renault kwid ආපසු ගෙන්වයි

alex123game

Member
Jan 12, 2016
298
45
0
renault kwid ආපසු ගෙන්වයි

20161013-renault%20kwid%20again.jpg


ඉන්දියාවේ නිෂ්පාදිත රෙනෝල්ට් ක්විඩ් මෝටර් රථ යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා වේගවත් අලෙවියක් තිබූ මෙම මෝටර් රියේ ඉන්ධන පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි කියති.
2016 මැයි 18 වැනිදාට පෙර නිපදවූ මෝටර් රථ මෙසේ යළි කැඳවා ඇති අතර ගැටලු තිබෙන මෝටර් රථ ප්‍රමාණය කොතෙක් ද යන්න එම සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැත.
ජපානයෙන් ගෙන්වන මෝටර් රථ සඳහා විශාල වශයෙන් බදු පැනවීම හේතුවෙන් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාවේ ද මෙම ක්විඩ් මෝටර් රථය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණි. නමුත් එහි පවතින විවිධ දුර්වලතා රැසක් පිළිබඳ පසුගිය සමයේ මෝටර් රථ ඉංජිනේරුවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය.


Renault-Kwid-Images-7.JPG
kwid-rear_110115010608.jpg


http://www.citizen.lk/news/1518/renault-kwid-again.html