Random කතා - අනාථ නිවාසයකට ගිය ගමන ☹️☹️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113

    අපේ පොඩි එකාට පට්ට විදියට සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ගෙදර ඉඩත් ටික ටික අඩු වෙනවා. ඒ අස්සෙ ජානකී සූරියාරච්චිගෙ පොත් ගොඩකුත් තියෙනවා. අපි ඉතින් තීරනය කලා ලමා නිවාසයක් හොයලා දෙන්න. කොහොමහරි අපි හොයාගත්ත 5ට විතර අඩු පොඩි උන් ඉන්න නිවාසයක්. කතෝලික සිස්ටර්ලා තමා කරන්නෙ. ඉතින් අපි ගියා ඔය ටික බාරදෙන්න.

    කොහොමහරි සිස්ටර්ටත් කතා කරලා බඩු ටික බාල යන්න හදනකොට සිස්ටර් කිව්වා ඔයාල කැමතිනම් ලමයි ටික බලන්න පුලුවන් කියලා. අපේ පොඩි එකා අම්මේ ගිහින් බලමු ගගා කෑගහන්න ගත්තා . ඉතින් මමත් වයිෆ්ට කිව්ව ඔයත් ගිහින් බලලා ඉක්මනට එන්න කියලා.

    ඔන්න ටිකකින් පොඩි එකා කඩන් බිඳගෙන දුවන් එනවා "තාත්ති තාත්ති ඔයත් එන්න" කියලා. ඉතින් මාත් ඇතුලට ගියා. අඩෝ ඒ දැකපු දේවල් වලින් මට එපා උනා.:sorry::sorry:

    පොඩි බටු ඇට වගේ ලමයි 20ක් විතර ජනේලයක් ගාව ඇඳක් උඩට වෙලා ඉන්නවා. උන් ටික අපිව දැක්ක ගමන් මූනේ එක හිනාවයි. ඒ අස්සෙ උන් ටික අපේ වයිෆ්ට කියලා වඩාගන්නවා. එකෙක්ව වඩාගත්තාම අනිත් උනුත් උන්ව වඩාගන්න කියනවා. වයිෆ්ට මාර දුකයි. කොහොම හරි සෙට් එක වඩාගෙන ඉවර වෙලා පිටත් වෙන්න හදනකොට මුන් සෙට් එක වඳුරු පැටව් වගේ ඇඳෙන් බැහැලා අපිට වඳින්න ගත්තා. මුන් ඔලුව අතගානකන් වැඳගෙන කකුල අල්ලන් ඉන්නවා. පුරුදු කරලා ඇති. :sorry::sorry:

    ඊට පස්සෙ අපි බායි කියලා ආවා. වයිෆ් කියනවා අපි යනකොට උන් ජනෙල් වල එල්ලිලා බලන් ඉන්නවා කියලා.:sorry::sorry:

    අපිට මාර අප්සෙට් බන්. ඒ ලමයි ඔක්කොම දෙමාපියන් විසින් අතෑරලා ගිය උන්. උන්ට ගොඩක් වෙලාවට අම්මා/තාත්තා කියන වචන කියන්න හම්බෙන්නෙ නෑ. අඩුම ගානේ ඒ උනුසුමවත් දැනෙන්නේ නෑ.

    උන්ව දැක්කාම තමා තේරෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපේ පොඩි එකාට පට්ට විදියට සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ගෙදර ඉඩත් ටික ටික අඩු වෙනවා.
    කෝටිගානක සෙල්ලම් බඩු ok :cool:

    උන්ව දැක්කාම තමා තේරෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා.
    බොන්ඩ වතුරටිකවත් නැති අතේ සතේ නැතිව මේකෙ කෝටිපති ටෝක්දෙන මහා අවසනාවන්ත කබ්රාල්සුප් පොන්නයෙක් තෝ :(

    දැන්මම අනාතනිවාසයක් හොයල තියාගනින්, තෝ මහ උන්ගෙ දේපල වලට හොර ඔප්පු හදපු පවට උබෙ දුව ලොකු උනාම උබල දෙන්නව ගෙදරින් එලියට ඇදල දානව.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    maxresdefault.jpg
     
