Rep_26++වෙලා

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,930
    10,473
    113
    මගේ රේප් පවර් එක 26++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 26+ ගානේ.



    tumblr_oiwcurc3pu1udh5n8o1_500.gif



    කිරියට ඇවිත් අවුරුදු 9යි ..

    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .





    ඔබ දන්නවාද ? ලොව වැඩි ම ජන ඝනත්වයක් තිබෙන රටවල් 10ක්


    2018.06.26.jpg




    10. මොරීෂස්

    10.jpg


    ඡායාරූපවල තිබෙන රිදී වෙරළ සහ කොළ පැහැති කඳු වළාවන් දැක්කාම මෙය ලොව වැඩිම ජනගහනයක් ඉන්න රටක් ද කියලා කියන්නත් සැකයි. වර්ග කි.මී. 1268 පමණ ප්‍රමාණයක්වූ මෙහි වැඩි ඉඩකඩක් නැතත් ලක්ෂ 13ක් පමණ ජනතාව (2012 දත්ත) සමඟ එහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට ජනතාව 4095ක් සිටිනවා. ප්‍රධාන නගරයවූ පෝට් ලුවිස්හි ලක්ෂ 1.5 පමණ වෙසෙන අතර ඉතිරිය ඉන්දීය සයුරේ විසිරී ඇති එරට දූපත්වල වාසය කරනවා. යුරෝපීයයන් විසින් 17වන සියවසේදී වඳව ගිය, මොරිටියස්හි ස්වදේශීය සත්ත්වයෙක් වන ඩෝඩෝ පක්ෂියා විසූ ‘ඩෝඩෝ දූපත’ මෙරටෙහි අඩුවෙන් ම ජනතාව වාසය කරන දූපත වෙනවා.


    9. තායිවානය

    09.jpg


    නිල වශයෙන් චීන සමූහාණ්ඩුවට අයත් රටක් ලෙස හැඳින්වෙන මෙහි ශීඝ්‍ර කාර්මීකරණයත් සමඟ ජන ඝනත්වය ඉහළ ගියේ ලොව විශාලතම ආර්ථිකය සහිත 19වන රට බවට පත් වෙමින්. දැනට වර්ග කි.මී. 22487ක 23,367,320 පමණ ජනතාවක් වෙසෙන අතර අගනුවරවූ තායිපේහි 6,900,273ක් සිටිනවා. රටේ ජනඝනත්වය වර්ග කි.මී.ට මිනිසුන් 4180යි. අගනුවර තදාසන්න පෙදෙස්වල මීට අවුරුදු කිහිපයකට පෙර ලන්ඩන්හි විසූ තරම් ජනතාවක් වාසය කරනවා. ප්‍රධාන වශයෙන් රටේ බටහිර පැත්තට වෙන්න තමයි වැඩිපුරම ජනතාව වෙසෙන බව දකින්න ලැබෙන්නේ. මේ නිසා ම ජනගහනය වැඩි ප්‍රදේශවල ජන ඝනත්වයත් බොහොම වැඩි වීමෙන් සංචාරකයන්ගේ විචාරවල “crowded” යන වචනය අනිවාර්යයෙන් දකින්නට ලැබෙනවා.

    8. බාබඩෝස්

    08.jpg


    මොරිටියස්වලටත් වඩා කුඩාවූ මෙයත් දූපත් පාරාදීසයක්. වර්ග කි.මී. 267ක 277, 821ක ජනගහණයක් ඇති මෙහි 2010 ඇස්තමේන්තු ගත කිරීම අනුව ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 4182.5ක් වෙනවා. මෙය එරට පාරිසරක ගැටළුවලට, මලාපවාහන පද්ධති පීඩනයට සහ වෙරළාසන්න කොරල්පර වල ඛාදනයට හේතුවී තිබෙනවා. සංචාරක කර්මාන්තය බාබඩෝස් ආර්ථිකයට හොඳ සහයෝගයක් ලබා දෙන අතර ඉන් ලැබෙන ආදායම ද යොදමින් රටේ පිරිසිදු බව පවත්වා ගන්නට විවිධ ක්‍රමවේද ඔවුන් ක්‍රියාත්මක කරනවා.


