Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ කෝප්පයට බසින බ්‍රිතාන්‍යයේ කුඩාම සුනඛ පෝතකයා ‘මිනී’

තදින් වසා ගත් දෙනෙතින් යුතුව තේ කෝප්පයක් තුළ සුව නින්දේ පසුවන ‘මිනී’ සුනඛ පෝතකයකු බව බැලූ බැල්මට කිසිවෙකුට කිව නොහැක. මිනිස් නියපොත්තකටත් වඩා කුඩා වූ අත් හා පා පතුල් සහිත අඟල් හතරක දිගින් යුතු සුනඛ පෝතක ලිලිපුට්ටෙකු වන ‘මිනී’ එතෙක් මතෛක් බ්‍රිතාන්‍යය ඉතිහාසයෙන් වාර්තා වුණු කුඩාම සුනඛ පෝතකයා ලෙස විරුදාවලි ලැබිමට තරම් වාසනාවන්ත වී තිබේ. යෝර්ක්ෂයර් ටෙරියර් හා චිහුආහුආ දෙවර්ගයේ දෙමුහුම් වර්ගයකට අයත් මිනී මීට සති දෙකකට එපිටදී මෙලොව එළිය දුටු අවස්ථාවේදී ඇය කෙතරම් දුර්වල තත්ත්වයක පසු වීද යත් ඇය ජීවත්වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය

අවුන්ස 1.3ක උපත් බරකින් යුතු වූ ‘මිනී’ගේ හිමිකාරිනිය වන විසිනව හැවිරිදි ‘එමා විලියම්ස්’ ගේ දැඩි කැපවීම නොවන්නට ජීවිතයත් මරණයත් අතර ගෙවුණු එම තීරණාත්මක දින කීපය ගෙවා ගැනීමට මිනීට කිසිසේත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තවමත් දෙනෙත් විවෘත කර හෝ හරිහැටි ඇවිද ගැනීමට හෝ නොහැකි මිනී ජංගම දුරකථනයක් මත හුරුබුහුටි ලෙස වැතිරී සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවීමත් සමග දහස් ගණනක් වූ රසික පිරිසක් මේ ක්ෂුද්‍ර ප්‍රාණියා කෙරේ අසීමිත ස්නේහයෙන් ඇය වටා රොද බැඳ ගත්තද, ඇගේ මවගේ උණුසුමින් තොර වූ බාහිර ලෝකයක් පිළිබඳව ඇයට තවමත් කිසිදු වැටහීමක් නොමැත.

මිනීට අමතරව තවත් පැටවුන් හයදෙනෙකු එකවර ලැබූ ‘බෙලා’ සුනඛ මව හා මිනීගේ පියා යන දෙදෙනාම රාත්තල් 6-7ක බරකින් යුතු සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සුනඛයන් වන නමුත් ‘මිනී’ හට රාත්තල් 1.5ක බරකට හෝ ළඟා වීමට හැකිවේද යන්න සිහිනයකි. උපතේ සිටම අතිශය දුර්වල තත්ත්වයක පසු වූ මිනීහට මවගෙන් කිරි උරා බිම සඳහා සිය සහෝදර සහෝදරියන් සමග ඉමහත් අරගලයක යෙදීමට සිදු වූ නිසාම ඇය සෙසු පැටවුන්ගෙන් වෙන් කොට හදා වඩා ගැනීමට එමා තීරණය කළේ මේ හුරුබුහුටි අසරණයාට ලෝකය හැරදා යාමට ඉඩදිය නොහැකි නිසයි.

සුනඛ පෝතකයන් උදෙසා විශේෂයෙන් සංයෝග කළ කිරි වර්ගයක් ප්ලාස්ටික් පිපෙට්ටුවක් ආධාරයෙන් සෑම දෙපැයකට වරක්ම ‘මිනී’ හට පෙවීමට සිදුවීම නිසා එමාට සිදු වූයේ මිනී ඇතුළු සෙසු පැටවුන් අසලම වැතිරී කෙටි නින්දක් ලබා ගැනීමටයි.

මිනී කෙතරම් කුඩා වීද යත් නොයෙක්වර එමා වික්ෂිප්ත වූයේ වරකට දියයුතු ප්‍රමාණය වූ මේස හැන්දක ප්‍රමාණය ඉක්මවා කිරි පෙවීම නිසා මිනී මරණයට පත් වේද කියායි. එමාගේ එම කැපවීම නිසා ජීවිතයේ අන්තරාකාරී කාල සීමාව සාර්ථක ලෙස පසු කළ මිනීගේ අනාගතය සුබවනු ඇති බවත්.

ප්‍රමාණයෙන් කුඩා වීම නිසා හට ගන්නා දුර්වලතාවන් ඇරුණු කළ වෙනත් ජීවිත අවදානම් තත්ත්වයන්ගෙන් තොරව ජීවිතය ගෙන යා හැකි වනු ඇති බවටත් මිනීගේ පශු වෛද්‍යවරයා විසින් කර ඇති පැහැදිලි කිරීම එමාහට ඉමහත් අස්වැසිල්ලක් වී තිබේ. මිනී වෙනුවෙන් ඇගේ මීළඟ ප්‍රාර්ථනය වන්නේ ඉක්මනින් ඇයට ආදරය කරන පවුලක රැකවරණය ලබා දීමයි.

