ව්‍යාජ මෘදුකාංග සහිත පරිගණක විකිණූ වෙළෙඳුන් උසාවියට
බම්බලපිටිය සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක පිහිටා තිබුණු පරිගණක අලෙවි සලක් වැටලූ කොළඹ අපරාධ කොට්‌ඨාසය එහි විකිණීමට තබා තිබූ ව්‍යාජ මෘදුකාංග ඇතුළත් කළ පරිගණක රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ මෘදුකාංග සහිත පරිගණක අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය අරඹා ඇති වැඩපිළිවෙළ මත මෙම වැටලීම ක්‍රියාත්මක වූ අතර මෙම අත්අඩංගුවට ගත් පරිගණක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ මෘදුකාංග ඇතුළත් පරිගණක අලෙවි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර මේ සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව තුළ වෙළෙඳුන් දැනුවත් කළ බව පොලිසිය ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ අදහස් දක්‌වමින් මයික්‍රොසොµaට් ශ්‍රී ලංකා සමාගමේ නීතිඥ සුදත් පෙරේරා මහතා පැවැසුවේ ව්‍යාජ මෘදුකාංග සම්බන්ධ සිද්ධියකට වරදකරුවකු වන පුද්ගලයකුට දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ රුපියල් ලක්‍ෂ 5 කට නොවැඩි දඩ මුදලක් හෝ මාස 6 කට නොවැඩි සිරදඬුවමක් හෝ ඇතැම්විට මෙම දඬුවම් දෙකම හෝ හිමිවීමට ඉඩකඩ ඇති බවයි.

Code:
divaina