විනාඩි 10 ක්ද 15 ක්ද කොච්චර වේලාවක්ද කියලනම් හරියටම මතකයක් නෑ පිස්සුවෙන් වගේ දිලිනි මාව කිස් කළා, මටත් නොදැනීම මගේ අතගිලිත් දිලිනිගේ කෙස් අතරේ එහාට මෙහාට ගියා, මටත් හිතා ගන්න බෑ හරියටම මොකද්ද මේ උනේ කියල, එහෙම කිස් කරපු දිලිනි එක පාරට මගේ පපුවේ ඔලුවේ තියාගෙන අඩන්න පටන් ගත්ත,
බබා ඇයි මේ කෝ නැගිටින්න මැණික අඩන්න එපා දැන්, කෝ හොඳ බබානේ මගේ, නැගිටින්න කෝ බලන්න මන් දිහා, අනේ කියන දේ අහන්නකො වස්තුව
අනේ මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න රත්තරන්, ඔයාගේ පපුවෙන් එන උණුසුමට මන් ගොඩක් ලෝබයි රත්තරන්, මට අඬල අඬල හිතේ තියන බර නිදහස් කරගන්න දෙන්න මහත්තයෝ,ඔයාට පින් මේ කෙල්ලට ආදරේ කලාට,
මොනවද බබා මේ කියවන්නේ? ඔයා නෙවෙයි මමයි පින් දෙන්න ඕනේ, ඔයාව හීනෙන් විතරක්ම මගේ වෙයි කියලයි මන් හිතන් හිටියේ, ඇත්තටම මට තාමත් විස්වාසයක් නෑ මැණික මට ඇත්තටම ඔයාව ලැබුන කියල.
ඒ ඔයා දන්න විදිය මහත්තයෝ, එත් මේ කෙල්ල ඔයාට ආදරේ කලේ අදක ඊයෙක ඉඳල නෙවේ, ඔවු මගේ දෙයියෝ මන් කොච්චර විදෙව්වද කියල ඔයා දන්නේ නෑ දෙයියනේ, ඔයා වෙන කෙල්ලොත් එක්ක යාලුයි කියල ආරංචි උනාම කෝට්ටේ පෙගෙනකන් අඬන එක විතරයි මහත්තයෝ මේ කෙල්ලට තිබ්බ එකම සැනසීම.
එත් අදින් පස්සේ මම අඬන්නේ නෑ, ආයේ මේ කෙල්ල අඬන්නේ එකම එක හේතුවකට විතරයි මහත්තයෝ, ඒ ඔයා මාව දාල ගිය දවසට විතරයි....
නෑ පැටියෝ නෑ කවදාවත්ම නෑ, මම ඔයාව දාල යන්නේ නෑ කිසිම දවසක, කිසිම හේතුවකට, මේ සමීර දිලිනිව තනි කරන්නේ නෑ, ඔයා මගේම විතරයි මැණික මගේම විතරයි,
එහෙන්මම හෙමීට උඩට ආව දිලිනි ගොඩාක් ආදරෙන් වගේම හරි පරිස්සමෙන් මගේ මුළු මූනම කිස් කළා, දිලිනිගේ සිනිදු ටී ෂර්ට් එකෙන් වැහිලා තිබ්බ පපුවේ උණුසුම වගේම ඒ පපුව ගැහෙන රිද්මය මගේ නිරුවත් පපුවට දැනුන...මගේ ඔලුව වෙළුම් පටිවලින් ඔතල නිසා මට හෙලවෙන්න අමාරුයි, එත් මන් පුළුවන් විදියට දිලිනිව තව තවත් මගේ පපුවටම තුරුල් කරගත්ත,
ඇත්තටම මට තාමත් මේක හීනයක්, මගේ මුළු අත්මේම වහගෙන හිටිය ඒ අහිංසක රූපය දැන් මගේම වෙලා මන් ළඟ, මේ දළදා හාමුදුරුවන්ගේ හෙවන යට හාස්කම් තියන බව අම්ම හැම වෙලේම කීවත් එක ඔප්පු උනේ අදයි.....