අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ.
ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ.


අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.


ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ.
අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි.


එලෙව්වොත් කලච් එක පාගන්නේ නැතුව ගියර් දාලා ගියර් බොක්ස් වලට කෙල වෙන්න පුළුවන්.