Radar (රේඩාර් ) නැති කාලේ ප්ලේන් ආව හැටි....
මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...
ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ නිශ්චල ව තියෙන වස්තූන් දුර ඉඳන් හඳුනාගන්නා ක්‍රමයක්! උදාහරණයක් කිව්වොත් ගුවන් යානා,නැව්, මෝටර් රථ, මිසයිල වගේ දේවල්. මේ සඳහා යොදාගන්නේ විද්‍යුත් චුම්බක කිරණ, විශේෂයෙන් ම රේඩියෝ තරංග. ඇන්ටෙනාවක් හරි ඩිෂ් එකකින් හරි නිකුත් කරන රේඩියෝ තරංග අදාළ වස්තුවේ ගැටිලා පරාවර්තනය වන කිරණය නැවත ග්‍රහණය කරලා ඒ පිළිබඳ ව යම් යම් ගණනය කිරීම් කරලා අදාළ වස්තුවේ පරාසය, වේගය, දිශාව, උස වගේ දේවල් පහසුවෙන් ම නිර්ණය කරන්න පුළුවන්. A/L වලට Science කළ අයට නම් Physics වල ඩොප්ලර් ආචරණය මතක් වෙනවා ඇති නේද? දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඇමෙරිකානු හමුදාව තමයි මේ තාක්ෂණය ගොඩක් දියුණු කරලා ගත්තේ සතුරන්ගේ ඔත්තු බලන්න. දැන් නම් මේ තාක්ෂණය ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා අමතර ව traffic පාලනය කරන්න, ප්‍රති මිසයිල පද්ධති වලට, ගුවන් ආරක්ෂක පද්ධති වලට වගේ දේවලටත්. මම හිතන්නේ දැන් ඇති වගේ නේද කියෙව්වා මේ ගැන, තවත් කිව්වොත් නම් එපා වෙයි. එහෙනම් ෆොටෝස් බලන්නකෝ....
කොහොමද වැඩේ... මරු නේද? එහෙනම් මේ ගැන මොනාහරි කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද!
Source:-Click Here