රට රකින ජාතියට අඩු සැලකිලිලු; යුද හමුදාපතිතුමනි, මෙහෙම වෙන්නේ ඇයි?
සමන් ගමගේ
"රට රකින ජාතිය"ට එක්‌වන්නැයි කියමින් මේ දිනවල රූපවාහිනී නාලිකා තුළ විටින් විට අපූරු දැන්වීමක් විකාශය කෙරෙන්නේය. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළ වූවකි. ඉන් ප්‍රකාශ කෙරෙන්නේ රටේ තරුණ ප්‍රජාවට යුද හමුදාව හා එක්‌වන ලෙස කෙරෙන ආරාධනය ය.
එහෙත් "රට රකින ජාතිය"ට එක්‌වන්නැයි කියමින් යුද හමුදාව මෙසේ රුපියල් කෝටි ගණනින් වැය කර රටේ තරුණ පරපුරට ආයාචනා කරද්දී අද යුද හමුදාව තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? නිලධාරීන්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්‌වා වන සියලුම නියෝජනයන් සඳහන් කරන්නේ මේ වන විට "රට රකින ජාතිය" දෙස බලා "එපා වාහෙට හොදි බෙදිල්ලක්" යුද හමුදාව තුළ සිදු වෙමින් තිබෙන බවය.
බහුතර උසස් හමුදා නිලධාරීන් රට බේරාගත් විරුවන්ගේ වීරත්වයට ගරු කරන තැනක සිටියදී අතලොස්‌සක් වූ පිරිසක් වත්මන් යුද හමුදාපතිවරයාවද නොමඟ යවමින් ගෙන යන අත්තනෝමතික වැඩපිළිවෙළක් හමුවේ සමස්‌ත යුද හමුදාව තුළ ප්‍රබල කලකිරීමක් හටගෙන තිබෙන බවද ඔවුහු සඳහන් කරන්නාහ.
ඔවුන් කියන පරිදි මෙහිදී දැනටමත් සිදුව ඇති දේ බොහෝය. ඒ සෑම කටයුත්තකදීම දකින්නට ඇති විශේෂ ලක්‍ෂණයක් වන්නේ ලුතිනන් කර්නල් නිලයේ සිට පහලට ඇති හමුදා නිලයන් බරපතළ නොසලකා හැරීමක ඉලක්‌ක වී තිබෙන බවය.
විවිධ පාඨමාලා සඳහා විදේශ පුහුණුවීම්වලට යැමේ අවස්‌ථාව යුද හමුදා නිලධාරීන්ට කලක සිට ලැබුණු වරප්‍රසාදයකි. එසේ විදේශගත වීමේදී දීර්ඝ කාලයක සිට පුහුණුවට අදාළ මාස 3 - මාස 6 සහ මාස 12 ආදී වශයෙන් වූ කාල පරාසයන් සඳහා එක් නිලධාරියකු වෙනුවෙන් වියදම් පියවා ගැනීම පිණිස රුපියල් ලක්‍ෂ 5 සිට 7 දක්‌වා වූ මුදලක් ලබාදීම යුද හමුදාව තුළ සිදු විය.
එහෙත් මෑතක සිට එකී විදේශගත දීමනාව සියයට අසූවකින් පමණ කපා දැමීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන්නේ විශ්මිත ලෙසිනි. ඇතැම් විට රාජ්‍ය නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු මේ කප්පාදුව පිටුපස සිටිනවා විය හැකිය. හමුදා නිලධාරියකු විදේශ පාඨමාලවකට යැමේදී අදාළ දීමනාව ලබා දෙන්නේ තමන්ගේ පොකට් එකෙන් යෑයි වැනි හැඟීමක් ඔවුන්ට ඇති වූවාද විය හැකිය.
ඒ අනුව මෙකී විදේශගත දීමනාවට එල්ල වූ හමුදා කතුරු පහරේ තරම කොතෙක්‌ද යත් එක් නිලධාරියකු සඳහා විදේශගත වීමකදී ගෙවනු ලබන දීමනාව රුපියල් අනූතුන් දහසක් පමණ වනතුරුම කපා දැමීමක් මෑතකදී සිදු විය. පසුගිය අයවැයේදී ආරක්‍ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය අවස්‌ථාවේ මේ කරුණ පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කිරීමට ලක්‌විය.
