Rajitha Senarathne is a terrorist -JVP

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ත්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවුයේ රාජිතයි - විජිත හේරත් පිළිතුරු දෙයි (AUDIO)

    ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ යුක්තිය, සාධාරණත්වය උදෙසා කටයුතු කරන දේශපාලන පක්ෂයක් බවත් මිනීමරු එල්ටිටිඊ සංවිධානය මෙන් රට බෙදන්න, රට විනාශ කිරීමට කටයුතු කරන සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටිනවා.

    ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවෙදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය ගැන නෙත් නිවුස් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ "ප්‍රා" සංවිධානය නමින් මෙරට බිහිවූ බිහිසුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ නායකත්වය දැරු රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙක් මේ ආකාරයෙන් කතා කිරීම විහිළුවක් බවයි.

    ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට ජනතාව අතර දේශපාලනය කරමින් සිටියදී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අභූත චෝදනා නගමින් තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කල බවත්, ඉන් නොනැවතුනු තම පක්ෂය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු බවත් එය නතර කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ අඩපණ කිරීමට උත්සහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී කියා සිටියේ.

    " යුධමය උපක්‍රම භාවිතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමට ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ක්‍රියාත්මක වුනු ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලින් එකක් තමයි ප්‍රා සංවිධානය කියන්නේ. එකේ නායකයා වශයෙන් කටයුතු කලේ රාජිත සේනාරත්නයි. ඔවුන් විසින් මෙරට දහස් ගණනක් තරුණ තරුණියන්ව මෙරටේ තැන් තැන්වල ඝාතනය කරලා දාලා තිබ්බා. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා රට අවසානයේදී සිවිල් යුද්ධයක් ඇතිවන තැනට තල්ලු උනා. එකේ වගකීමද රාජිත සේනාරත්න දැරිය යුතුයි" යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

    රාජිත සේනාරත්න අද මේ සිදුකරන ප්‍රකාශයන්ට කෙදිනක හෝ මේ රටේ ජනතාව දඩුවම් දෙනු ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.

    >>AUDIO
     
    Last edited:

    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    මිනීමරලා බස් ගිණි තියලා එනවා තව කියවන්නත් :lol::lol: . ඔය සාපෙන් ගැලවෙන්න බැරි නිසා තමයි හැම චන්දෙකදිම ඇපත් නැතිවෙන්නේ :rofl:
     
    • Like
    Reactions: netlife007

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මිනීමරලා බස් ගිණි තියලා එනවා තව කියවන්නත් :lol::lol: . ඔය සාපෙන් ගැලවෙන්න බැරි නිසා තමයි හැම චන්දෙකදිම ඇපත් නැතිවෙන්නේ :rofl:

    විප්ලව කරපු කොයි රටෙත් ඔහොමයි. jvp කියල නෑ. උන් කරේ වැරදි එත් උන් හරි පාරට ආවා. එතකොට ගුnp ආණ්ඩුවෙන් කොල්ලෝ මරපුවා ? ඊට කලින් නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් මරපුවා ?
     
    • Like
    Reactions: gihanjava

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ජනතාව දෙන එකම දඬුවම තමයි මූව තව පාරක් පාර්ලිමේන්තුවට යවන එක.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    විප්ලව කරපු කොයි රටෙත් ඔහොමයි. jvp කියල නෑ. උන් කරේ වැරදි එත් උන් හරි පාරට ආවා. එතකොට ගුnp ආණ්ඩුවෙන් කොල්ලෝ මරපුවා ? ඊට කලින් නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් මරපුවා ?

    Ube ammage wiplawe....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විප්ලව කරපු කොයි රටෙත් ඔහොමයි. jvp කියල නෑ. උන් කරේ වැරදි එත් උන් හරි පාරට ආවා. එතකොට ගුnp ආණ්ඩුවෙන් කොල්ලෝ මරපුවා ? ඊට කලින් නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් මරපුවා ?
    විප්ලව මර්දනය කරපු කොයි රටෙත් ආණ්ඩු විප්ලවකාරයෝ මැරුව කියල කියල හිත හදාගමු
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විප්ලව කරපු කොයි රටෙත් ඔහොමයි. jvp කියල නෑ. උන් කරේ වැරදි එත් උන් හරි පාරට ආවා. එතකොට ගුnp ආණ්ඩුවෙන් කොල්ලෝ මරපුවා ? ඊට කලින් නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් මරපුවා ?
    but jvp1 witharak chodana karanawa,mini marapu unp1 ada aandu karanawa,jvp1 kiyanna thiyenne ochcharane,wena waraddak naane
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොකක් මොනවා උනත් past is past now,
    but
    JVP = ජාතික වේසිගේ පුතාලා
    එදාත්, අදත්, හෙට දිනත්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විප්ලව කරපු කොයි රටෙත් ඔහොමයි. jvp කියල නෑ. උන් කරේ වැරදි එත් උන් හරි පාරට ආවා. එතකොට ගුnp ආණ්ඩුවෙන් කොල්ලෝ මරපුවා ? ඊට කලින් නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් මරපුවා ?

    හරි පාරට ආවම අර මිනීමැරුම් සෙරගෙම ලේ හේදෙනවද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    හරි පාරට ආවම අර මිනීමැරුම් සෙරගෙම ලේ හේදෙනවද?

    avatar540640_10.gif