ජාතික ඉන්ධන බලපත්‍රයත් ලෙෆ්ට් වෙයි ? ජංගම දුරකතන පිරවූම්හල් වල ක්‍රියාත්මක කිරීම රක්ෂණ කොන්දේසි උල්ලංඝනය කිරීමක්...
බලශක්ති ශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේය.
එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.
කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.