Rainwater havesting

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    මම news එකක් දැක්කා rainwater harvesting කරන්න pilot project එකක් කරන්න යනවා කියලා. මට හිතෙන්නෙ ඒක කාලීන වැඩක් කියලා.
    ඒ වගේම මේ දවස්වල මම ඔය ගැන ටිකක් interested මොකද වෙන්න තියනවා කියන el nino තත්ත්වය ගැන හිතලා. අමු තට්ට වියලි කලාපයේ ඒ වගේ දෙයක් කරන්න කොහොමද? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ප.ලි.
    ඒ වගේම පෙර සූදානමක් විදියට සහ වගාවක් විදියට පටන් ගන්න මඤ්ඤොක්කා වලවල් 50ක් 100ක් වගේ දාන්නත් හදන්නේ. තව මොනවද අදහස්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,651
    4,659
    113
    වැදගත් මාතෘකා කතා කරන උන් දැන් මේකේ නෑ බන්. දේශපාලන ඇම්බැට්ටයෝ හා වල් භූත දොඩවන ගොබ්බයො එක්ක මොන rainwater harvesting ද බන් ?? :ROFLMAO:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113

    මොකක්ද බන් මේ?

    වැදගත් මාතෘකා කතා කරන උන් දැන් මේකේ නෑ බන්. දේශපාලන ඇම්බැට්ටයෝ හා වල් භූත දොඩවන ගොබ්බයො එක්ක මොන rainwater harvesting ද බන් ?? :ROFLMAO:
    නෑ නෑ මචන්, වෙනම සෙට් එකක් ඉන්නවා, ඒ අය මේ thread එකට එයිද කියල තමයි සැක. දේශපාලනය ගැන කතා කරන උන් උනත් මේවාට සම්බන්ධ වෙනවා බන්. උන් උන්ගෙ සයිඩ් ආතල් එකත් කරගෙන යනවා.
    ------ Post added on May 18, 2026 at 12:39 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,651
    4,659
    113
    මොකක්ද බන් මේ?

    ------ Post added on May 18, 2026 at 12:39 AM
    උට Rain Water යි Filtered water යි පැටලිලා. :ROFLMAO:
    මෙන්න මේක බලන්න. ලොකු දෙයක් නම් නෑ.

     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    මම news එකක් දැක්කා rainwater harvesting කරන්න pilot project එකක් කරන්න යනවා කියලා. මට හිතෙන්නෙ ඒක කාලීන වැඩක් කියලා.
    ඒ වගේම මේ දවස්වල මම ඔය ගැන ටිකක් interested මොකද වෙන්න තියනවා කියන el nino තත්ත්වය ගැන හිතලා. අමු තට්ට වියලි කලාපයේ ඒ වගේ දෙයක් කරන්න කොහොමද? දන්න කෙනෙක් කියලා දෙන්න.

    ප.ලි.
    ඒ වගේම පෙර සූදානමක් විදියට සහ වගාවක් විදියට පටන් ගන්න මඤ්ඤොක්කා වලවල් 50ක් 100ක් වගේ දාන්නත් හදන්නේ. තව මොනවද අදහස්

    ඔව් සෑහෙන වටිනවා. අපිට එකපාර හිතෙනවට වඩා මාර ලොකු වතුර ප්‍රමාණයක් අහසින් වැටෙන්නෙ. සරල දේවල් ටිකක් ඔලුවට ගත්තාම තේරෙනවා කොච්චර වතුර ප්‍රමාණයක් අපතෙ යනවද කියන එක.

    1. වැස්ස මිලි මීටරයක් කියන්නෙ හැම වර්ගමීටරයකටම වතුර ලීටරයක් කියන එක. එ‍් කියන්නෙ පර්චස් එකක් ගත්තොත් අ‍ාසන්න වශයෙන් වතුර ලීටර් 25 ක්. අක්කරයක් ගත්තොත් වතුර ලීටර් 4000 ක්.

    2. සාමාන්‍යයෙන් අපි පින්නක් නොකියා වැස්සක් කියනවා කියන්නෙ මිලි මීටර් 10 පනින්න ඕන. සාමාන්‍යයෙන් ටිකක් තද වැස්සක් කියන්නෙ මිලි මීටර් 30-50 වගේ. පස් තියෙන පොළොවට සම්පූර්ණයෙන්ම උරා ගන් නැතිව පොළොව දිගේ වතුර ගලාගෙන යනවා කියන්නෙ මිලි මීටර් 80-100 වගේ සහ ඊට ඉහළ.

