RAJARATA GOVINGE WAKUGADU DIYAWENA HATI

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
පසුගිය බ්‍රහස්පතින්දා දින (02) ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් 4ක් විසින් ගෙන්වනු ලැබූ, නිෂ්කාශන සඳහා සුදානමින් තිබූ, කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා අත්අඩංගුවට ගනු ලැබීය.


හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කෙමිකල් යන සමාගම් සතර විසින් ගෙන්වනු ලැබූ ඉහත බහලුම් තුළ අන්තර්ගත වන කෘමිනාශක සහ වල්නාශක තුළ මිනිස් සිරුරට අතිශයින් අහිතකර ආසනික් සහා රසදිය අඩංගුව පවතින බව මෙම නිලධාරීන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබ තිබිණ.



තමන් වෙත ලැබුණු පැමිණිල්ලේ බරපතලකම පිළිබඳව යම් චකිතයක් ද මෙම නිලධාරීන් වෙත විය.


එහෙත්, බහලුම් නිදහස් කිරීමට ඇත්තේ තව සුළු මොහොතකි. පැමිණිල්ලේ ඇත්ත නැත්ත දැනගැනීමට නම් වහා වහා ක්‍රියාත්මක විය යුතු බව මෙම නිලධාරීන්ට පසක් විය. එහෙත් පැමිණිල්ල ඉතා බලපතල එකකි. ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක් ද මෙම සමාගම් අතර සිටීම එයට ප්‍රධාන හේතුව විය.



තමන් විසින් සිදුකිරීමට යන බරපතල වැටලීම පිළිබඳව වහා ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මෙම නිලධාරීන් තීරණය කරනු ලැබීය. ඒ අනුව වහා ජනාධිපති මාධ්‍යය ඒකකය හරහා හැකි ඉක්මනින් ජනාධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට මෙම නිලධාරීන් විසින් කටයුතුකළහ. ඔවුන් කෙටියෙන් ජනාධිපතිවරයා වෙත තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල සහා ඉදිරියේදී ඒ අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැටලීම පිළිබඳව සැළකරනු ලබීය.



“පරික්‍ෂාවකින් තොරව එකඳු කෘමිනාශක හෝ වල්නාශක හෝ බහලුමක් නිදහස් නොකරනු” යනු ජනාධිපතිවරයාගේ ස්ථීර හඬ විය.



ජනාධිපතිවරයාගේ පිළිතුරින් මෙම නිලධාරීන් නව පණක් ලැබූවාක් ‍මෙන් වි ය. වහා මෙම බහලූම් ගෙන්වනු ලැබූ සමාගම් වල විධායක නිලධාරීන්ව කැඳවනු ලැබීය. අවශ්‍යය සියළුම පුද්ගලයින් ඉතා කෙටි කාලයක් තුළ එක්රැස්කර ගත් මෙම නිලධාරීන් මෙම බහලුම් හත එකින් එක විවෘත කරමින් ඉහත විධායක නිලධාරීන් ලවාම කෘමිනාශක සහ වල්නාශකයන් හී නියැදි කිහිපයක් ලබාගනු ලැබීය.



මෙම නිලධාරීන් කොතරම් දක්‍ෂ දැයි කිවහොත්, ඉතා සුළු මොහොතකින් මෙම නියැදි පරික්‍ෂණාගාර කිහිපයකටම යවා අවශ්‍යය පරික්‍ෂණ සිදුකර අදාල වාර්තා ද ලබාගැනීමට කටයුතු කර තිබිණ.



වාර්තා අනුව ඔවුන්ට ලැබුණු පැමිණිල්ල සාවද්‍යය පැමිණිල්ලක් නොවන බව සනාථ විය.



මෙම බහලූම් තුළ අන්තර්ගත සියළුම කෘමිනාශක සහ වල්නාශක තුළ ආසනික් සහ රසදිය ඉතා අධික ප්‍රමාණ වලින් අන්තර්ගත බව එසේ ලියකියවිලි අනුවම සනාථකර ගත් මෙම රේගූ නිලධාරීන් මෙම බහලූම් කිසිසේත්ම නිදහස් කළ නොහැකි බව ඉහත සමාගම් වල විධායක නිලධාරීන්ට දන්වනු ලැබීය.
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින් එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල පරික්‍ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු සිදුකළහ. එම පරික්‍ෂණයෙන් ද ඉතා ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු බව නැවතත් තහවුරු විය.


එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙයින් පසුත්, මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන ලෙසට දැඩි පීඩනයක් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.



තමන් සතු පරික්‍ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන් ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.



“කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත් නොවි සිදුකරන්න.” යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.



නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය. එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් හෝ ලංකාවට ගෙන්වීම මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවනු ලැබීය.



මේ අතර, මෙම ආසනික් අඩංගු බහලුම් පිළිබඳ පුවත රජරට වකුගඩු රෝගකාරක පිළිබඳව පරික්‍ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත් පරික්‍ෂණ කණ්ඩායමට සැළවිය. මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් විසින් නිරතව සිටින බවටද ඔවුන්ට වාර්තා විය. හැකි ඉක්මනින් අවශ්‍යය පියවර ගතයුතු බව ඔවුන්ට පසක් විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.



මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද මෙම මාධ්‍යය සාකච්ඡාවට ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය. ඒ අනුව, ‍මෙම සාකච්ඡාවට ඉහත වැටලීම සිදුකළ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්‍ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද සහභාගී වූ අතර, එම මාධ්‍යය සාකච්ඡාව ‍පසුගිය සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී පවත්වනු ලැබීය.



මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන එල්ලව ඇති බව සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.



ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ අනුව අනෙකුත් රටවල් සමඟ ද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා ඇතුලු රජය සුදානමින් සිටින බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.



රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්, තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම මහත්මිය ප්‍රකාශකර සිටියාය.





යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000 කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.



වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙතින් වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක් සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් පවරා ඇති විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන් වේ.



මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.



වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි ස්ථීර පිළියම් සිංහල අප සතු වන බවත්, මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.



කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුද්ධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටීම ගැටලු සහගත බව ද ඔහු සඳහන් කර සිටියේය.



ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික් යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් කරුණු විමසූ අතර, එය හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද “අමූලීක පට්ටපල් බොරුවක්” බව ඔහු ක්‍ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියේය.



“ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන් වූ, එනම් විසි තිස් ගුණයකින් වැඩි ආසනික් ප්‍රතිශතයක් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ පළිබෝධනාශක මඟිනුයි.” යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.



ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින් ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.



ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක් ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක සහ ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්‍ෂණ සිදුකළ හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක රෙජිස්ටාර්වරු ඇස්කන් පියාගෙන සිටිය දී කිසිදු පර්යේෂනාගාර පහසුකමක් නැති, එහෙත් ශ්‍රී ලංකාවේ රේගු සිටින දේශප්‍රේමී නිලධාරීන් පිරිසක් විසින් ලබාගත් ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන් පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.


මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් කළ විමසුමක දී අප වෙත සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.



ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන්, ඒ මත වූ වැව් තාක්‍ෂණය මත පදනම් වූ ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීමෙන්, වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක් සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය චන්න ජයසුමන යනමහත්වරු පෙන්වා දුන්නෝ ය.



ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියේ ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත් බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන මැරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.



ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.
C NEWS
 

Similar threads