පොඩි කතාවක් මතක් උනා. 1990 කාලේ හරි ඊට කලින් ඉපදුන උන්ට අරවින්ද කියපු ගමන් ඔලුවට එන්නෙ පට්ට ක්‍රිකටර් කෙනෙක්. කොහේ හරි දැක්කත් ඉතින් දුවලා ගිහින් සෙල්ෆියක් ගහනවා.
දැන් ඩයල් එක ක්‍රිකට් වලින් අයින් වෙලා බිස්නස් පැත්තට මාරුවෙලා. ලඟදි දවසක මිනිහගෙ සෙට් එකත් එක්ක හදපු consortium එකකින් ලංකාවෙ ප්‍රසිද්ද කම්පනි එකක් අරන්. ඉතින් කට්ටිය introduce කරන function එකට අරවින්දයටත් එන්න කියලා.
ඉතින් මිනිහට පොඩි කතාවක් කියන්න ආරාධනා කරන්න කලින් ටිකක් දිග introduction එකක් කරන්න වෙලා. පරන සෙට් එකට හෙනම විකාරයක් වගේලු මේ නම කියපු ගමන් දන්න ඩයල් එකක් introduce කරන්න උන එක ගැන. පස්සෙ තමා තේරුනේ කම්පනි එකේ ඉන්න ගොඩක් 2000න් පස්සෙ ඉපදුන අයට අරවින්ද කියන්නෙ කවුද කියන එක දැනීමක් නෑ කියලා. උන් සෙට් එක බලනවලු මේ බඩ් තියෙන ටිකක් වයසක ඩයල් එක මොකාද කියලා.