    • Dislike
    Reactions: tharakaf

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    පව් ඉතින් පොඩ්ඩ ඇත්තම් පොඩි උන් අම්මේ තාත්තේ කියල අඩනව වඩා ගත්තමනේ අඩන එක නැවතෙන්නෙ. ඔය ලමයින්ට කොච්චර දුකක් ඇත්ද දුක දැනුනු වෙලාවට කියන්න කෙනෙක් නැති උනාම. දාල යන වේස හැත්තට ඔකම ඇති කෙලවෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    අවන්හලක ඉපදී මා මිය යනවා නම්
    මේ සසරේ පින් කළ ඇති එකම කෙනා මං :-D

    අවන්හල කියන්නෙ මොකක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    පව් ඉතින් පොඩ්ඩ ඇත්තම් පොඩි උන් අම්මේ තාත්තේ කියල අඩනව වඩා ගත්තමනේ අඩන එක නැවතෙන්නෙ. ඔය ලමයින්ට කොච්චර දුකක් ඇත්ද දුක දැනුනු වෙලාවට කියන්න කෙනෙක් නැති උනාම. දාල යන වේස හැත්තට ඔකම ඇති කෙලවෙන්න
    එක එක ප්‍රශ්න තියන් උන් තමා දාල යන්නෙ බන්. සමහර කෙල්ලො හොර මිනිහා නිසා බඩ වෙලා ඉපදුනාම දාල යනවා, සමහර උන් කන්න බොන්න දෙන්න සල්ලි නැති උනාම දාල යනවා.

    අඩො ඇත්තට එපා වෙනවා මචන් උන්ව දැක්කාම. උන්ට මාර සතුටුයි අපිව දැක්කාම.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එතකොට මචං
    මගෙ අම්මටයි නංගිටයි කැත කතා කියද්දි
    පවු කියල හිතුණෙ නැද්ද?
    අපෝ ඕක සතෙක් උගෙ අම්ම දිහා බලල අතෙත් ගහනවලු
    අවන්හලක ඉපදී මා මිය යනවා නම්
    මේ සසරේ පින් කළ ඇති එකම කෙනා මං :-D

    අවන්හල කියන්නෙ මොකක්ද?
    අම්බලමක
     
    • Haha
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    එක එක ප්‍රශ්න තියන් උන් තමා දාල යන්නෙ බන්. සමහර කෙල්ලො හොර මිනිහා නිසා බඩ වෙලා ඉපදුනාම දාල යනවා, සමහර උන් කන්න බොන්න දෙන්න සල්ලි නැති උනාම දාල යනවා.

    අඩො ඇත්තට එපා වෙනවා මචන් උන්ව දැක්කාම. උන්ට මාර සතුටුයි අපිව දැක්කාම.
    අඩෝ මමත් පින් වැඩවලට කැමති මනුස්සයෙක් හැබැයි එහෙම කියල තව තව පන්සල් වලට නම් දෙන්නෙ නහැ. ඔය වගේ තැනකට ගිහින් ආසම කෑමක් වගේ දීලා ( පීසා, අයිස් ක්‍රීම් ) සෙල්ලම් බඩු ටිකක්, ඇදුම් ටිකක් දෙන්න ආසයි. සමහර නිවාස වල බඩු දීලා ගියාම උන් ඒව එකතු කරලා විකුනන සීන් එකෙකුත් තියෙනවා හැබැයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    මමත් මගේ සැලරි එකෙන් ලක්ෂ 1 ක් වැඩිහිටි නිවාසයට දානේ වේල් කීපයක් බාරගත්තා.අඩෝ මම රෙදි වගයක් ගිහින් දුන්නා. කට්ටියටම ..පොර කකා ගත්තේ .හරි ආසයි එයාලට...පව් බන් ...අම්මලා තාත්තලා පාරේ දාලා ගිය අය

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මමත් මගේ සැලරි එකෙන් ලක්ෂ 1 ක් වැඩිහිටි නිවාසයට දානේ වේල් කීපයක් බාරගත්තා.අඩෝ මම රෙදි වගයක් ගිහින් දුන්නා. කට්ටියටම ..පොර කකා ගත්තේ .හරි ආසයි එයාලට...පව් බන් ...අම්මලා තාත්තලා පාරේ දාලා ගිය අය


    හැම මාසෙකම කෑම මොනාහරි courier කරන්න හිතන් ඉන්නවා. අදත් baby rusk අරන් ගියා පොඩි උන් කන්න ආසයි කියලා.