chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    EK 1 කට්ටිය කියල තිබුනනේ Rail Hike එකක් යන්න කැමතියි කියල.......!!!!!
    ඉතින් මන් හිතුව ඒක ගැන Thread 1k දාන්න....!!!!

    Rail Hike කියල කියන්නේ කට්ටිය එකතුවෙලා කොහෙහරි station 2k අතර පයින් යනවා.....

    නිකම්ම යන්නේ නෑ........... යනගමන් ලස්සන තැන් හම්බුනාම photos එහෙම ගන්නවා. පට්ටම fun
    තමයි ඉතින්....!!!:yes::yes::yes:

    FB 1 තියෙනවා Rail Junction කියල Page 1k.....

    මෙන්න එකේ ලින්ක් 1.....
    https://www.facebook.com/groups/railj/
    ඕන අය ඉන්නවනම් ගිහින් Join වෙන්න.....!!!!!!

    ඉතින් මේ Rail Hike 1 organize කරන්නේ මෙන්න මේ Rail Junction 1 කට්ටිය තමයි.....!!!!
    :yes::yes:

    දැනට Rail Hike 4k ගිහින් තියෙනවා......!!!!
    මන් ඔයගොල්ලන්ට ඒවා ගැනත් විස්තර ටිකක් කියන්නම්......!!!!!

    Rail Hike 01

    ස්ථානය :- විල්වත්ත සිට අඹේපුස්ස
    දිනය :- 2011/06/17

    මේක තමයි කට්ටිය එකතුවෙලා ගිය පලවෙඉ Rail Hike 1. මේකේ යනකොට තමයි බෝතලේ බින්ගේ අහුවෙන්නේ. බෝතලේ බින්ගේ ගැන කියනවනම් ඒක තමයි ලංකාවේ උසම බින්ගේ. මේක ලංකාවේ උසම බින්ගේ වෙලා තියෙන්නේ සුද්දෝ මේක හදද්දී දුම්රියක උස පිළිබඳව නිසි වැටහීමක් නැතිව තමයි
    හදල තියෙන්නේ:oo::oo:....

    මේ Rail Hike එකට 13 දෙනෙක් එකතුවෙලා තියෙනවා.....

    මේ තියෙන්නේ එකේ ගත්ත ෆොටෝස් කීපයක්.....!!!!!






    තව ෆොටෝස් ඕන නම් මේ ලින්ක් න් බලන්න.....
    https://www.facebook.com/media/set/?set=a.2138621310165.2127165.1385108994&type=3

    Rail Hike 02

    ස්ථානය :- කඩුගන්නාව සිට කඩිගමුව
    දිනය :- 2011/09/17

    මේක තමයි කට්ටිය එකතුවෙලා ගිය 2 වෙනි Rail Hike ඒක. ඒ වගේම මේකට තමයි පලවෙනි වතාවට Professional Photographers ලා එකතුවෙලා තියෙන්නේ.
    මේකෙදි කට්ටිය පොඩි මැණිකේ train එකේ කඩුගන්නාවට
    ඇවිත් කඩිගමුව Station එකට වෙනකම් පයින් අවා. තව මේකෙදි වෙච්ච විශේෂත්වයක් තමයි අලව්වේදී වෙච්ච Train Accident එකේ හැප්පිච්ච train 1 හැප්පෙන්න මොහොතකට කලින් ගත්ත එකම ෆොටෝ 1 ගත්තේ මේ Hike 1 දී.:shocked::shocked::shocked:

    මේ Rail Hike 1ta 25 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා....

    මේ තියෙන්නේ එකේදී ගත්ත ෆොටෝස් කීපයක්...


    මේ තමයි ගිය සෙට් 1.......














    මෙන්න මේක තමයි අලව්වේ Accident 1 වෙන්න විනාඩි 10 කට කලින් ගත්ත ෆොටෝ 1..........

    තවත් ෆොටෝස් ඕන නම් මේ ලින්කුවෙන් යන්න....!!!!!
    https://www.facebook.com/media/set/?set=a.2404063986066.2137338.1385108994&type=3

    Rail Hike 03

    ස්ථානය :- ගම්පහ සිට බුලුගහගොඩ
    දිනය :- 2011/12/31

    3 වෙනි Rail Hike ඒක නම් ලොකු විශේෂත්වයක් තියෙනවා. එකේ දිනේ බලපුවම ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්නේ මොකද කියලා. අනිත් හැමෝම කන පැලෙන්න party දාද්දි මේ අය Hike 1 ක් ගිහින්. එකෙත් පොඩි ආතල් 1 ක් තියෙනවා බැලුවම.
    මේක ටිකක් ලග පළාතක තියන්න හේතු උනේ ටිකක් විශාල පිරිසක් හදාගන්න ඒක. ඒක ඒ විදියටම උනා. මේකට 19 දෙනෙක් එකතු උනා.

    මේ තියෙන්නේ එකේදී ගත්ත ෆොටෝස් කීපයක්...









    තවත් ෆොටෝස් ඕන නම් මෙන්න ලින්කුව.....
    https://www.facebook.com/media/set/?set=a.2959569673361.2149726.1385108994&type=3

    Rail Hike 04

    ස්ථානය :- නානුඔය සිට තලවකැලේ
    දිනය :- 2012/03/23

    4 වෙනි 1 ත් ගොඩාක් විශේෂයි. මොකද lanakwe Rail Hike 1 කට සහභාගී වෙච්ච ලොකුම පිරිස සහභාගී උනේ මේකට තමයි. ගණනින් නම් 31 දෙනෙක්. වගේම මේ Rail Hike එක දවස් 2 ක් ගියා. 22 රෑ 8 ට තියෙන Night Mail 1 තමයි කට්ටිය Hike 1 ගියේ. 2nd class පෙට්ටියක් පිරෙන්නම් කට්ටිය හිටියලු.

    මේ තියෙන්නේ ඒකෙ ෆොටෝස් ටිකක්.


    මේ පෙට්ටිය පිරෙන්නම කට්ටිය හිටියලු.


    පාන්දර 3 ට විතර, කට්ටිය නානුඔය satation 1 නිදි....:sorry::sorry::sorry:




    නොම්මර 16 බින්ගේ.... දැක්කම නම් බය හිතෙනවා.








    තවත් ඕන නම් ඉතින් මේ ලින්කුවෙන් යන්න ඕනේ....
    https://www.facebook.com/media/set/?set=a.3619319766701.2162384.1385108994&type=3

    ඔන්න ඔහොමයි Rail Hike 4 ඉවර උනේ....!!! ළඟදීම තව 1 ක් යන්න අදහසක් තියෙනවලු. EK 1 කට්ටියත් එකතුවෙලා ඊළඟ එක යමුද??? මොකද කියන්නේ කට්ටිය????

    මේක rep ගන්න බලාගෙන දාපු පොස්ට් 1 ක් නොවන නිසාත්, ගොඩක් දෙනෙක්ගෙන් උදව් අරගෙන කරපු නිසාත් rep එපා. පුලුවන්නම් comment 1 ක් දාල යන්න.

    P . S . :- මේක හදන්න උදව් දුන්න Rail Junction 1 කේ සඳරුවන් කුඩාහෙට්ටි, ටජ්මල් නයනදිල් අයියටත්, අශාන් ඉමන්ත බණ්ඩාර සහෝදරයට හා නන් අයුරින් උපකාර කල සැමටත් ස්තුති.
    :yes::yes::yes:
     
    Last edited: