මේකෙත් අමාරුම කාලෙ එන්නෙ මුල්ම කාලෙ, මුල් කාලෙ තමයි හොඳටම කට්ට කන්න වෙන්නෙ. ඒ කට්ට කොහොමහරි දරාගෙන කන්න හයිය තියෙන්නෙ ඕන.
හැබැයි ඒ මොනව උනත් මේකෙ Safest Solution එක, ජොබ් එක කරන ගමන් පාට් ටයිම් එකක් කරන එක, කරාම හොඳටම Confidence හැදෙනව බං. ඊට පස්සෙ ජොබ් එකෙන් එන ඉන්කම් එකට වඩා Part time එකෙන් ඉන්කම් එකක් එනව නම්, ඒ වගේම ඒක යම්තාක් දුරකට ස්ථිරයි නම් අන්න එතැනදි ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙනාගෙ මත ඩිපෙන්ඩ් වෙනව, ඒ කිව්වෙ මෙයා කරන ජොබ් එකේ ප්‍රතිලාභ මොනවද? ඒ වගේම මෙයා දැනට දරණ වගකීම් මොනවද කියන එක උඩ. ඔන්න ගෙදරින් කාල ඇඳල ඉන්න පුලුවන් කමක් තියෙනව නම් ඕක ගැන හිතන්නම දෙයක් නෑ. හැබැයි පොදු ඇඩ්වයිස් එකක් තමයි මම උඩින් දුන්නෙ.
ඕකෙම අනිත් පැත්ත තමන්ගෙ කම්පැනි එකක් කරන අයටත් බලපානව, ඉන්න සේවකයෙක් ඔය වගේ පාට් ටයිම් එකක් කරනව වගේ තේරුන ගමන් අපි ඇහැගහගෙන ඉඳල එයාව ගානට වගකීම් වලින් නිදහස් කරනව අලුත් කෙනෙක් ගන්න බලාගෙන, මොකද ඉක්මණින්ම ගැලවිලා විසිවෙන්න පුලුවන් නිසා. ඔය වගේ අත්දැකීම් නම් මට සෑහෙන තියෙනව බං.
PS: හැබැයි මොනව කරත් බං තමන්ට හොඳ මූල්‍ය විනයක් තියෙන්න ඕන. ඒක තමයි ගොඩක් අයට නැත්තෙත්. කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් කියල තියෙනව සල්ලි හම්බකරනවට වඩා අමාරු වියදම් කරන්න ඉගෙන ගන්න එක කියල. ඒක නම් 100%ක් අත්විඳපු දෙයක්... ඔය ප්‍රශ්න එන්නෙ තව දුර යද්දි. ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, වගේ දේවල් හරිම භයානකයි. හරියට පාවිච්චි කරොත් ගොඩ, වැරදුනොත් පාරටම වැටෙනව බං.