REDI ADAN KADE GIYATA DAN ILLAN KANAWA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

    එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

    එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    121150698_167736694945550_3104002219286717173_n.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    තේරෙන්නෙ නැති නිසා අහන්නෙ, ආණ්ඩුවට පොලිසියට බලපෑම් කරන්න බැරි නං 19 යටතේ, බදුර්දීන්ව අල්ලන්නෙ නැති එකට ආණ්ඩුවට බැනල වැඩක් තියෙනවද?
     
    • Like
    Reactions: fdk

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තේරෙන්නෙ නැති නිසා අහන්නෙ, ආණ්ඩුවට පොලිසියට බලපෑම් කරන්න බැරි නං 19 යටතේ, බදුර්දීන්ව අල්ලන්නෙ නැති එකට ආණ්ඩුවට බැනල වැඩක් තියෙනවද?
    බනින වුන්ට හේතු හොයන්න ඕනේ නැහැ බන්
    ඕනේ එකක් ආණ්ඩුවට :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Miami-Vice

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඈත්ත කතා කරන හාමුදුරුවරු තාම ඉන්නවා. මතකද ලිට්‍රෝ සාදු. යහපාලනේන් කෙලවෙලාම යද්දි ත් ආතල් එකේ පඩියක් අරන් උන්න හෑටි.
     
    • Like
    Reactions: Miami-Vice

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උබ දැක්කද? o_O o_O


    එකෝමත් එක රටක ඉතාම රූමත් කුමාරිකාවක් වාසය කළා ලු. ඉතා කඩවසම් කුමාරයෙක් මේ කුමාරිකාවගේ අත පතාගෙන ආවලු. කුමාරිකාව මෙවෙලේ ඒ කුමාරයට අභියෝගයක් එල්ල කරනවා. 'ඔබ මගේ විස්මිත පළිඟු බෝලයට හොයාගන්න බැරි මේ ලෝකේ කවර හෝ තැනක හැංගිලා පෙන්නුවොත් මම ඔබට කැමැත්ත දෙනවා' කියන කුමාරිකාව කුමාරයාට වර තුනකුත් ප්‍රදානය කළා.

    අද කාලේ වගේ ම තමයි. ඒ කාලෙත් කුමාරයාගේ හිතවත් ම සතා හිවලෙක්. කුමාරයා හිවලාට කියනවා ඈත හිරු කඳු මුදුනක , හිරු එළිය පවා නොවැටෙන ගුහාවකට රැගෙන ගොස් තමාව සඟවන්න කියලා. හිවලා සැණින් ඒ ඉල්ලීම ඉටු කරනවා. ඒත් ඵලක් වුණේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලලා කුමාරයාව හොයාගෙන සමච්චලයට හිනාවෙන්න වුණා. කුමාරයා තම හිවල් හිතවතාට මෙහෙම කියනවා. 'මෙවර ඔබ මා රැගෙන යන්න ඕනේ මිනිස් පා නොගැටුණු ඈත මුහුදු පත්ලකටයි'. හිවලා ඒ නියෝගය එසැණින් පිළිපදිනවා. ඒත් කුමාරයාට වැඩි වෙලාවක් මුහුදු පත්ලේ ඉන්න වෙන්නේ නැහැ. කුමාරිකාව පළිඟු බෝලයෙන් බලාගෙන කොක් හඬලා සිනාසෙන්න වුණා. දැන් කුමාරයාට දුන්නු වර දෙකක් ම ඉවරයි.

    කළකිරීමෙන් ඉන්න කුමාරයා අමතලා හිවලා මෙසේ කියනවා. 'ඔබ ඔය කිසිම දුර්ග දුෂ්කර තැනක සැඟවිලා පලක් නැහැ. ඇයට පුළුවනි ඔබව සොයාගන්නට' ඒ අහන කුමාරයා පරාජිතව සුසුමක් හෙළනවා. 'ඒ කියන්නේ මට ඇයව අහිමි වේවිද ?' හිවලා උද්‍යෝගයෙන් පිළිතුරු දෙනවා. 'ඇත්තටම නැහැ. මම ඔබව සඟවන්නම් ඇයට කිසිදාක සොයන්නට බැරි තැනක' මෙහෙම කියන හිවලා උමගක් කණින්නට වුණා. උමග අවසන් වුණේ කුමාරිකාවගේ මන්දිරයේ ඇගේ යහන් ගබඩාවේ ඇගේ අසුන යටින්. 'මෙතැන කොහොමද ඇයට අහුනොවෙන්නේ?' කුමාරයා කෝපයෙන් මිමිණුවා. 'හොඳයි. ඔබ මං කියනවට බලා ඉන්න. මොන ලෝකය සිසාරා ඔබව හෙව්වත් ඇය කවදාවත් තමන්ගේ කකුල් දෙක යට බලන්නේ නැහැ. ඒක තමයි මිනිස් ස්වභාවය' හිවලා ස්ථිර හඬින් පැවසුවා. කියූ ලෙසටම ඒ අනාවැකිය සැබෑ වුණා. කුමරිය විස්මිත පළිඟු බෝලයෙන් ලොව හතර කොණ සිසාරා බැලුවත් ඒ කොයි තැනකින්වත් කුමරාව හමු වුණේ නැහැ. ඒ වගේ ම ඇය කොයි ම වෙලාවකදීවත් නිකමටවත් තමන්ගේ කකුල් දෙක යට බලන්න හිතුවෙත් නැහැ.

    අවසානයේ දී කුමරිය කුමරා ට කැමැත්ත ප්‍රකාශ කළා.

    උමඟ යට ඉන්න බදුර්දින් මෙහෙම කිව්වා. 'මෙත්තන ඔන්දටෝම රෂ්නෙයි ෂර් !'

    නිමි.
    - සහන් කසීර වික්‍රමසිංහ -