එහෙත් මේ දක්‌වාම සිදුවූ දෙයක් නම් නැත. තවමත් කැපිල්ල එසේමය. මෙරට හමුදා නිලධාරියකු විදේශගත වීමකදී කලක සිට ඔවුනට රුපියල් ලක්‍ෂ 5-7 ත් අතර මුදලක් ලබා දෙනු ලැබුවේ කුමක් නිසාද?
අපට ඇත්තේ ලෝකයම භීතියෙන් වෙව්ලා ගිය වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය කරමුලින් අල්ලා පොලොවේ ගසා වනසා දැමූ වීරයන්ගෙන් සපිරි ත්‍රිවිධ හමුදාවකි. එනිසාම මෙරට හමුදා නිලධාරියකු විදේශ හමුදාවක් හා පුහුණුවකට යැමේදී ඔවුනට ලැබෙන්නේද ඉහළ පිළිගැනීමකි.
උදාහරණයක් ලෙස අප ඉන්දියාවේ පුහුණු පාඨමාලාවකට යන හමුදා නිලධාරියකු ගෙන බැලුවහොත් ඉන්දියාවට යන ඔහුට පුහුණු අතරතුරදී කඳවුරෙන් පිටතට පැමිණ මුම්බායි තෝසේ කඩේකින් තුන්වේල කා අවැසිනම් ඉන්දීය හුදී ජනයා අතරට වැදී වඩේ එකක් සමඟ හීන් අඩියක් ගසා දුකසේ ගෙවා දමන අසරණ ජීවිතයක් ගත කළ නොහැකිය.
ඔහුට ජීවත් වීමට සිදු වන්නේ රටේත්, හමුදාවේත් නම්බුව රැකෙන පරිදිය. සරලව කිවහොත් විදේශ පුහුණුවකට යන අපේ හමුදා නිලධාරියා සෙසු සහෘද විදේශ නිලධාරීන් සමඟ පොෂ් පොරක් සේ සිටිය යුතුය. එය එසේ නොවිය යුතුයෑයි කියන්නට කිසිවකුටත් සාධාරණ අයිතියක් ඇත්තේම නැත.
මන්ද අද යුද හමුදාවේ ලොකු පුටුවල සිටින සියලුම නිලධාරීන් අතීතයේ දවසක මේ අත්දැකීමට මුහුණ දී තිබෙන නිසාය. හමුදා නිලධාරියකු විදේශගත වීමේදී කලක සිටම ඉහත කී පරිදි සැලකිය යුතු දීමනාවක් ඔවුන්ට ලබා දුන්නේ මෙවන් වූ කරුණු කාරණා රැසක් මුල්කර ගනිමිනි.
සත්‍ය එසේ වෙද්දී අද කාගේ හෝ වුවමණාවකට නිලධාරී විදේශගත දීමනාව මෙසේ දෙකපනහට කපා දමා රුපියල් අනූතුන්දහසක් පමණ දක්‌වා වූ ප්‍රමාණයකට මස්‌තබාල්දු කර ඇත්තේ කුමක් නිසාද?
යුද හමුදාපතිතුමනි "රට රකින ජාතිය"ට එන්නයෑයි ආරාධනා කරමින් දැන්වීම් දැමෙද්දී දැනට හමුදාවේ සිටන විරුවන් අරබයා කටයුතු සිදු වෙමින් තිබෙන්නේ මෙසේනම් මොලේ ඇති වුන් වැරදිලාවත් හමුදාවට එක්‌වනු ඇතිද?
ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලයේ සිට ඉහළට ඇති සියලු නිලයන් පිළිගනු ලබන්නේ විධායක ශ්‍රේණියේ නිලයන් ලෙසිනි. මේජර් නිලයට උසස් කිරීමේ සිට සේනා විධායක ලෙස ඔවුන්ගේ උසස් විම්වලට ජනාධිපතිවරයාගේ අත්සනින් අනුමැතිය හිමි වීම එයට හේතු වන්නේය.
