Fatty liver
Commment by
Dr. Sa Namunukula
අක්මාවේ තෙල් ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් දරුවන්ට පොදු දෙයක්.
Non Alcoholic Fatty Liver Disease (NAFLD-මධ්‍යසාර සම්බන්ධ නොවන මේද අක්මා රෝගය) ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන තත්වයක් බව ජනගහන වසංගතවේද අධ්‍යයන අනාවරණය කරනව. NAFLD යනු එක්සත් ජනපදයේ ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන අක්මා රෝගය වන අතර සාමාන්‍ය ජනගහනයෙන් 10% කට ආසන්න ව්‍යාප්තියක් ඇතැයි ගණන් බලා ඇත.
තරබාරු දරුවන්ගෙන් 38% කට පමණ NAFLD ඇති බවත් කියවෙනවා.
NAFLD හා සම්බන්ධ වඩාත් පොදු අවදානම් සාධකය වන්නේ තරබාරුකම / ශරීර බර වැඩි වීමයි. එනම්,තරබාරු දරුවන් NAFLD සඳහා වැඩි අවදානමක් ඇත.
NAFLD ලෙස ළමුන් තුළ අප දකින දෙය, ජාතියේ පරිවෘත්තීය සෞඛ්‍යයේ සමස්ත පරිහානියේ එක් ප්‍රකාශනයක් පමණි.
අපගේ නරක ආහාර සහ ජිවන රටාව තමයි fatty liver (NAFLD ) , obesity ,prediabetes , type 2 diabetes, PCOS , hypertension , cardiovascular disease ඇතුළු අනෙකුත් බෝනොවන රෝග වලට හේතුව.
දරුවන්ට Fatty Liver සැදීම වැලක්වීම පහසුවෙන් කරන්න පුලුවන.
ඔබේ දරුවන්ට කුණු ආහාර( Junk food ) ලබාදීම නවත්වන්න.
ඔබේ දරුවන්ට කඩවල් වලින්, කැන්ටිමෙන් සුපර් මාර්කට් වලින් ගන්න කිසිම සකස් කළ ආහාර වර්ග/ පැණි බීම වර්ග ( processed foods and sweetened drinks ) ලබා නොදෙන්න. පලතුරු බීම සීනි අධික බීමක්. අතිශයින්ම විෂ සහිතයි අක්මාවට.
පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් (තිරිඟු පිටි), සීනි, බීජ තෙල් (ඊනියා එළවලු තෙල්) සහ අස්වාභාවික/කෘතිම එකතු කරන ලද අමුද්‍රව්‍යවලින් සාදන ලද “ආහාර” මිලදී ගන්න එපා.
සැකසූ ආහාර මිලදී නොගන්න. මෙවැනි ආහාර ඔබේ ශරීරයට විෂ සහිතයි. පීසා, පාන්, බේකරි නිෂ්පාදන, කඩයප්පන් කෑම , පැටිස්, කට්ලට්ස්, රෝල්ස්, බනිස්, මාළු පාන්, එළවලු රොටි, කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස්,කුකීස්,බිස්කට්ස්, යනාදී ආහාර සකසන්නේ සීනි,තිරිඟු පිටි,”එළවලු තෙල්”, රසකාරක, සහ කෘතීම වෙනත් බොහෝ සංඝටක භාවිතා කරමින්.
නිතර නිතර “පොඩි බඩගින්නට යයි කියමින්” කෙටි කෑම කිසිම දෙයක් කන්න එපා. “පොඩි බඩගින්න “ අදහස කුට වෙළඳ ප්‍රචාරණයක්. පැය දෙකෙන් තුනෙන් දවස් පුරා කෑම ගැනීම අක්මාවේ සෞඛ්‍යට අතිශයින්ම අහිතකරයි.
රුපවාහිනී, රේඩියෝ වැනි වෙළඳ දැන්වීම් වල කියන පෙන්නන කිසිම ආහාර වර්ගයක් ඔබේ දරුවන්ට පරිභෝජනය කරන්න දෙන්න එපා.
ඔබේ ආහාර වේල පිළියෙළ කිරීම සඳහා සෑම විටම ස්වභාවික ආහාර වර්ග තෝරන්න.
#wannakumethod ( low - carb high fat diet ) අනුගමනය කිරීමෙන් NAFLD සුව අතට හැරෙනවා. මෙයට ප්‍රධාන හේතුව ඔබගේ දරුවන්ගේ ආහාරයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීමට මුල්වන carbohydrates සහ sugar ඉතාමත් අඩු ප්‍රතිශතයක් #wannakumethod ආහාර රටාවේ අඩංගු වීම.
බොහෝ දෙනෙකුගේ, වෛද්‍යවරුන්ද ඇතුළුව, අදහස සහ ආකඅල්පය තමා fatty liver එන්නේ saturated fat අඩංගු මස්, මාංශ, බටර්, චීස් , බිත්තර, මීකිරි, පොල්තෙල් වගේ දේවල් පරිභෝජනය නිසා කියල.
මේ අදහස කිසිම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් නොවූ හිතලුවක්.
ඔබ සමහර විට නොදන්නා කරුණක් විය හැකියි, අපගේ ආහාර වේලෙහි අතිරික්ත කාබෝහයිඩ්‍රේට් සහ සීනි මේදය බවට පත් කිරීමට අක්මාව තුළ ජීව රසායනික යාන්ත්‍රණයක් ඇති බව. මෙම යාන්ත්රණය De novo lipogenesis ලෙස හැඳින්වේ. මෙයින් ඔබ තේරුම් ගත යුත්තේ , අක්මාවේ මේද ඇතිවීමට හේතුව අපේ ආහාරයේ ඇති මේදය නොව එම ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට් සහ සීනි බව..
NAFLD තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ඖෂධ හෝ nutritional supplements කිසිවක් FDA ( Food and Drug Administration ආහාර සහ ඖෂධ පරිපාලනය ) මගින් නිර්දේශ කර නැත.
මන්ද ,Drugs හෝ nutritional supplements ( උදා: Omega 3 fatty acid/Fish oils , Vitamin C ,Vitamin E )කිසිවක් NAFLD සහිත රෝගීන්ගෙන් බහුතරයකට ප්‍රයෝජනවත් වන බව අධ්‍යයන වලින් ඔප්පු වී නොමැති නිසා.
------
Post added on Mar 30, 2023 at 6:36 PM