ගෝලීය චිප්ස් හිඟය හේතුවෙන් QUALCOMM සමාගම අසීරු තත්ත්වයක.. XIAOMI සහ OPPO සමාගම් MEDIATEK වෙත යොමු වේ
Qualcomm යනු ලොව ජනප්‍රියතම ජංගම දුරකථන චිපස් නිෂ්පාදකයා වේ. Qualcomm හි ජනප්‍රියතාවය සමගම එය මේ වන විට ඉතා අසීරු තත්ත්වයක පසුවේ. මේ වන විට ලෝකයම ‘චිප් හිඟයකට’ මුහුණ දී ඇති අතර තත්වය තවත් නරක අතට හැරෙමින් පවතී. මේ හේතුවෙන් වඩාත්ම අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ Qualcomm ය.
පසුගිය වසර අවසානයේදී චිප් හිඟය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත සහ Game Console (ක්‍රීඩා කොන්සෝල) කර්මාන්තය ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් නොතිබුණි. මෙම වසර ආරම්භයේදී පරිගණක හා සම්බන්ධ උපාංග වන Processors, Graphics Cards සහ Memory Cards වල මිල ප්‍රමාණයන් විශාල ලෙස ඉහළ ගියේය. නමුත් මේ ආකාරයෙන් මිළ ඉහළ ගියත් එය නිෂ්පාදකයින්ට තවත් නිෂ්පාදන නිකුත් කිරීමට රුකුලක් නොවීය… මන්ද, ප්‍රමාණවත් තරම් චිප්ස් නොමැති වීමයි.
SmartPhones වලට මොකද වෙන්නෙ
Android SmartPhone හි චිප් දැවැන්තයා වන Qualcomm පෙන්වා දී ඇත්තේ සියලුම ද්‍රව්‍ය සඳහා දැනට බෙදා හැරීමේ කාලය සති 30 කට වඩා වැඩි කර ඇති බවයි. තවද, CSR Bluetooth චිප්ස් බෙදා හැරීමේ වාර සති 33 කට වඩා වැඩි වී ඇත.
MediaTek මෙම චිප හිඟය සාර්ථකව ජයගනු ඇත..
දින දෙකකට පමණ පෙර සමහර මාධ්‍ය වාර්තා කළේ Wafer Foundry නිෂ්පාදන ධාරිතාවයේ හිඟය නිසා Qualcomm සමාගමට බලපෑම් ඇති වූ බවයි. එහි ජංගම දුරකථන සඳහා වන 5G චිප්ස් සැපයීම අවහිර වී ඇත. එබැවින් Xiaomi සහ OPPO වැනි සමාගම් Mediatek චිප්ස් භාවිතයට පෙළබී ඇත.
වාර්තා වලට අනුව Xiaomi සමාගම
Qualcomm චිප්ස් භාවිතා කරන අනුපාතය පෙර 80% සිට 55% දක්වා පහත වැටී ඇත
ඇණවුම් විශාල සංඛ්‍යාවක් දැන් Mediatek වෙත ලැබෙමින් පවතී.
මෙම වාර්තාවන් සත්‍ය නම්, Snapdragon 888 සමග නිකුත් වීමට ඇති Xiaomi SmartPhones තොගය තියුනු ලෙස පහත වැටෙනු ඇත. ඊට ප්රතිවාදීව Mediatek චිප්ස් භාවිතය ක්‍රමයෙන් වැඩි වනු ඇත.
මීට අමතරව මෙම කාර්තුවේ දී Mediatek හි ආදායම ඩොලර් බිලියන 100 (ඩොලර් බිලියන 3.54) දක්වා ළඟා වනු ඇති බවට වාර්තා නිකුත් වී තිබේ.
චිප්ස් හිඟය සම්බන්ධයෙන් ගත් කල, Qualcomm හි ප්‍රධාන විධායක නිලධාරි Cristiano Amon මීට පෙර මාධ්‍යයට පවසා ඇත්තේ තාක්ෂණික නිෂ්පාදන සඳහා දැනට පවතින ඉහළ ඉල්ලුම Semiconductor
(අර්ධ සන්නායක) කර්මාන්තයට දැඩි පීඩනයක් එල්ල කර ඇති බවයි.
Mediatek විසින් ඔවුන්ගේ ප්‍රධාන චිප්ස් එකින් එක දියත් කරන්නේ එබැවිනි. Dimensity 1000 ශ්‍රේණියේ චිපයන් Snapdragon චිප්ස් සාර්ථකව අභිබවා යාමට සමත්ව ඇත. මෙම වසරේ දෙවැනි කාර්තුව මුලදී Mediatek Dimensity 2000 චිපය නිකුත් කරන බවට ද තොරතුරු මේ වන විට නිකුත් වී ඇත..............