Random ජොබ් මතක - ජොබ් එකට ගිය මුල් සතිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    12,088
    21,494
    113
    අපේ @Reincarnator කොලුවා intern කාලේ ඔෆීස් සෙට් එකත් එක්ක එලියට ගිහින් කන්න බොන්න කීයක් ඕනද කියලා අහල තිබ්බ එක නිසා මතක් උනා පොඩි කතාවක්.

    මම වැඩ කරන්න ගත්තේ 2012, දෙවනි ඉන්ටර්විව් එකෙන් ජොබක් සෙට් වුනා. uni out උන ගමන් නිසා ඒදවස් වල අතේ සතේ නෑ. ගෙදර කට්ටියටත් සල්ලි නෑ. ජොබ් එකේ පඩිය 50ක් (දැන් internලටත් ඔයිට වඩා ගෙවනවා). ඒ දවස්වල 50ක් කියන්නේ හොන්ද ගානක්. ඔය රේන්ජ් එක තමා ගොඩක් අයට pay කලේ.කොහොම හරි සල්ලි නැති නිසා ගෙදරින් 15ක් ණයට අරන් ඇදුම් අරගෙන ජොබ් එකට ගියා. ටීම් එකේ ඔක්කොම මොරටු කස්ටිය. උන්ට ලෙස්ට සල්ලි. වියදම් කරන්න ගේමක් නෑ.

    මුල් පඩිය නිසා බඩු අතට හම්බෙන්න කලින් වියදම් ටික ප්ලෑන් කලා. කන්න මෙචරයි, බස් එකට මෙච්චරයි, ණය මෙච්චරයි,ඉතුරු බෑන්ක් එකට දානවා. එතකොට EPF/ETF ගැනවත් අයිඩියා එකක් නෑ පලවෙනි ජොබ් එක නිසා.

    ඉතින් දැන් මගේ වත්කම -15,000යි. ඔන්න දවස් දෙකක් ගිහින් පොඩි ලොක්කා අහනවා, මල්ලිලා අද අපි එලියෙන් කමුද? කසිටියම හා කිව්වා. ඒ වෙනකොට මම රෙස්ටොරන්ට් එකෙන් කාල තියෙන්නෙ කලින් එක පාරයි. ඉතින් එදා ගිහින් කෑවා. බිල බෙදල බලද්දී එකෙක්ට 2500යි. මාව රත් උනා. පර්ස් එකේ තිබ්බෙත් ගමන් වියදම් විතරයි. එදා සීනියර් ඩයල් එකෙක්ගෙන් ණයක් අරන් ගෙව්වා. ඊට පස්සේ ගෙදරින් තව 2500ක් ණයට අරන් අරූට ගෙව්වා. ඉතින් වැඩට ගිහින් මුල් සතියෙම 17500ක් ණයයි.

    මට තේරුන දේ තමයි එයාලට වියදම් ගැන එච්චර දැනීමක් නෑ, එයාල හිත්තන්නේ හැමොම එයාල වගේ ස්පෙන්ඩ් කරනවා කියලා. නැතුව ලොකු සීන් නෙවී.

    ඊට පස්සේ මම අපේ උන්ගෙන් ඇහුවා කොච්චර සැරයක් සතියකට මෙහෙම යනවද කියලා, මුන් කිව්ව මාසෙට 4, 5 පාරක් යනවා කියලා. දැන් ඉතින් මාව තවත් රත් උනා. කලින් හදපු වියදම් වැරදි වගේ. මාසෙකට 10ක් 12ක් වැඩිපුර යනවා, ඒ කියන්නේ මට බෑන්ක් එකේ ඉතුරු වෙන ගාන තව අඩු වෙනවා. ඔන්න ඔහොම තමා මුල් සති දෙක තුනේ ඔලුවෙ ඕවා වැඩ කලේ.

    හැබයි අන්තිමට මාසෙකට සැරයක් දෙකක් වගේ තමා එලියට ගියේ. හිතපු තරන් සල්ලි වියදම් උනේ නෑ.