    3. සාමාන්‍යයෙන් ලංකාවෙ ගෙදරක වහළයක (overhang එකත් එක්ක සහ slant එක අයින් කරල horizontal area එක විතරක් ගත්තොත්) වර්ග මීටර් 60 - 100 අතර තියෙන්නෙ.

    4. එ‍් කියන්නෙ සාමාන්‍ය 50mm වැස්සක් ගත්තොත් ලංකාවෙ ගෙදරක වහළෙට වැටෙන වැස්ස නිසා එකතු කරගන්න පුළුවන් වතුර ප්‍රමාණය ලීටර් 50 x 80 = 4000 විතර වගේ. වැස්සක් අ‍ාවාම wastage 20-30% අයින් කරත් හරිම ලේසියෙන් ගෙදරක තියෙන 1000-2000L ටැංකියක් සම්පූර්ණයෙන්ම පුරව ගන්න පුළුවන්.

    5. Rainwater harvesting වලට සුදුසුම වෙන්නෙ වහළය පාවිච්චි කරන එක. මොකද එතකොට උඩ තියෙන වතුරෙ විභව ශක්තිය ඉතිරි වෙනවනෙ. ලොකු දෙයක් නෙවෙයි කියල හිතුවට එ‍් වගේ ලීටර් ප්‍රමාණයක් මීටර් කීපයක් උසකට උස්සන්න සෑහෙන ශක්තියක් අපතෙ යවන්න වෙනවා. වහළෙ පාවිච්චි කරාම එ‍් ශක්තිය අපිට ඉතිරි කරගන්න පුළුවන්නෙ.

    6. වහළයක් වෙනුවට tarp එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් open spaces වල. හැබැයි අර ප්‍රශ්නයම තියෙනවා. එ‍් නිසා එක්කො ගොඩක් උඩින් ගහන්න වෙනවා. නැත්නම් වතුර උඩට උස්සන්න වෙනම ශක්තිය වැය කරන්න වෙනවා.

    7. වතුර ලොකු ප්‍රමාණයක් ගබඩා කරගන්නවා නම් සාර්ථකම economial ම වෙන්නෙ සිමෙන්ති හතරැස් ටැංකියක් බැඳලා වටේට tarp ගහන එක තමයි. ගොඩක් පැතිවල ප්‍රායෝගිකව කරන වැඩක්. තමන්ගෙ උවමනාව සහ ඉඩ කඩ අනුව tarp එකක්, දෙකක්, තුනක්, හතරක් වෙනකල් වටේට ගහගන්න පුළුවන්. (සාමාන්‍යයෙන් තුන තමයි උපරිම practically)

    8. සාමාන්‍යයෙන් අඟල් 6 block ගල් පාවිච්චි කරල, හතර පැත්තෙ කොන්ක්‍රිට් කණු එක්ක ටැංකිය ගහනවා නම් අඩි 6x8 තමයි ටැංකිය ගහන්න පුළුවන් උපරිම සයිස් එක. අඟල් 4 බ්ලොක් ගල් නම් නම් උපරිම අඩි 4x6. අඩි 6x8 standard ටැංකිය ගැහුවාම සාමාන්‍යයෙන් කියන්නෙ අඩියට ලීටර් 1000 ක් අල්ලනවා කියල. (6x8 කියන්නෙ පිටින් දිග පළල) ඉතින් ටැංකියෙ අඩි ගාණ උසට ලීටර් ගාණ හිතා ගන්න පුළුවන්. අඩි 4 නම් ලීටර් 4000 යි, අඩි 5 නම් 5000 යි එ‍් වගේ. සාමාන්‍යයෙන් අඩි 5 -5.5 තමයි උපරිම ගහන්නෙ, හැබැයි උඩින් සිමෙන්ති slab එක එන්ඩම ඕන. Slab නැතිව ගහනවා නම් උපරිම අඩි 3.5 - 4 යි.

    6. අඩි 20x8 standard tarp එකක් ගැහුවා නම් වැස්සෙන් වැස්සට සාමාන්‍යයෙන් ගහන 30° slant එකකුත් එක්ක wastage අයින් කරාම අර කලින් කියපු විදිහටම මිලි මීටර් එකක වැස්සකට ලීටර් 10 ගාණෙ ටැංකියට එනවා කියල ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 50mm වැස්සක් වැටුණා නම් ටැංකිය අඟල් 6 ක් පිරෙනවා. ලීටර් 500 ක්. Tarp දෙකක් තුනක් ගැහුවා නම් එ‍් ගාණට එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා.