එහෙත් අද යුද හමුදාවේ මේජර් නිලයේ සිටින කිසිවකුටත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට හිමි රුපියල් 15000 සේ දීමනාව හිමි නොවන්නේය. මේජර් නිලය දරමින් අණදෙන නිලධාරීන් ලෙස වගකීම් සහිතව රාජකාරියේ යෙදනෙ මේජර්වරුන්ද යුද හමුදාවේ ඇත. එහෙත් ඔවුන්ටද අදාළ දීමනාව ලැබෙන්නේ නැත.
මෙසේ කටයුතු සිදු වන්නේ මේජර් නිලය විධායක ශ්‍රේණියේ නිලයක් ලෙස පිළිගන්නට කිසිවකු හෝ අකමැති වීම නිසාද? මේ සංක්‍රාන්ති සමය දෙස බලන කල මේජර් නිලයේ විධායක බව නොව, සමස්‌ත යුද හමුදාවම පිළිගැනීමට අකමැති උන් දැන් පඳුරකට පයින් ගැසුවත් විසි වෙන තරමට සිටින්නේය.
උන්ට දුක අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවන් ඉදිරියේ වැනසී ගිය ප්‍රභාකරන් ගැනය. ඒ ම්ලේච්ඡයා වෙනුවෙන් පහනක් දල්වා රටම පාවා දී හෝ ඩොලරයක් ගිලීම උන්ගේ ජානගත අරමුණ වී ඇත. එවන් උන් හිස ඔසවා ඇති මේ අපූරු යුගයේදී රට බේරාගත් හමුදා විරුවන් කලකිරීමට ලක්‌වන පරිදි මෙසේ කටයුතු සිදු වන්නේ එකී ඩොලර් කාක්‌කන්ගේ අදිසි හස්‌තවල බලපෑමක් යම් අයුරකින් යුද හමුදාවට එල්ල වී තිබෙන නිසාද?
සියල්ල සිදු වෙමින් තිබෙන්නේ කාටත් නොදැනීම පාවා දෙන්නන් ඉදිරියේ වීරයන් බාල්දු කෙරෙමින් තිබෙන නිසාද?
මෙසේ අද යුද හමුදා නිලධාරින් හා සෙසු නිලයන් අරබයා ගත් කල සිදුවෙමින් තිබෙන වරප්‍රසාද කප්පාදුව ඉතාම ඉහළ තැනක තිබෙන බව බොහෝ හමුදා සාමාජිකයෝ පවසන්නාහ. මෙතෙක් වර්ෂාවසානයේ ලබා දුන් නොමිලේ නිකුත් කිරීම් (නිල ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය භණ්‌ඩ) පවා අත්හිටුවීමට පවා ගෙවී ගිය 2017 වසරේ කටයුතු සිදු කෙරුණු බවද ඔවුහු කියන්නාහ.
එය එසේ වෙද්දී දැන් ඇසෙමින් තිබෙන අලුත්ම කතාව බවට පත්ව ඇත්තේ පිටත වාසී (නිවාසව සිට රාජකාරි සඳහා වාර්තා කරන) සෙබළුන්ගේ බත්පගේ කතාවය.
සාමාන්‍යයෙන් යුද හමුදාවේ කඳවුරු තුළ නේවාසිකව සිටිමින් රාජකාරි කරනු ලබන සෙබළුන්ට ආහාර ලැබෙනුයේ කඳවුරෙනි. එහෙත් විවාහක සෙබළුන් රාජකාරියට පැමිණෙන විට දිවා ආහාරය සඳහා නිවසින් ආහාර රැගෙන ඒම කලක සිටම සිදුවූවකි.
ඔවුන් එසේ රැගෙන ආවේ තමන්ගේ දරුවනුත් දහවලට බුදින බිරිඳ හදා දෙන කෑම වේලය. ඇත්ත එය වුවද යුද හමුදාවේ ආහාර විශේෂඥයන් පවසා ඇත්තේ පිටතවාසී සෙබළුන් ගෙදරින් ගෙන එන කෑමවේල ගුණාත්මක භාවයෙන් තොර බවය.
