Push Start වාහන හොරකම්

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් (Toyota Axio Hybrd) තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක(Hemas) රථ ගාලේ නවතා තිබියදී පුද්ගලයන් දෙදෙනකු විසින් සොරාගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා පැය විසිහතරක් ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී ඇත.
    සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් මෝටර් රථය, එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    ඉකුත් 27 වැනි දින රාත්‍රී වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව නිවෙස කරා යෑමට නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

    එම සොරකම සම්බන්ධයෙන් තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. ලක්ෂිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විමර්ශනවලදී සැක සහිත වාහනයක් රථ ගාල වෙත පැමිණෙන අයුරු හා එය පිට වෙන අයුරු නිරීක්ෂණය කර ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබිණි.
    ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ නිවෙසකදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ බෝඩිමක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

    කඩුවෙල නිවෙසේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෝටර් රථය ස්කෑන් කර ස්වයංක්‍රීයව පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග සහිත යන්ත්‍රයක් මෙන්ම අනෙක් සැකකරු සන්තකයේ ජංගම දුරකතන සඳහා භාවිත කරන විවිධ වර්ගයේ සිම්පත් 2000කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
    එම මෘදුකාංග සහිත යන්ත්‍රය අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 60,000කට මිලදී ගත් බවට සැකකරු ප්‍රකාශ කර ඇත. සැකකරුවන් දෙදෙනාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරාගත් මෝටර් රථය මාතර තිහගොඩ ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සඟවා තිබියදී එහි ලියාපදිංචි අංක තහඩු දෙක එම ප්‍රදේශයේම ළිඳකට වීසි කර තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
    ඉකුත් 27 වැනි දින මෝටර් රථය සොරා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුගේ කඩුවෙල නිවෙසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර දක්වා අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    සැකකරුවන් දෙදෙනා මීට පෙර මෙවැනි අපරාධවල යෙදී ඇත්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙක් පැවසීය.

    අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පුරා පසුගිය වසර කිහිපය ඇතුළත සිදු වූ බව කියන මහාපරිමාණ මෝටර් රථ සොරකම්වලින් වැඩි සංඛ්‍යාවක් key fob උපකරණයෙන් පණ ගැන්විය හැකි තාක්ෂණයෙන් යුතු මෝටර් රථ බව හෙළි වී තිබේ. යතුරු රහිත එවැනි මෝටර් රථ සොරකම් කිරීම වර්තමානය වන විට බොහෝ යුරෝපා රටවල වාහන හිමියන්ට ද විශාල ගැටලුවක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.
    එවැනි උපකරණ මඟින් වාහනයේ දොරටු විවෘත කිරීමට සහ පණ ගැන්වීමට රැහැන් රහිත සම්ප්‍රේෂක භාවිත කරමින් එම මෝටර් රථයේ key fob උපකරණයෙන් නිකුත් කරනු ලබන රේඩියෝ සංඥා සම්ප්‍රේෂණය කර ගැනීමට වාහන සොරුන් සමත් වී ඇත.
    සොරුන් විසින් භාවිත කරන එවැනි සම්ප්‍රේෂක වාහන හිමියන්ගේ සාක්කුව හෝ අත් බෑගය තුළ හෝ නිවෙසේ තබා ඇති key fob උපකරණයෙන් රේඩියෝ සංඥා ග්‍රහණය කරමින් ඔවුන්ගේ මෝටර් රථ සොරකම් කරනු ලබන බව මේ වන විට සොයා ගෙන තිබේ. මිනිත්තු දෙකකටත් වඩා අඩු කාලයකදී එවැනි වාහන සොරකමක් සිදු කළ හැකි බව ද වාර්තා වේ.

    Related Post:

    1685510136555.png
     
    Attachments

    • 1685509285773.png
      1685509285773.png
      933.6 KB · Views: 142
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    gps වලින්ද අල්ලලා තියෙන්නෙ?
    CCTV වෙන්ඩැ

    සාපයක් වෙන්නයි හදන්නෙ මේක...
    වාහනේ පේන තෙක් මානෙම ඉන්න වෙයි වගෙයි
    ------ Post added on May 31, 2023 at 10:39 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නිවුස් එකේ තොරතුරු වැඩියි වගේ දාල තියෙනව...

    මටත් ඔය ගැජට් එක හොයාගෙන කරල බලන්න ආසාවක් ආව නිව්ස් එක කියෙවුවම...
    මිනිස්සු පෙලඹෙනව වාහන හොරකම් කරන්න...😃
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    වැරදි පැත්තට නම් පිටරට technologies ලංකාවට එන්නේ නිකං films release කරනකොට වගේ දවසෙන් දෙකෙන්. ඒකට හොඳ දෙයක් නම් අවුරුදු විස්සක් වත් යයි. 😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    CCTV වෙන්ඩැ

    වාහනේ පේන තෙක් මානෙම ඉන්න වෙයි වගෙයි
    ------ Post added on May 31, 2023 at 10:39 AM
    පාකිං වල දානකොට කාඩ් දෙන තැන් වලම දාල යන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    නිවුස් එකේ තොරතුරු වැඩියි වගේ දාල තියෙනව...

    මටත් ඔය ගැජට් එක හොයාගෙන කරල බලන්න ආසාවක් ආව නිව්ස් එක කියෙවුවම...
    Aftermarket central ලොක් සිස්ටම් නම් තත්පර 30 යි දොර අරින්න යන්නේ ඒත් ස්ටාට් කරන්න බෑනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    නිවුස් එකේ තොරතුරු වැඩියි වගේ දාල තියෙනව...

    මටත් ඔය ගැජට් එක හොයාගෙන කරල බලන්න ආසාවක් ආව නිව්ස් එක කියෙවුවම...
    මිනිස්සු පෙලඹෙනව වාහන හොරකම් කරන්න...😃
    කරමු දැන් මිස්ටත් පරණ කොස්ස දීල අලුත් කොස්සක් ගන්න කාලෙ හරි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Aftermarket central ලොක් සිස්ටම් නම් තත්පර 30 යි දොර අරින්න යන්නේ ඒත් ස්ටාට් කරන්න බෑනේ
    ඔර්ජිනල් එන සෙන්ටර්ලොක් සිස්ටම් අරින්න බැරිද ඒ ක්‍රමේට...

    කරමු දැන් මිස්ටත් පරණ කොස්ස දීල අලුත් කොස්සක් ගන්න කාලෙ හරි.
    ඔවු...
    මම ටීම් එකක් හදන්න ඉන්නෙ. එනවද පාට් ටයිම් වැඩ කරල කීයක් හරි හොයාගන්න...
    වැඩේට කැමතිනං Cv එකක් හදල pm කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඔර්ජිනල් එන සෙන්ටර්ලොක් සිස්ටම් අරින්න බැරිද ඒ ක්‍රමේට...
    සමහර ඒව පුළුවන්, දෙවනි රිමෝට් එක කොපි කරගන්න ක්‍රමයක් තියෙනවනං 100% පුළුවන්ලු
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    නිවුස් එකේ තොරතුරු වැඩියි වගේ දාල තියෙනව...

    මටත් ඔය ගැජට් එක හොයාගෙන කරල බලන්න ආසාවක් ආව නිව්ස් එක කියෙවුවම...
    මිනිස්සු පෙලඹෙනව වාහන හොරකම් කරන්න...😃

    oka man hithanne aluth deyak newei. duplicate key program karana widiya ma thama. horakamakata use karapu mulma sare wenna puluwan. un gawa dummy key FOB ekak athi. car eken dena RFID eka code kara ganna witharai thiyenne.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    In simple terms, it`s called a relay attack. A signal repeater/amplifier is required to amplify the weak signal (i.e. from the transponder/key kept inside a house), confusing the car to think that the Key is nearby.

    A simple faraday case/signal blocker can be used to keep the transponder key inside the house. I keep my spare key wrapped in aluminum foil just in case. :lol:

    There`s another complicated method called CAN Injection which dont actually need any signal from an existing key though.
     
    Thanks for the explanation!
     
    • Like
    Reactions: NRTG and MrCat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    In simple terms, it`s called a relay attack. A signal repeater/amplifier is required to amplify the weak signal (i.e. from the transponder/key kept inside a house), confusing the car to think that the Key is nearby.

    Could be a replay attack too - The thief copies the unlock signal as it's being transmitted by the original key and replays it and gets access
     
    • Like
    Reactions: NRTG