    7. බංග්ලාදේශය

    07.jpg



    අපේ ලැයිස්තුවේ වැඩිම ජනගහනයක්; එනම්, 155,872,000ක් (2013 IMF දත්ත) සිටින බංග්ලාදේශයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට ජනතාව 6837.5ක් පමණ වෙනවා. ලොව දුප්පත් රටවලින් වුවත් 1990 සිට දිළිඳු බව 25%කින් පමණ මේ වන විට අඩුව තිබෙන්නේ දියුණු වෙමින් පවතින රටක් බවට පත්වෙමින්. ෆෝබ්ස් සඟරාව ද “මීළඟ එකොළහ” නමින් ලොව ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති රටවල් ලයිස්තුවක් ඉදිරිපත් කළ අතර එහි බංග්ලාදේශය ද අඩංගු වෙනවා. රටේ භූමි ප්‍රමාණය ජනගහනය මදිවීම මෙන්ම ලෝක බැංකුව ද සඳහන් කරන පරිදි “දුර්වල දේශපාලනය සහ රාජ්‍යායතන” නිසා ද එම දියුණුවට බාධාවන් එල්ල වන බවයි පෙනී යන්නේ.


    6. මාල දිවයින


    06.jpg


    ජනඝනත්වය ඉහළ යන නිසා ප්‍රශ්න වලට මුහුණදුන් ලස්සන දූපත් තිබෙනවා. ඒත් ඒ එකක්වත් මාල දිවයින තරම් තර්ජනයට ලක් වෙලා නැහැ. මොකද මේ දූපත් ක්‍රම ක්‍රමයෙන් ගිලී යමින් තමයි පවතින්නේ. එය කොතරම් වේගවත් ද කියනවා නම් තව අවුරුදු 100ක්වත් පවතින්නේ නැහැ. CIA දත්ත අනුව මාල දිවයිනේ 393,988ක්වූ ජනතාවක් වර්ග කි.මී. 185ක භූමි ප්‍රමාණයක සිටින අතර ජන ඝනත්වය වර්ග කි.මී.ට 8562.5ක් වෙනවා. ඒ අය ඉක්මණින් නව නිවසක් සොයා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ නිසා ම මාලදිවයින් රජය ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ ඉඩම් මිලදී ගැනීම පිළිබඳව සොයා බලමින් එහි නැවත පදිංචි කිරීම් ආරම්භ කර තිබෙනවා.

    5. මෝල්ටා

    05.jpg


    අධික ජනගහනයක් සිටින තවත් දිවයනක් වන මෝල්ටාව ඇස්තමේන්තු ගත දත්ත අනුව වර්ග කි.මී. 180ක පුද්ගලයන් 452,515ක් වෙසෙනවා. ඒ අනුව ජන ඝනත්වය වර්ග කි.මී.ට 9347.5ක් වෙනවා. මධ්‍යධරණී මුහුදේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මෙය; එහි ඇති යුනෙස්කෝ ලෝක උරුමයන් හතෙන් හා තවත් ඓතිහාසික ආකර්ෂණීය ස්ථාන නිසා වසරකට සංචාරකයන් ලක්ෂ 12 ක් පමණ ලබනවා. ඒ විතරක් නෙවෙයි, මෙහෙම එන අය එරට පදිංචිවීම නිසා ස්වදේශිකයන් තුනකට විදේශිකයන් 1ක් යන අනුපාතයෙන් ජනගහණය තවත් වැඩි වෙනවා. මේ නිසා ඊළඟට ගැටළුවලට මුහුණ පාන රට මෙය වෙන්නත් පුළුවන්.


    4. බහරේන්


    04.jpg


    පර්සියානු බොක්ක ආශ්රිත විශාලතම දූපත් සමූහයක් වන බහරේන්හි වර්ග කි.මී. 462ක පමණ ජනතාවක් වෙසෙනවා. මෑතදී කළ සංගණනයට අනුව, එම ජන සංඛ්‍යාවෙන් 89% ක් මනාම් හා අල් මුහාරක් යන නගර දෙකෙහි ජීවත් වෙනවා. මොකද රටෙන් 92%ක්ම තිබෙන්නේ කාන්තාරයයි. ජන ඝනත්වය 10567.5ක් පමණ වුවත් නගරාශ්‍රිතව එය ගොනුවී තිබෙනවා. සෑම වසරකදීම මිලියන ගණන් සංචාරකයන් (2008 දී මිලියන 8 ක්) මෙහි පැමිණෙන අතර ඉන් බහුතරයක් අසල්වැසි අරාබි රාජ්‍ය වල අයයි. බහරේන්හි F1 කලාපය සංචාරක ආකර්ෂනයට ලක්ව ඇති අතර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජනාවාසයක් නමුත් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් වඩාත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් අතර බහරේන් බෙහෙවින් කැපී පෙනෙනවා.

    3. වතිකානුව

    03.jpg


    නගරයක් තුළ තිබෙන රටක් වන වතිකානුව වර්ග කි.මී. 0.2‍7ක පමණ 839ක් පමණ දෙනෙක්ට වාසස්ථාන සපයනවා. ඒ අනුව එහි ජන ඝනත්වය වර්ග කි.මී.ට 12338ක් පමණ වෙනවා. ශාන්ත පීතර චතුරස්‍රය සහ වතිකානු උද්‍යානය මෙහි විශේෂ ස්ථාන වන අතර අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ අඩියෙන් අඩියට මෙරට දකින්නට ලැබෙන්නේ කතෝලික සංස්කෘතිය සහ ගෘහ නිර්මාණ ශිල්පය ගැන සාක්ෂි සටහන් කරමිනුයි.


    2. සිංගප්පූරුව

    02.jpg


    සිංගප්පූරුවේ ජන ඝනත්වය වර්ග කි.මී.ට 48905ක් වන අතර වර්ග කි.මී. 444ක්වූ භූමියේ අවසාන තක්සේරුව අනුව ජනතාව 5,399,200ක් වාසය කරනවා. එහෙත් ඉන් 62% ක් පුරවැසියන් වන අතර ඉතිරිය විදේශ ශිෂ්‍යයන් හා විදේශීය ශ්‍රමිකයන් වනවා. සෑම අවුරුද්දකම මිලියන 11 ක් පමණ සංචාරකයන් ද සිංගප්පූරුවට එනවා. ඉඩකඩ මදිකම නිසා බොහෝ අය ජීවත්වන්නේ තට්ටු නිවාස වලයි. වැඩි ඉඩක් ලබා ගැනීම සඳහා මුහුදෙන් ගොඩ කර ඇති වර්ග කි.මී. 70ක පමණ භූමි ප්‍රමාණයක්ද, තවත් ගොඩකිරීම් ද සැලසුම් කර තිබෙනවා. මේ වන විටත් සිංගප්පූරුවේ අඩි 459ට වඩා වැඩි උසකින් යුත් මහල් සංකීර්ණ 59ක් පමණ තිබෙනවා.


    1. මොනැකෝව

    01.jpg


    36,136ක්වූ ලොව සුපිරිම පොහොසත් අයට නිවහන සලසන මොනැකෝව ලෝකයේ ඉහලම දළ දේශීය නිෂ්පාදිතයවූ ඩොලර් 153,177 ක් ද, ලෝකයේ අවම විරැකියා අනුපාතය වශයෙන් 0% කට ද හිමිකම් කියනවා. මෙච්චර පොහොසත් පිරිසක් මේ වගේ කුඩා රටක් නිවහන වශයෙන් තෝරාගත් එකත් පුදුමයි. ජන ඝනත්වය වර්ග කි.මී.ට 115,820ක් වෙනවා. මොවුන්ද සිංගප්පූරුවේ මෙන් ම මහල් නිවාස ගොඩනැගීමටත් ඒවායේ සුඛෝපභෝගී පහසුකම් සලසා ගන්නටත් කටයුතු කර තිබෙනවා.




    සලකන අයට සහ Bump , Comment කරන අයට 26++ ගානේ දෙනවා....
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අද සලකන්න බැරි ලු, පස්සේ වෙලවක එන්නලු
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,902
    35,841
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තද ... කොර..... සුබ පැතුම්..... කොමද බන් ඔච්චර ආවේ.....

    හිච්චටත් තියෙන හැටියට රේප් දුන්න.... හිච්චටත් දෙන්න....

    ඔබට ජය...
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,930
    10,473
    113
    තද ... කොර..... සුබ පැතුම්..... කොමද බන් ඔච්චර ආවේ.....

    හිච්චටත් තියෙන හැටියට රේප් දුන්න.... හිච්චටත් දෙන්න....

    ඔබට ජය...

    උඹටත් 26++ දුන්න මචන් , Reputation points 16000 ගානක් තියෙනවා තව ඉතින් ලොකුවට active නැතිඋනාට කිරියට ඇවිත් අවුරුදු 9ක් වෙනවා නේ බන්
     
    Status
    Not open for further replies.