[QUOTE="NPDJs, post: 13511814, member: 22642"] තේ කෝප්පයට බසින බ්‍රිතාන්‍යයේ කුඩාම සුනඛ පෝතකයා ‘මිනී’ [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/09/15-4.jpg[/IMG] තදින් වසා ගත් දෙනෙතින් යුතුව තේ කෝප්පයක් තුළ සුව නින්දේ පසුවන ‘මිනී’ සුනඛ පෝතකයකු බව බැලූ බැල්මට කිසිවෙකුට කිව නොහැක. මිනිස් නියපොත්තකටත් වඩා කුඩා වූ අත් හා පා පතුල් සහිත අඟල් හතරක දිගින් යුතු සුනඛ පෝතක ලිලිපුට්ටෙකු වන ‘මිනී’ එතෙක් මතෛක් බ්‍රිතාන්‍යය ඉතිහාසයෙන් වාර්තා වුණු කුඩාම සුනඛ පෝතකයා ලෙස විරුදාවලි ලැබිමට තරම් වාසනාවන්ත වී තිබේ. යෝර්ක්ෂයර් ටෙරියර් හා චිහුආහුආ දෙවර්ගයේ දෙමුහුම් වර්ගයකට අයත් මිනී මීට සති දෙකකට එපිටදී මෙලොව එළිය දුටු අවස්ථාවේදී ඇය කෙතරම් දුර්වල තත්ත්වයක පසු වීද යත් ඇය ජීවත්වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය අවුන්ස 1.3ක උපත් බරකින් යුතු වූ ‘මිනී’ගේ හිමිකාරිනිය වන විසිනව හැවිරිදි ‘එමා විලියම්ස්’ ගේ දැඩි කැපවීම නොවන්නට ජීවිතයත් මරණයත් අතර ගෙවුණු එම තීරණාත්මක දින කීපය ගෙවා ගැනීමට මිනීට කිසිසේත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තවමත් දෙනෙත් විවෘත කර හෝ හරිහැටි ඇවිද ගැනීමට හෝ නොහැකි මිනී ජංගම දුරකථනයක් මත හුරුබුහුටි ලෙස වැතිරී සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවීමත් සමග දහස් ගණනක් වූ රසික පිරිසක් මේ ක්ෂුද්‍ර ප්‍රාණියා කෙරේ අසීමිත ස්නේහයෙන් ඇය වටා රොද බැඳ ගත්තද, ඇගේ මවගේ උණුසුමින් තොර වූ බාහිර ලෝකයක් පිළිබඳව ඇයට තවමත් කිසිදු වැටහීමක් නොමැත. මිනීට අමතරව තවත් පැටවුන් හයදෙනෙකු එකවර ලැබූ ‘බෙලා’ සුනඛ මව හා මිනීගේ පියා යන දෙදෙනාම රාත්තල් 6-7ක බරකින් යුතු සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සුනඛයන් වන නමුත් ‘මිනී’ හට රාත්තල් 1.5ක බරකට හෝ ළඟා වීමට හැකිවේද යන්න සිහිනයකි. උපතේ සිටම අතිශය දුර්වල තත්ත්වයක පසු වූ මිනීහට මවගෙන් කිරි උරා බිම සඳහා සිය සහෝදර සහෝදරියන් සමග ඉමහත් අරගලයක යෙදීමට සිදු වූ නිසාම ඇය සෙසු පැටවුන්ගෙන් වෙන් කොට හදා වඩා ගැනීමට එමා තීරණය කළේ මේ හුරුබුහුටි අසරණයාට ලෝකය හැරදා යාමට ඉඩදිය නොහැකි නිසයි. සුනඛ පෝතකයන් උදෙසා විශේෂයෙන් සංයෝග කළ කිරි වර්ගයක් ප්ලාස්ටික් පිපෙට්ටුවක් ආධාරයෙන් සෑම දෙපැයකට වරක්ම ‘මිනී’ හට පෙවීමට සිදුවීම නිසා එමාට සිදු වූයේ මිනී ඇතුළු සෙසු පැටවුන් අසලම වැතිරී කෙටි නින්දක් ලබා ගැනීමටයි. මිනී කෙතරම් කුඩා වීද යත් නොයෙක්වර එමා වික්ෂිප්ත වූයේ වරකට දියයුතු ප්‍රමාණය වූ මේස හැන්දක ප්‍රමාණය ඉක්මවා කිරි පෙවීම නිසා මිනී මරණයට පත් වේද කියායි. එමාගේ එම කැපවීම නිසා ජීවිතයේ අන්තරාකාරී කාල සීමාව සාර්ථක ලෙස පසු කළ මිනීගේ අනාගතය සුබවනු ඇති බවත්. ප්‍රමාණයෙන් කුඩා වීම නිසා හට ගන්නා දුර්වලතාවන් ඇරුණු කළ වෙනත් ජීවිත අවදානම් තත්ත්වයන්ගෙන් තොරව ජීවිතය ගෙන යා හැකි වනු ඇති බවටත් මිනීගේ පශු වෛද්‍යවරයා විසින් කර ඇති පැහැදිලි කිරීම එමාහට ඉමහත් අස්වැසිල්ලක් වී තිබේ. මිනී වෙනුවෙන් ඇගේ මීළඟ ප්‍රාර්ථනය වන්නේ ඉක්මනින් ඇයට ආදරය කරන පවුලක රැකවරණය ලබා දීමයි. [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/09/15-1.jpg[/IMG] [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/09/15-2.jpg[/IMG] [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/09/15-3.jpg[/IMG] [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/09/15-5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom