cialdini ගෙත් මේ ගැන ලියපු පොත් සෙට් එකක්ම තියෙනව :yes: influence පට්ට.
    තව manipulations වලිං බේරිලා ඉන්න ex කවුරු හරි ණයක් ඉල්ලද්දි එහෙම කෙලිංම බෑ නොකිය බෑ කියන්න ඉගෙන ගන්න මරු පොත never split the difference :love:
    FBI එකෙත් වැඩ කරපු hostage negotiator කෙනෙක් ලියල තියෙන්නෙ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mnmnmnb.gifuuuuuuuuuu.gifmmmmm.gifp.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඔව්..අදත් අපි අපූරු මාතෘකාවක් ගැන කතා කරන්නය් සූදානම් වෙන්නේ.ඒ වෙනුවෙන් අදත් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා දොස්තර සිසිර කරුනාරත්න මහතතයා.

    ඔව්..ඩොක්ට..අද අපි මොකක් ගැනද කතා කරන්න යන්නෙ?

    මේ ලගකදී ආපහු නවක වදය කියන මාතෘකාව කරලියට ආවානේද.අපි හැමෝම දන්නවා ලන්කාවෙ විශ්ව විද්යාල තුල නවක වදය කියන දෙය අදටත් සම්පූර්නයෙන්ම නැතිකරන්න බැරීවෙලා තියෙනවා.හැම අවුරුද්දකම වගේ අපිට බොහොම අමානුශික හිතන්නවත් බැරි වගේ කතන්දර අහන්න ලැබෙනවා විශ්ව විද්‍යාල වලින්.ඇය් මෙහෙම දේවල් වෙන්නේ කියන එකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්.හැබැය් අපි හැමෝම දන්නවා ලන්කාවෙ විශ්ව විද්යාල වලට ඇතුල් වෙන්නෙ ඉතාමත්ම තරගකාරි විභාගයකට මුහුනදීලා ඉතාම ඉහල බුද්ධි මට්ටමක් තියෙන දරුවන්.මේ දරුවන් දෙමාපියන් අතර ආරක්ෂාවට හුරතලේට ඉදලා තමය් විශ්වවිද්යාලයට එන්නෙ.එහෙම එන ලමය් මේ වගෙ වැඩ කරය් කියල හිතන්නවත් බැහැ නේද..අද අපි කතාකරන සාකච්චාවට පස්සෙ ඔබටම තීරනය කරන්න පුලුවන් මොකක්ද හේතුව කියලා.

    ෂා..අදත් බොහොම අපූරු කාරනාවක් වගෙ එහෙනම්.

    ඔව්.අද කතාව Stanford Prison Experiment එක ගැන.

    ඈ..හිර ගෙදරක් ගැන කතාවක් වගේ.

    ඇත්තටම හිරගෙදරක් ගැනම නෙමෙය්..මේක ටිකක් වෙනස් මානයක තියෙන කතාවක්.ඒකිව්වෙ මිනිස්සුන්ගෙ චිත්ත සන්තානයෙ තියෙන අදුරු පැතිකඩක් හෙලිකරපු පරීක්ශනයක්.
    දින වකවානු කිව්වොත් 1971.ඒ කියන්නෙ ලංකාවෙ JVP කැරැල්ල ඇති වෙච්ච කාලෙ. ඒ කිව්වෙ මීට අවුරුදු 48කට කලින් වෙච්ච දෙයක්.
    රට - ඇමරිකාව
    ස්තානය -ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්යාලය. පර්යේශනය මෙහෙයවපු ප්‍රදාන විද්යාඥයා මාහාචාර්ය Philip Zimbardo .ඔහු ඇමරිකානු ජාතික මනෝ විද්යාඥයෙක්.

    පර්යේශනයෙ අරමුණු උනේ බලය,පුද්ගල අනන්යතාව,සිරකරුවන් සහ බන්දනාගාර නිලදාරීන් ගෙ චර්යාව වගේ කාරනා අද්යයනය කිරීම.ඔහු ඒ සදහා ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්යාලයේ මනෝ විද්යා දෙපාර්තමේන්තුවේ බිම් මහලේ වෙනම අකෘතික සිර ගෙයක් නිර්මානය කලා .එහි සිරකරුවන් රදවා තැබීමට වෙනම සිර මැදිරි සකස් කරනු ලැබුවා.එක මැදිරියක සිරකරුවන් 3 දෙනුකු බැගින් සිර මැදිරියක ප්‍රමානය අඩි 6*9 .නිලදාරීන් වෙනුවෙන් වෙනම සිරකරුවන්ට වඩා සුවපහසු කාමර සකසා තිබුනා.
    පර්යේශනයට සහබාගී කරගත්තෙ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙච්ච පුද්ගලයන් 24 දෙනෙක්.ප්‍රසිද්ද පුවත් පත් දැන්වීම් මාර්ගයෙන් තමය් ඔවුන් බදවාගත්තේ.දැන්වීමට පිලිතුරු සපයපු අයව ඉස්සෙල්ලම මනා පරීක්ශාවකට ලක් කරලා මානසික රෝග ,මත්ද්‍රව්ය භාවිත කරපු අය,අපරාද වලට සම්බන්ද අය ඉවත්කරල සාමාන්ය නිරෝගී සමබර පෞර්ශයක් තියෙන මධ්‍යම පාන්තික පිරිමි අය 24 ක් තෝරාගනු ලැබුවා.තෝරාගත් අයට සහබාගී වන සති 2 ක කාලසීමව තුලදී එක දිනකට ඩොලර් 15 දීමනාවක් එකග උනා.

    ඊට පස්සේ...
    මේ තෝරාගත් 24 දෙනා අහඹු ලෙස කන්ඩායම් 2ට බෙදා වෙන් කලා.ඒ කියන්නෙ සිරකරුවන් ලෙස 12 දෙනෙක් සහ පාලකයන් ලෙස12 දෙනෙක් විදියට.මහාචාර්ය සිම්බර්ඩො බන්දනාගාර අදිකාරි හෙවත් සුපිරින්ටෙන්ඩෙන්ට් විදියට අධීක්ෂණ කටයුතු තමයි කලේ.

    පාලක කන්ඩායමට කාකි පාට නිල ඇදුම්,සපත්තු,අව් කන්නාඩි,සහ බැටන් පොල්ලක් ලබා දුන්නා.සිරකරුවන්ට ලබා දුන්නෙ සාමාන්ය සිර කරුවන්ට ලබාදෙන දළ රලු ඇදුම්.කකුලෙ වලලුකරට දම්වැල් යොදල තිබුනා.සෑම සිරකරුවෙකුට අංකයක් ලබාදීල තිබුන,ඔව්න් අමතනු ලැබුවෙ අදාල අංකයෙන්.එම අංකය ඔවුන්ගෙ ඇදුමෙ සටහන් කරල තිබුන.

    මාර පරීක්ශ්නයක් නේ ඒක..
    ඔව්..මුලු කාලයම වගේ සිරකරුවන් සිර මැදිරි වල රදවලයි තිබුනෙ.එතකොට පාලක නිලදාරීන්ට සිරකරුවන් සම්බන්දව පූර්න බලතල අදිකාරීත්වය ලබදීල තිබුනා.

    ඒ කිව්වෙ...
    එ කිව්වෙ සිරකරුවන්ට කාය්කව පහරදීම හා ආහාර සීමාකිරීම වගේදේවල් හැරුන කොට අනිත් දේවලට අවසර තිබුනා.

    හරි..ඊට පස්සෙ..
    දැන් මෙහෙම දවසක් දෙකක් යනකොට පර්යේශකයන්ට දකින්න ලැබුනා සිරකරුවන් තුල වගේම පාලක නිලදාරීන් තුලම ලොකු චර්යාත්මක වෙනස්කම් ඇති වෙන වග.

    ඒ කියන්නෙ?
    සිරකරුවන්ට ශාරීරික දන්ඩනය තහනම් උනත් පර්යෙශකයන් නැති අවස්තාවකදි එක පාලකයෙක් සිරකරුවෙක්ට ගිනි නිවීමට ගන්න උපකරනය්කින් පහර දීල තිබුනා. සමහර සිරකරුවන් ඉතාම වියරුවෙන් වගේ හැසිරෙන්න පටන් අරගෙන තිබුනා.සමහර අවස්තාවල්දි පාලනය කිරීමට අපහසු තරමටම තත්වය් දුර දිග ගිහිල්ල තිබුනා.
    Zimbardo කියන විදියට සමහර සිරකරුවො දිගටම විලාප දෙන්න,සාප කරන්න පටන් අරගෙන තියෙනවා.ඒවා මැඩ පවත්වන්න පාලකයොත් බොහොම දැඩි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

    ඒ කිව්වෙ මොන වගෙ ඒවද?
    විවිද වර්ගයේ අමාරු ශාරීරික ව්යායාම කරන්න සිරකරුවන්ට බල කරල තියෙනවා.තව වැසිකිලි යාමට හරි මුත්‍රා කරන්න යන්න ඉල්ලපු වෙලාවට උවමනාවෙන් ප්‍රමාද කරන එක,මුත්‍රා කිරීමට සිර කුටියෙ තියෙන භාජනය පිරිසිදු කරන එක ප්‍රමාද කරන එක වගේ දේවල්.
    මේ සිරකරුවන්ට ලබා දීල තිබුනෙ අවම පහසුකම්.ඔව්න්ට තිබුන ලොකුම වස්තුව තමය් නිදාගන්න දීල තිබුන මෙට්ටය. සමහර පාලකයන් සිරකරුවන්ට නිදාගන්න ලබල දීපු මෙට්ටය පවා ඉවත් කරන්න කටයුතුකරල තිබුනා.එතකොට සිරකරුවන්ට නිදාගන්න උනේ සීතල කොන්ක්‍රීට් පොලව මත.සමහර වෙලාවට සිරකරුවන්ගෙ ඇදගෙන ඉන්න ඇදුම් ඉවත් කරල අවමානයට ලක් කිරීම වගෙ දෙවලුත් කරලා තියෙනවා.

    අපොය්...දෙය්යනේ..
    මෙහෙම ඉදිරියට යනකොට නිරීක්ශනය කරපු ප්‍රදානම කාරනයක් තමය් පාලකය්න් ලෙස ඉන්න අයවලුන් තුල ක්‍රම ක්‍රමයෙන් දරුනු පරපීඩක චර්යා වර්ධනය වීම පෙන්නුම් කරන වග.වාර්තා වලට අනුව පාලකය්න්ගෙන් 1/3 ක් විතර ඍජුවම පරපීඩක චර්යාවලට යොමුවෙලා කියල සදහන් වෙනවා.

    හරිම පුදුමය් නේද?
    ඔව්..මොකද මේ දරුනු පරපීඩක චර්යාවලට යොමුවෙලා තියෙන්නෙ මීට දවස් කීපයක්ට කලින් සමාජයෙ ඉතා සාමාන්ය ,සාමකාමී ලෙස ජීවත් වෙච්ච පිරිසක් වීමය්.

    විශ්වාස කරන්නත් අමාරු කතාවක් නේ..
    ඔව්..මුලින් පරීක්ශනය සැලසුම් කලෙ සති 2ක කාල සීමාවකට.නමුත් මෙම බලාපොරොත්තු නොවු චර්යාමය වෙනස්කම් නිසා පර්යේශ්කයන්ට සිදු වෙනවා දවස් 6ක් වගෙ කෙටි කාලයකට පස්සෙ පර්යේශනය අත් ඇරල දාන්න.

    ඊට පස්සෙ මොකද උනේ?
    පර්යේශනයෙ ප්‍රතිපල පල කරනු ලැබුවා.හෙලිදරව් උන කාරනා ඒකාලෙ හරිම ආන්දෝලනාත්මක උනා.

    මොනවද ඒ කාරනා?
    සිරකරුවන් මුලදි තමන්ට වෙච්ච අසාදාරනයාන්ට විරුද්දව නැගී සිටියත් යම් කලකට පස්සෙ සිය්ලුම නීති රීති වලට අනුකූල වෙන්න ගත්තා.ඔවුන්ට හැගී ගියා තම විරෝදතා පල රහිත බවත් නිලදාරීන්ට අවනත් වෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බවත්.
    සිරකරුවන් වගේම පාලකයන් පවා දැනගෙන හිටියා තමන් සහභාගී වෙලා ඉන්නෙ පර්යෙශනයකට මිසක් සත්ය කාරනාවකට නෙමේය් කියලා.ඒ බව දැන දැනත් ඔවුන්ගෙ හැසිරීම් සහ චර්යා සම්පූර්නයෙන්ම වගේ වෙනස් උනා.

    මට කියන්න ඕනෙ අපි මේ කතා කලේ බොහොම සන්ක්ශිප්තව.ගොඩක් විස්තර තියෙනවා.ඔක්කොම කියන්න වෙලාව මදි.

    හරි...ඊට පස්සෙ..
    Zimbardo මේ කරපු දින 6 පර්යෙශනය සහ තමන්ගෙ වසර 30ක අත්දැකීම් පදනම් කරගෙන පොතක් ලියනව The Lucifer Effect කියලා.ඒ අව්රැදු 30ට පස්සෙ 2007 අව්රැද්දෙදි..පොතේ සම්පූර්න නම තමය් The Lucifer Effect, Understanding of How Good People Turn In To Evil .පොතේ නම කියවනකොටම කතන්දරේ තේරෙනවා නේ.ඒ කියන්නෙ සාමාන්ය යහපත් ලෙස සැලකෙන මිනිස්සු අතිශය දරුනු අපරාදවලට යොමු වෙන්නෙ කොහොමද කියලා.

    Lucifer Effect කියන්නෙ මොකක්ද?
    Lucifer කියන්නෙ සිකුරු තරුවට ලතින් භාසාවෙන් කියන නම.එහි තේරුම ආලෝකය ඇති කරන්නා කියන එකය්.බය්බලයට අනුව යක්ශයාට කියන තවත් නමක් තමය් Lucifer කියන්නෙ.

