R.K. නාරායන් සහ මල්ගුඩිය
R.K. නාරායන් හෙවත් රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි දකුණු ඉන්දියාවේ ජන්මලාභය ලත් ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ යෙදුණු අපූරු ලේඛකයෙක්. ඔහුගේ නම ලාංකිකයා හොඳින්ම හඳුනා ගත්තේ ඔහු විසින් රචිත Malgudi Days නමැති කෙටිකතා එකතුව ඇසුරින්ම නිර්මාණය කෙරුණු මල්ගුඩි දවස් මාලා නාටකය නිසයි. නාරායන් තම ලේඛනය සඳහා පසුබිම් කරගන්නේ මල්ගුඩිය නමැති කල්පිත අර්ධ නාගරික පෙදෙසයි. නාරායන්ගේ සෑම නිර්මාණයකම හමුවන එලාමන් වීදියත්, සරයු ගංගාවත්, නල්ලප්පා උයනත්,ඇල්බට් මිෂන් විද්‍යාලයත්, ගෆූර්ගෙ ටැක්සියත් නාරායන් ලෝලීන්ට නම් අමුතු දේවල් නොවෙයි. ඔහුගේ නිර්මාණ බොහොමයක් සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. The Guide - වීදුරු බිත්ති, The Painter of Signs - සැරිසරන සිත්තරා, The Bachelor of Arts - උපාධිධරයා, Swami and Friends - ස්වාමි සහ යහළුවෝ,The Vendor of Sweets - රසකැවිලි වෙළෙන්දා ඉන් කිහිපයක්.
ඒ අතරින් The Vendor of Sweets 1967 වර්ෂයේදී ලියැවුණු අපූරු නවකතාවක්. එය ගෙතෙන්නේ මල්ගුඩි නගරයේ ධනවත් මැදිවයස් වැන්දඹු පුරුෂයෙකු වන ජගන් වටා. ජගන් වෘත්තියෙන් රසකැවිලි වෙළෙන්දෙක්. මහත්මා ගාන්ධිගේ බැතිමත් අනුගාමිකයෙක් වන ඔහු හොඳටම නරක් වුණු තරුණ පුතෙකුගේ තාත්තෙක්.
හැබැයි පටන් ගනිද්දීම පේන්න තියෙන්නේ ජගන් අන්ධානුභක්තිකයෙක් බව. කතාව පටන් ගන්නේ භගවත් ගීතාවේ මේ වැකියෙන්. "Conquer tase and you will have conquered the self" මෙහි සරල සිංහලානුවාදය නම් රසය අවනත කර ගත් තැනැත්තා විසින් ජීවිතය අවනත කර ගත්තේය යන්නයි. නමුත් එහි මතුපිට අර්ථය පමණක් ග්‍රහණය කරගන්නා ජගන් ලුණු හා සීනි භාවිතය අතහැර දමයි.
නාරායන්ට ආවේණික උපහාසය මේ කතාව පුරාම ගලා යන්නේ නිරායාසයෙන්. (නාරායන්ට The master of Chekhovian Irony කියන්නේ නිකංයැ)
මේ නවකතාවේ සිංහල පරිවර්තන දෙකක් දක්නට ලැබෙනවා. දෙකම නම් කර තිබෙන්නේ රසකැවිලි වෙළෙන්දා නමින්. එකක් රුවන් හරිස්චන්ද්‍රගේ පරිවර්තනයක්. ඒකෙ වැරදි බහුලයි. අනික සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධනගේ පරිවර්තනය. ඒක හරිම බෝරිං. ඒ නිසා මගේ නිර්දේශය මේ කෘතීන් දෙකම අතහැර ඉංග්‍රීසි මුල්කෘතිය කියවන ලෙසයි. සරල ඉංග්‍රීසියෙන් ලියැවී ඇති නිසා තේරුම් ගන්නට හරිම ලේසියි. මේ වීඩියෝවෙන් ඔබට තවත් මේ කෘතිය ගැන අදහසක් ගන්නට පුළුවනි.

eka amataka wen na bn