ඒ අනුව දැන් පිටතවාසී සෙබළුන්ට සිදු ඇත්තේ තමන්ට මෙතෙක් ආහාර වෙනුවෙන් වැටපුට එකතු වූ මුදලින් කොටසක් යළි හමුදාවටම දී බිරිඳ දරුවන් ගුණාත්මක දේ නොකෑවත් ඉහත කී ආහාර විශේෂඥයන්ට අනුව කඳවුරෙන් දෙන ගුණාත්මක ආහාර වේල ගෙන බුදින්නටය.
එහෙත් මෙසේ ගුණාත්මක ආහාර ලබා ගැනීමේදී දැන් එකී සෙබළුන්ට මුහුණ දීමට සිදුව ඇති බරපතළ ප්‍රශ්න දෙකක් ඔවුන් ඉදිරියේ ඇත. ඉන් එකක් වන්නේ යුද හමුදා ආහාර විශේෂඥයන් කියන පරිදි ගෙදර සිටින බිරිඳ හා දරුවන් පෝෂ්‍යදායී නොවන කෑම ආහාර ලෙස ගනිද්දී තමන් විතරක් පෝෂ්‍යදායී ආහාරවේලක් ගැනීමේ ආත්මාර්තය හමුවේ හෘද සාක්‍ෂියට උත්තර දී ගත නොහැකි වීමය.
දෙවැනි කරුණ වන්නේ දසඅතේ ලෝන් (ණය) ගෙන යාන්තමින් වැටුපෙන් මාසික රෝල ගෙන ගිය ඔවුන්ගේ වැටුපෙන් කොටසක් හිටි හැටියේ ආහාර සඳහා කපා ගැනීමත් සමඟ මෙතෙක් පවත්වාගෙන ගිය ආර්ථික කළමනාකරණය උඩුයටිකුරු වීමය.
ඔවුන් එසේ ගැටලුවලට මුහුණ දෙද්දී මේ වැඩෙන් ගොඩයන කෙනෙක්‌ද ඇත. ඒ පිටතවාසී සෙබළුන්ටත් කඳවුරුවලින් ආහාර ලබා දෙද්දී අදාළ ආහාර සැපයුම්කරුවන්ගේ සැපයුම් ප්‍රමාණය ඉහළ ගොස් තවත් ගාණක් ඔවුන්ගේ පොකට් එකට වැටීමය.
එහෙත් මේ ප්‍රශන්යේදි යුද හමුදාව පවසන්නේ පිටතවාසී සෙබළා දිවා ආහාරය නිවසින් නොව කඩවලින් ගැනීමට පුරුදුව සිටීම නිසා මේ තිරණය ගත් බවකි. සිදුව ඇත්තේ එය නම් එහි තීරණයේද සාධාරණය් ඇත. මන්ද හමුදා සෙබළා යනු මන්දපොෂණයෙන් පෙළෙන්නකු නොවිය යුතු නිසාය.
යුද හමුදාපතිතුමනි, සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුව ඇත්තේ පිටතවාසී සෙබළාගේ කෑමවේල ගුණාත්මක නොමැති නිසා ඔහුගේ ශරීර සෞඛ්‍ය පිළීබඳ සැලකිලිමත් වීමක්‌ද? එසේසතය එය නම් ගැටලුවක් නැත. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ සැපයුම්කරුවන් පෝෂණය කිරීමක් නම් ඒ පිළිබඳ සොයා බැලිය යුතුමය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් සෑම අවස්‌ථාවකම කියන්නේ යුද හමුදා සෙබළා වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවය. කියන්නාක් මෙන්ම එසේ කරන්නටද ජනාධිපතිවරයා යම් යම් පියවර ගන්නා බවක්‌ද පෙනෙන්නට ඇත.
එහෙත් එසේ තිබියදී අද යුද හමුදාව තුළ රට බේරාගත් සහ යුද්ධයට Rජුව දායක නොවූ ආදී වශයෙන් වන සමස්‌තය අරබයා කටයුතු සිදුවන්නේ මෙසේ නම් එහි අවසන් ප්‍රතිඵලය කුමක් වියහැකිද?