අපේ පොඩි එකාට පට්ට විදියට සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ගෙදර ඉඩත් ටික ටික අඩු වෙනවා. ඒ අස්සෙ ජානකී සූරියාරච්චිගෙ පොත් ගොඩකුත් තියෙනවා. අපි ඉතින් තීරනය කලා ලමා නිවාසයක් හොයලා දෙන්න. කොහොමහරි අපි හොයාගත්ත 5ට විතර අඩු පොඩි උන් ඉන්න නිවාසයක්. කතෝලික සිස්ටර්ලා තමා කරන්නෙ. ඉතින් අපි ගියා ඔය ටික බාරදෙන්න.
කොහොමහරි සිස්ටර්ටත් කතා කරලා බඩු ටික බාල යන්න හදනකොට සිස්ටර් කිව්වා ඔයාල කැමතිනම් ලමයි ටික බලන්න පුලුවන් කියලා. අපේ පොඩි එකා අම්මේ ගිහින් බලමු ගගා කෑගහන්න ගත්තා . ඉතින් මමත් වයිෆ්ට කිව්ව ඔයත් ගිහින් බලලා ඉක්මනට එන්න කියලා.
ඔන්න ටිකකින් පොඩි එකා කඩන් බිඳගෙන දුවන් එනවා "තාත්ති තාත්ති ඔයත් එන්න" කියලා. ඉතින් මාත් ඇතුලට ගියා. අඩෝ ඒ දැකපු දේවල් වලින් මට එපා උනා.


පොඩි බටු ඇට වගේ ලමයි 20ක් විතර ජනේලයක් ගාව ඇඳක් උඩට වෙලා ඉන්නවා. උන් ටික අපිව දැක්ක ගමන් මූනේ එක හිනාවයි. ඒ අස්සෙ උන් ටික අපේ වයිෆ්ට කියලා වඩාගන්නවා. එකෙක්ව වඩාගත්තාම අනිත් උනුත් උන්ව වඩාගන්න කියනවා. වයිෆ්ට මාර දුකයි. කොහොම හරි සෙට් එක වඩාගෙන ඉවර වෙලා පිටත් වෙන්න හදනකොට මුන් සෙට් එක වඳුරු පැටව් වගේ ඇඳෙන් බැහැලා අපිට වඳින්න ගත්තා. මුන් ඔලුව අතගානකන් වැඳගෙන කකුල අල්ලන් ඉන්නවා. පුරුදු කරලා ඇති.


ඊට පස්සෙ අපි බායි කියලා ආවා. වයිෆ් කියනවා අපි යනකොට උන් ජනෙල් වල එල්ලිලා බලන් ඉන්නවා කියලා.


අපිට මාර අප්සෙට් බන්. ඒ ලමයි ඔක්කොම දෙමාපියන් විසින් අතෑරලා ගිය උන්. උන්ට ගොඩක් වෙලාවට අම්මා/තාත්තා කියන වචන කියන්න හම්බෙන්නෙ නෑ. අඩුම ගානේ ඒ උනුසුමවත් දැනෙන්නේ නෑ.
උන්ව දැක්කාම තමා තේරෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා.