Ratata adare hamoma meka balapn!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒකීය රාජ්‍ය ව්‍යුහයෙන් කිසිදු මොහොතක එළියට පා නොතැබිය යුතු බව සියලු වගකිවයුත්තන් මනාව සිහිකටයුතුය.
    ඊට හේතුව නොයෙක් සළුපිළි පැලඳ විවිධ වෙස් මවාගෙන ෆෙඩරල් බිල්ලා හොල්මන් කරන්නට ඉඩ තිබෙන නිසාය.
    1949 සිට මේ රට තුළ කරගන්නට නොහැකි වූ දේ මේ මොහොතේ දී හෝ ඉටු කරගන්නට මාන බලන අදෘශ්‍යමාන මෙන්ම දෘශ්‍යමාන බලවේගයන්ගෙන් මේ රට රැක ගැනීම පාලකයන්ගේ අනිවාර්ය වගකීමකි.
    මන්ද රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට අන් සියලු වගකීම්වලටත් වඩා ඉහළම ප්‍රමුඛතාව ලැබිය යුතු නිසාවෙනි.