    ඒ කියන්නෙ යක්ශයාගෙ බලපෑමක් කියලද?
    බොහොම ඉපැරැනි ශිශ්ටාචාර වල දේවකතාවලට අනුව (සුමේරියානු,බැබිලෝනියානූ) ලුසිෆර් කියන්නෙ ස්වර්ගයේ ඉදලා පාතාල ලෝකයට එලවා දැමූ දෙවියෙක්.පාතාල ලෝකයට ආවාට පස්සෙ ඔහු සාතන් හෙවත් නපුරේ අදිපතියා බවට පත් වෙනවා.

    එතකොට සාතන් බවට පත් උනෙත් ස්වර්ගයේ හිටපු දෙවියෙක්.

    හරිම අපූරුය්..
    සිම්බර්ඩො එක තැනකදි කියනවා මිනිස්සු හොදය් හරි නරකය් හරි කියලා බෙදලා වර්ග කරන්න බෑ කියලා.මිනිස්සු හැසිරෙන්නෙ අදාල අවස්තාවට අනුකූල ලෙස.බලය හමුවෙ අපේ චර්යාව කොය් විදියට වෙනස් වෙය්ද කියල කියන්න බෑ.අපි හැමෝම තුල දෙවියෙක් වගේම යක්ශයෙකුත් ජීවත් වෙනවා.

    ඕකනෙ..කියන්නෙ Extreme Power-Extreme Corruption කියල .
    ඔව් ..ඔබ හරි.මිනිහෙක්ට බලය ලැබෙන්න කලින් සහ බලය ලැබුනට පස්සෙ හැසිරීම ගැන දක්වන හොද උදාහරනයක් තමය් මේක.හොද අවන්ක යහපත් ලෙස පෙනෙන පුත්ගලයන් ගෙ චිත්ත සන්තානය තුල උනත් අදුරු අධම ජඩ සහජයන් සැගවී තියෙන්න පුලුවන්.බුදු හාමුදුරුවො පවා අපෙ සිතේ තියෙන මේ පවට නැබුරු අධම කොටස ගැන විග්‍රහ කරල තියෙනවා.

    Abraham Lincoln වරක් ප්‍රකාශ කරල තියෙනවා If you want to test someone’s character give him power කියලා..ඒ කියන්නෙ ඔබට යම් අයෙකුගෙ සත්ය තත්ය ස්වභාවය පරීක්ශා කිරීමට අවශ්ය නම් ඔහුට බලය ලබා දෙන්න කියලා.එවිට ඔහුගෙ සැබෑ ස්වරූපය එලි වෙනු ඇත කියල.

    දැන් තේරෙනවා නේද බලය හමුවෙ මිනිස්සු නිරායාසයෙන් වැරැද්දට සහ පාපයට යොමු වෙන හැටි.
    නවක වදය,යුද අපරාද,ලමා අපචාර,පොලිස් පහර දීම්,අයතන ප්‍රදානීන් සිදුකරන අපචාර වාගේ දේවල් වලට මූලික හේතුව මොකක්ද කීයලා.
    Zimbardo තවත් එක තැනකදි කියනවා Slippery Slope of Evil කියල දෙයක් ගැන.ඒ කියන්නෙ අපි ස්වභාවයෙන්ම නපුරට සහ අයහපතට තියෙන නැබුරුව ගැන.එක වරක් වැරැද්දක් කලාම එම නැබුරුව තවත් වැඩි වෙනව කියන එක.
    ඒ හින්දා බලය කියන්නෙ බොහොම භායානක දෙයක්.අපි කොච්චර හොදය් කියලා හිතාගෙන හිටියත් අපි උනත් වෙනස් වෙන්න මහ කාලයක් ගත වෙන්නෙ නෑ කියන එක.

    මනුශ්ය චිත්ත සන්තානය කියන්නේ හරිම අවිනිශ්චිත සහ ගුප්ත දෙයක්.ඒ නිසා වැඩිපුර බලය කියන දේට ආසා කරන්න එපා.අනික අපි බලය කියන දෙය ලබා දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනා.පුද්ගලයෙකු කේන්ද්‍ර කර නොගෙන යම් ස්තාවර නියාමනය වන ක්‍රම වෙදයකට (System) බලය ලබා දෙනවා නම් බලය අවභාවිත වෙන එක ගොඩක් වලක්වාගන්න පුලුවන්.
    හරිම අපූරු සන්වාදයක්...අපි දොස්තර සිසිර කරුනාරත්න මහතාත් සමග තවත් මෙවන් සන්වාදයක් කරන බලාපොරොත්තුවෙන් අදට සමු ගනිමු.

    Copied from FB Jhon Snow
    https://www.facebook.com/profile.php?id=100024157132679