    ඔය කාලේ පහු කරල දැන් අවුරුදු 12ක් විතර වෙනවා. ගොඩක් දුර ඇවිල්ල තියෙන්නේ එතන ඉන්දන්. වෙලාවක් තිබ්බොත් ආයි කතාවක් ලියන්නම් :-D
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,646
    113
    හැබයි අන්තිමට මාසෙකට සැරයක් දෙකක් වගේ තමා එලියට ගියේ. හිතපු තරන් සල්ලි වියදම් උනේ නෑ.
    හැම කොම්පනියේම අලුතින් set එකක් ආපු ගමන් lunch outs, treats තියෙනවා වගේ ඕසේට..මාස 6කට විතර පස්සෙ මොකුත් නෑ :rofl:
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    901
    93
    හැමදම පිනට කනවා කියලා ඊටපස්සෙ යාලුවො උබව හලලා ගියා නේද, ඒකනෙ දැන් උනත් බියර් එකත් තනියම බිබී ඉන්නෙ. උබට යාලුවො නෑනෙ. උබ කුනා කියලා හැමෝම දන්නවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,646
    113
    හැමදම පිනට කනවා කියලා ඊටපස්සෙ යාලුවො උබව හලලා ගියා නේද, ඒකනෙ දැන් උනත් බියර් එකත් තනියම බිබී ඉන්නෙ. උබට යාලුවො නෑනෙ. උබ කුනා කියලා හැමෝම දන්නවා
    උබට යාළුවො ඉන්න නිසා නේද fake හද හද මේකෙම හැමිනෙන්නේ 🤭🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,494
    113
    හැම කොම්පනියේම අලුතින් set එකක් ආපු ගමන් lunch outs, treats තියෙනවා වගේ ඕසේට..මාස 6කට විතර පස්සෙ මොකුත් නෑ :rofl:
    ඔව් අලුතින් ආවම දාන ශෝ තියෙනවා. ඒත් ඊ දවස්වල ඔහොම ගිහින් කන එක උන්ට නොර්මල් දෙයක්. ගොඩක් අයට වගකීම් නෑ. ඉතින් සල්ලි ඉතුරු කරන්න ඕන කියල එකක් නෑ. හැබයි අපිට එහෙම නෑ නේ. වැලේ වැල් නැතුව හිටියේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,964
    25,286
    113
    ගමෙන් එන Intern ල හෙන ආසයි ඉතින් පොෂට කාලා Instagram ස්ටේටස් එකක් දාන්න. පොඩි කෙල්ලොන්ට විසේසයෙන්ම ඒ අමාරුව තියෙනවා. අවුරුද්දකින් ඒක හරියනවා ඉතින් 😄 ළමයි ඉන්න පවුල් පන්සල් වෙච්ච උන් එන්නේ අවුරුදු පාටියට විතරයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,095
    28,204
    113
    සේදවත්ත
    අපි නම් දැක්කේ ගෝල් රෝඩ් එකේ අහුමුලුවල බඩු ගහන ඒවා තමා පිලවුස් යද්දි චීස් කොත්තු ගේන්න නයිට් ශිෆ්ට් එකට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,494
    113
    ගමෙන් එන Intern ල හෙන ආසයි ඉතින් පොෂට කාලා Instagram ස්ටේටස් එකක් දාන්න. පොඩි කෙල්ලොන්ට විසේසයෙන්ම ඒ අමාරුව තියෙනවා. අවුරුද්දකින් ඒක හරියනවා ඉතින් 😄 ළමයි ඉන්න පවුල් පන්සල් වෙච්ච උන් එන්නේ අවුරුදු පාටියට විතරයි.
    ඕවා අලුතින් ආපු සීන් බන්. අපි පටන් ගත්ත කාලේ FB, ඉන්ස්ටා තිබ්බේ නෑ. කාපු බීපුවා කලේ ආතල් එකට නැතුව ශෝ එකට නෙවී. එත් උඹ ඔය කියන එක මේ කාලෙට අදාලයි. ගොඩක් උන් වැලිඩේශන් හොයනවා. බලපන් උපන්දිනේට දාන පොස්ට්. 50ක් 60ක් ගිය ගිෆ්ට් එකක් එක්ක පොස්ට් එකක් දැම්මේ නැත්තන් කොන් වෙනවා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    3,309
    7,578
    113
    Between Worlds
    👍
    mamath aluthinma giya nisa loku awabodhayak thaama na. mulin shape eke aduma wiyadamakin kiyana widihakata inna baluwe. masa 6k yanakan kohoma hari allan innath onene job eka.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,494
    113
    2012 intern 50000 gewwada. man 2015 patan gannkota 15k gewwe :sorry:
    Mn 2019 20,000
    👍
    mamath aluthinma giya nisa loku awabodhayak thaama na. mulin shape eke aduma wiyadamakin kiyana widihakata inna baluwe. masa 6k yanakan kohoma hari allan innath onene job eka.
    permeant ජොබ් එකක් බන්. මම මගෙ permeant ගාන කිව්වේ දැන් ගෙවන ගනන් එක්කයි intern කෙනෙක්ට දැන් ගෙවන ගානයි compare කරන්න. ඉස්සර intern ලට ගෙව්වේ 15ක් වගේ.

    මම අවුරුදු කීපෙකට කලින් දාපු නාස්තිකාර ඔෆිස් යාළුවෝ ත්‍රෙඩ් එක මතක් වුනා


    https://elakiri.com/threads/නාස්තිකාර-ඔෆිස්-යාළුවො.1917938/
    ගොඩක් උන්ට එච්චර වගකීම් නෑ බන්. ගොඩක් බැන්දපු නැති උන් ගෙදරින් කකා බිබී ඉන්දලා පඩිය පොකට් මනි වගේ තියාගත්තේ. මටනම් අතේ සතේ නෑ, ගෙදර සෙට් එකත් මගෙන් කන්න බලන් හිටියේ.

    ඔකුන් බැන්ද ගමන් පටස් ගාල වෙනස් වෙනවා. ගෑනි බර බරේ දාන්න ගත්තම ඉතින් සල්ලි වියදම අඩු වෙනවා. ඒක කාටත් පොදුයි.

    dn wada karnne monwa fileld eke da machan Devops? Cloud?
    ඉස්සර IT (networking/Security). දැනුත් IT වගේ එකක් තමා කරන්නේ. ඔය කතාවට අදාල තැනින් මම ගිය අවුරුද්දේ අයින් උනා.