Random කතා - වැඩිය දන්නේ නැති උන් එක්ක කතා කරනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    මේක පරන සිද්දියක්, මතක් උන නිසා දානව.

    ඉස්සර වැඩට ගියේ train එකේ. ඕකේ ඉතින් උදේට පැයක් විතර නාස්ති කරන නිසා යලුවො සෙට් වෙනවා. එහෙම සෙට් වෙච්ච උන් 2ක් හිටියා. එතනින් එක ඩයල් එකක් ශිපින් එකක SE/IT admin රොල් එකක් කරන් හිටියේ. හෙන ශෙප් ඩයල් එක. මම IT පැත්තේ ඉන්න නිසා ආතල් එකේ චැටක් දාන් යන්න පුලුවන් උනා. කොහොමහරි දවසක් මූ මට කිව්ව මුගෙ manager කාරයා හෙන වැඩ්ඩා ඉතින් ඌටත් network පැත්තෙන් උඩට යන්න ආසයි CCIE (ඒ කාලේ cisco උඩම එක) කරන්න ආසයි බ්ලා බ්ලා බ්ලා. ඉතින් මූ මගෙන් ඇහුවා ඌට පොඩි හෙල්ප් එකක් දෙන්න උඹට ඕකේද කියලා. මමත් ඉතින් වැඩිය හිතන්නේ නැතුව OK කිව්වා

    පස්සෙ දවස් ගානකට පස්සෙ ඩයල් එකක් ෆ්‍රෙන්ඩ් request එකක් එවලා තිබ්බා. මම ඉතින් ඇක්සෙප්ට් කලා. ඔන්න ඊට පස්සෙ මූ මම කසුන්ගේ යාලුවා කියල msg එකක් දාල. මම ඉතින් hi කියලා රිප්ලයි කලා. ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ. අඩො ඊට පස්සෙ මූ මට කීප පාරක් කොල් කලා මම ආන්සර් කලේ නෑ. කොටින්ම මට අඳුනන්නේ නැති උන් එක්ක කතා කරන එක දිරවන්නේ නෑ (කතා කරන්නේ ගෑනු ලමයෙක් උනොත් ඉතින් කතාව වෙනස් 🥴 🥴 ). මම දන්නවා මූ කතා කරනවා ඇත්තේ මොකක්හරි ජොබ් සීන් එකක් අහන්න වෙන්න ඇති කියලා. ඒත් මූ කෙලින්ම ඇනයක් වෙන්න ගිය එකෙන් මට මල පැන්නා කොහොමහරි ඩයල් එක අන්තිම මෙසෙජ් එකෙන් මොබයිල් නම්බර් එක ඉල්ලලා තිබ්බා. මම සුපුරුදු ලෙස ignore කලා.

    පස්සේ ඉතින් කොරෝනා ඇවිල්ලා ලොකේ ෆක් වෙලා, මට දුවෙක් හම්බෙලා ජීවිතේ වෙනස් උනා. මගේ ජොබ්ත් මාරු උනා, රස්සාවට යනකොට train එක මග ඇරලා වාහනෙ ගියා සතියට දවස් 2. ඉතින් පරන යාලුවො මිස් උනා. දවසක් ඩයල් එක පාරේ සෙට් උනාම කතා කලා. ඩයල් එකත් ජොබ මාරු කරලා. ගෙදර ගියාම මට මතක් උනා උගෙ යාලුවා ගැන.

    ඉතින් මම නිකමට ගිහින් FB එකේ බැලුවා අරූ මොනාද කරන්නේ කියලා. අඩෝ ඒ වෙලාවෙ දැකක් දෙයින් තමා පොඩ්ඩක් ශොක් උනේ.

    ඩයල් එක 2022 විතර නැති වෙලා. හාර්ට් කේස් එකක් දැක්ක විදියට. කොරෝනා වැක්සීන් සීන් එකක් වෙන්නත් පුලුවන්. ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම තමා තේරුනේ ඩයල් එක එච්චර ෆන් ජීවිතයක් ගෙවපු ඩයල් එකක් නෙවී කියලා. දැක්ක විදියට ඌ ප්‍රශ්න එක්ක ජීවත් වෙච්ච ඩයල් එකක්. සමහර උන් දාල තිබ්බා "උඹ දැන්වත් ප්‍රශ්න නැතුව ඉන්න තැනක සතුටින් ඇති" කියලා.

    අඩෝ එතකොට තමා මට හිතුනේ ඌ කතා කරපු වෙලේ answer නොකර මග ඇරපු එක කැරි වැඩක් කියලා :dull::dull:.

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097

    හ්ම්..පව් බන්...පොඩි දානයක් දීලා..පිං අනුමෝදන් කරපන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    මොකෙක් උනත් දන්නෙ නැති එකෙක් අහන්නෙ නැතුව ඔහොම ඔන්ලයින් කෝල් ගන්නකොට නම් මල පනිනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.

    ප.ලි:-

    කියන්න අමතක උනා, ඌ කෝල් කරන වෙලාවෙ ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙලේ වැඩක ඉන්නවනම් කට් කරලා, ඌට දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා මම හොදටම ෆ්‍රී උන වෙලාවක තමා කෝල් කරන්නෙ. සමහරවිට දවසක් දෙකක් යන්නත් පුලුවන්. හැබැයි අනිවා කෝල් කරලා ඌට ඕන දේවල් ටික කියලා දෙනවා
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වැඩිය හිතන්න එපා බන්
    උඹ ඌට ඩිරෙක්ට් ම සෙට් උන එකෙක් නෙමේනේ

    පොඩි අවුලක් නැත්තෙම නෑ. බට් මේ සීන් කෝන් එකේ ඔයාගේ පාට් එකේ ලොකු අවුලක් නෑ
    සමාන්‍ය මනුස්ස ප්‍රාණියෙක් අතින් වෙන්න පුළුවන් දෙයක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.