    7. සාමාන්‍යයෙන් නම් කරන්නෙ tarp එකේ කෙළවරට සාමාන්‍ය වැහි පීල්ලක් දාලා අඟල් 4 බටේකින් ටැංකියට යවන එක. අඟල් 4 බටේ සාමාන්‍යයෙන් 200mm විතර වැස්සක් වෙනකල් අ‍ැති. ඊට වඩා වැස්සොත් ඉතින් අහකට යනවා. සාමාන්‍යයෙන් එහෙම වහින් නැති නිසා ඊට ලොකු බට දාන එක අ‍ැත්තටම බොරු වැඩක්. ටැංකියෙන් වතුර ගන්න අඩියෙ ඉඳල අඟල් 3 ක් උඩින් තමයි සාමාන්‍යයෙන් බටේ දාන්නෙ. අඩියෙම බටයක් දානවා හැබැයි එ‍් සුද්ද කරල වතුර අයින් කරන්න විතරයි. පාවිච්චියට වතුර ගද්දි චුට්ටක් උඩින් ගන්න ඕන, නැත්තම් අඩියෙ රොඩු ටිකත් අ‍ැදිල එනවනෙ. උඩ මුදුනටම පිරෙන් නැති වෙන්න අඟල් 6 ක් විතර පහළින් අඟල් 2 overflow බටයක් හෝ දෙකක් දාන්න ඕන.

    8. Polytunnel දැනටමත් තියෙනවා නම් එ‍්වාගෙනුත් මේ විදිහටම වැහි පීලි දාල runoff එක ගන්න පුළුවන්. Tarp ගහනවාට වඩා හරිම stable. හැබැයි ඉතින් එ‍්කටම Polytunnel ගහලත් වැඩක් නෑනෙ. දැනටමත් තියෙනවා නම් තමයි එ‍්ක ගැළපෙන්නෙ. සාමාන්‍යයෙන් බිම වර්ග ප්‍රමාණය මීටර්වලින් බලල එ‍්ක 70% විතර හදල, වැස්ස මිලි මීටර් ගාණෙන් වැඩි කරල ගත්තම එන yield එක වතුර විදිහට එකතු කරන්න පුළුවන්.

    9. ලොකුවට high tech නැතිව වගා ලිඳකුයි, වත්ත පුරාවට කාණු සෙට් එකකුයි කපල ගත්තත් ඉතින් වතුර එකතු කරගන්න නම් පුළුවන්. හැබැයි මඩ වතුර. එ‍්වා බොන්න ගන්න බෑ. වත්තට දාන්ඩ නම් හොඳයි ඉතින්. අනික එච්චර හරියට වතුර ප්‍රමාණයක් calculate කරන්නත් බෑනෙ. පොළොවට උරා ගන්න ප්‍රමාණය දවසින් දවස වෙනස් වෙනවා.

    10. වැහි වතුර සාමාන්‍යයෙන් සුපිරි. තමන් ඉන්නෙ ලොකු නගර ප්‍රදේශයක නෙවෙයි නම් දවස් 7 ක් විතර ටැංකියෙ තියල ගත්තාම කෙළින්ම බොන්න වුණත් පුළුවන් කියල කියන්නෙ. කැමති නම් වතුර පිරිසිදු කරන්න / පාට ලස්සන කරන්න ක්ලෝරීන් එක්ක කැල්සියම් සල්ෆේට් කැට දාන්න පුළුවන්. එතකොට විසබීජත් මැරිලා, පාටත් ලස්සන වෙනවා. හැබැයි හොඳම ක්‍රමය ගම්වල තියෙනවා ඉඟිනි අ‍ැට කියල ජාතියක්. එ‍්වා දැම්මත් හරි. සේරම ජරාව අඩියට යනවා. කිසිම අමුතු රහක් එන්නෙත් නෑ. අනික වසක් විසකුත් නෑනෙ. මේක ගොඩ වෙදකමක් එහෙම නෙවෙයි, scientifically valid ක්‍රමයක්.

    ඔය ටික තමයි.

    වැහි වතුර එකතු කරන වැඩේ කරනවා නම් සුපිරියටම කරන්න පුළුවන් වැඩක් තමයි ඉතින්. ලොකුවට high tech වෙන්න ඕන නෑ, ගෙදර වැහි පීල්ල ටැංකියක් බැඳල එ‍්කට හැරෙව්වත් හොඳටම අ‍ැති.
     
    Last edited:
    • Like
    Reactions: NowUCmeNowUDont

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    Up

    මට මතකයි එල් නිනෝ ගැන කව්රුහරි තට්ටෙයෙක් මේකේ ත්‍රැඩ් එකක් දැම්මා අපි එකට හිනා වුණත් මතකයි
    ------ Post added on May 18, 2026 at 4:09 AM
     
    • Like
    Reactions: AnuradhaRa