වයදම්මා සංකාරා!
ශෝකාකුල එළකිරිපුර වාසි කුකුලනි,
එළකිරිපුර වාසීන්ගේ නිරන්තර පුක්ෂණයට ලක්වෙමින් පුරා දස වසරක් මුළුල්ලේ අප සැම අමන්දානන්දයට පත්කරමින් විසූ කෘතහස්ත වල් කතාකරුවකු මෙන්ම ගේයපද රචකයකු වූ අප්පුගේ අසංක ( @asanka+++ ) උසාපක මහතා හදිසියේ අපාගත වූ පුවත සැලවීමෙන් මා ඉමහත් කම්පනයට ත් ශෝකයට ත් පත්වුනෙමි. ඔහුගේ මේ අකල් වියෝව එලකිරියට වගේම ඔහුගේ අතිජාත මිතුරන් වූ මට ත් @tharakaf , @SLK_sri සහ @AnuradhaRa ට ත් ඉමහත් පාඩුවක් බව කිවයුතුය. ඒ සියල්ලට වඩා බරපතළ ම පාඩුව සිදුවී ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයට බව එහි සබාපති තුමා X සටහනක් තබමින් සඳහන්කර තිබේ. මේ අනුව ලොතරැයි මණ්ඩලයේ අනාගතය ඉතා අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත

ඔහුට දක්වන උපහාරයක් වශයෙන් ඔහු විසින්ම රචනා කරන ලද "නොකී කතාව" නම් කාව්‍ය නිර්මාණය උපහාර ගීතයක් වශයෙන් නුදුරු අනාගතයේ එළිදැක්වීමට මම බලාපොරොත්තු වෙමි.
දයාබර අසංක ඔබට මොක් සුව!