    ප.ලි:-

    කියන්න අමතක උනා, ඌ කෝල් කරන වෙලාවෙ ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙලේ වැඩක ඉන්නවනම් කට් කරලා, ඌට දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා මම හොදටම ෆ්‍රී උන වෙලාවක තමා කෝල් කරන්නෙ. සමහරවිට දවසක් දෙකක් යන්නත් පුලුවන්. හැබැයි අනිවා කෝල් කරලා ඌට ඕන දේවල් ටික කියලා දෙනවා

    මේක හරි
    මාත් එ වගෙ දෙකට නන් සපෝට් කරනව
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    අඩෝ එතකොට තමා මට හිතුනේ ඌ කතා කරපු වෙලේ answer නොකර මග ඇරපු එක කැරි වැඩක් කියලා :dull::dull:.
    දැන් ඕවා ගැන worry වෙලා වැඩක් නෑ. අමතක කරලා දාපන්.

    ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.

    Same here. but මට වෙන්නේ මගේ කාලෙත් කාගෙන හැම ලබ්බම උගන්නන්න යනවා. පුරුදු වෙන්න ඕනේ ඔය method එක follow කරන්න.
    but එකම අවුල ignore කරන්න හිතෙන්නේ නෑ පව් කියල හිතෙනවා රෙද්ද :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.

    ප.ලි:-

    කියන්න අමතක උනා, ඌ කෝල් කරන වෙලාවෙ ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙලේ වැඩක ඉන්නවනම් කට් කරලා, ඌට දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා මම හොදටම ෆ්‍රී උන වෙලාවක තමා කෝල් කරන්නෙ. සමහරවිට දවසක් දෙකක් යන්නත් පුලුවන්. හැබැයි අනිවා කෝල් කරලා ඌට ඕන දේවල් ටික කියලා දෙනවා

    උදව් කරන එක මම කෝමත් කරනවා. ඒත් මෙතන උනේ මෙන්න මූ කියන එක 👇

    මොකෙක් උනත් දන්නෙ නැති එකෙක් අහන්නෙ නැතුව ඔහොම ඔන්ලයින් කෝල් ගන්නකොට නම් මල පනිනව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    උදව් කරන එක මම කෝමත් කරනවා. ඒත් මෙතන උනේ මෙන්න මූ කියන එක 👇
    උදව් කරන්න ගියා නම් උබ ඌව ඉග්නෝ කරන්නෙ ඔයිට වඩා නුරුස්නා ගතිය වැඩි වෙලා. ඔහොම බකස් ගාලා කෝල් ගන්න උන්ගෙ වෙන ම වයිබ් එකක් තියෙන්නෙ. උ වටේ ලෝකෙ කැරකෙනවා කියලා තමයි උන් හිතන්නෙ. ඔය ටයිප් එවුන්ට මොනවා හරි කියලා දෙන්න ගියා ම වෙන්නෙ අතින් කයිට් කරන් හැමදේම අ යන්නෙ ඉදලා ලගට ගෙනැත් දෙන්න වෙන සීන් එකක්.මැරුනා කියන එකට උබ පලි නෑනෙ ඉතින් ඔය උදව්ව කරත් ඌ මැරෙන එක මැරෙන්න තිබ්බ.ඕක අමතක කරලා දාපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    උදව් කරන්න ගියා නම් උබ ඌව ඉග්නෝ කරන්නෙ ඔයිට වඩා නුරුස්නා ගතිය වැඩි වෙලා. ඔහොම බකස් ගාලා කෝල් ගන්න උන්ගෙ වෙන ම වයිබ් එකක් තියෙන්නෙ. උ වටේ ලෝකෙ කැරකෙනවා කියලා තමයි උන් හිතන්නෙ. ඔය ටයිප් එවුන්ට මොනවා හරි කියලා දෙන්න ගියා ම වෙන්නෙ අතින් කයිට් කරන් හැමදේම අ යන්නෙ ඉදලා ලගට ගෙනැත් දෙන්න වෙන සීන් එකක්.මැරුනා කියන එකට උබ පලි නෑනෙ ඉතින් ඔය උදව්ව කරත් ඌ මැරෙන එක මැරෙන්න තිබ්බ.ඕක අමතක කරලා දාපන්.

    මට එහෙම ලොකු ගානක් නේ මචන්. පොඩි regret එකක් තියෙනවා. ඔව් ලංකාවෙ උන්ට personal boundaries තේරෙන්නෙම නෑ. ඉන්ඩියන් උනුත් එහෙමයි.
     
    • Sad
    • Like
    Reactions: jennt and Mr.dark

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඳුරන්නෙ නැති අය එක්ක කතා කරන්න කැමති නෑ. නොදන්න නම්බර් වලින් එන කෝල් ආන්සර් කරන්නෙත් නෑ.

    වැඩේ කියන්නෙ මම එලියට බැස්සොත් කවුරු හරි මොනවට හරි කතා කරනවා. පාරවල් අහන්න, වෙලාව අහන්න, exhibition එකකට වගේ ගියොත් පෝන් එකෙන් පොටෝ එකක් ගන්න වගෙ ඒවට.

    ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කේ මිනිස්සු එහෙම පාරක් අහන්න වගේ දේකට තෝරගන්නේ non-threatening වගේ පේන අයවලු. මගේ වයස පේනවා අඩුයි ඇඟත් පොඩියි.
     
    • Love
    Reactions: tharakaf