Return to Innocence
.
.
.
.
නිකන් ඉන්න එකේ පරණ විනෝදාංශයකට ගියා. අපි අද ඉංග්‍රීසි ගීතයක් රස විදිමු.
"අහිංසකත්වයට නැවත පැමිණීම" කියලා මේකට නම දාලා තියෙන්නෙ. හිතනිවන ගීත බොහොමයක් ලෝකයට දායාද කල ජර්මානු සංගීත කන්ඩායමක් වන "එනිග්මා" සංගීත කණ්ඩයෙන් 1994 වර්ශයේ එලිදැක්වූ මෙම ගීතය, 2009 වර්ශයේදී යූටියුබ් ජාලයට ඇතුල් කරලා තියනවා. 2009 සිට මේ දක්වා මේ ගීතයට නැරඹුම් වාර මිලියන 96ක් සටහන් වෙලා තියනවා.
ජීවිතය මරණයෙන් කෙලවර වෙනවාද නැද්ද කියන එක තවමත් නොවිසඳුන ගැටළුවක්. අපි අහලා තියනවා මරණය සිදුවන මොහොතේ ජීවිතාවර්ජනයක් වෙනවා කියලා. මේ දේවල් විද්‍යාත්මකව තහවුරු කරලා නැති වුනත් එක් එක් සංස්කෘතීන් තුල විවිධ ආකාරයෙන් ඒ ගැන මිනිස්සු විශ්වාස කරනවා. අපි අහලා තියනවා කුඩා කාලයේ ඉඳලා මිය යන මොහොත දක්වා කල හොඳ නරක මතක් වෙනවා කියලා. මේ තියෙන්නෙ ඒ වගේ තවත් යුරෝපීය විශ්වාසයක් ගීතයකට නැගීමක්.
මේ ගීතයෙන් කියවෙන්නේ අපි යන්නෙ ජීවිත අවසානයේ ඉඳලා ආපසු මුලට කියන එකයි. එහිදී අපි ජීවිතයේ සියළු අවස්ථා හරහා නැවත කුඩා අවදියට ආපස්සට ගමන් කිරීමක් වෙන බවක් තමා රූප රචනයෙන් පෙන්වන්නෙ.
සාම්ප්‍රදායික යුරොපීය ගොවියෙක් මිය යන මොහොතේ තම ජීවිතාවර්ජනය තුලින් ජීවිතයේ විවිධ අවස්ථා පසු කරමින් ආපස්සට යනවා. තමා කුඩා කල ප්‍රිය කල ගසක් යට හිඳිමින් මිය යන්නට වන ඔහුට ඔහු ඒ ගසෙන් කුඩා කල ගෙඩි කඩා කෑ හැටි දක්වාම මතක් වෙනවා. එතනින් එහාට ලදරුවෙකු බවට පත්වන ඔහු ගමන් කරන්නේ ලදරු මනසකට. ලදරුවන් නිතැතින්ම අහිංසකයි. සැබෑ සිනාවක් ඇත්තේ ළදරුවෙකුගේ පමණයි කියලා කියන්නෙත් ඒ අහිංසකත්වය නිසාමයි. මෙසේ ළදරු අහිංසකත්වයට ගමන් කරන ඔහු නැවතත් මෙලොවට එන්නේ ඒ අහිංසක කම රැගත් ළදරුවෙකු ලෙසින් කියන එකයි මේ ගීතයේ අවසාන අර්ථය වෙන්නෙ කියලයි මම හිතන්නෙ.
ගීතයට වඩා මගෙ හිත ගියෙ ඇත්තටම මේකෙ තියන රූප රචනයට. ඒ ගැන වැඩිය කතා නොකර, අපි ගීතය රස විඳිමු.
ගීතයේ පද රචනය දිහා බලමු. පටන් ගන්නෙ වචන හතරකින්.
Love - ආදරය
Devotion - භක්තිය
Feeling - දැනීම්
Emotion - හැඟීම්
ජීවිතයේ පෞද්ගලිකව අපිට වැදගත්ම වන දේවල් මේ තුලින් මතු කරනවා. එහිදී ජීවිතාවර්ජනයක ඉපිලී මතු වන්නේ මොනවද කියන එක පෙන්වා දෙනවා.
Don't be afraid to be weak - දුර්වල වීමට බිය නොවන්න
Don't be too proud to be strong - ශක්තිමත් වීම ගැන ආඩම්බර නොවන්න
Just look into your heart my friend - මගේ මිතුර, ඔබේ හදවත දෙස බලන්න
That will be the return to yourself - ඔබ ඔබ වෙත නැවත පැමිණීම එය වනු ඇත
The return to innocence - අහිංසකත්වයට නැවත පැමිණීම එයයි
මෙහිදී ජිවිතාවර්ජනය සිදු වන්නේ සාම්ප්‍රදායික යුරෝපීය ගොවියෙකුගේ නිසා මෙහි ශක්තිය ගැන කතා කරනවා. ඔබ දුර්වල හෝ ශක්තිමත් වීම නොවෙයි වැදගත් වන්නේ ඔබේ හදවතයි කියන අදහස මේ තුල කියවෙනවා. මොකද ඔබේ ශක්තියට වඩා ප්‍රබල වන්නේ ඔබේ සිතුවිලියි. අහිංසකත්වයට නැවත යාමට ඔබට ඉවහල් වන්නේ එයයි.
And if you want, then start to laugh - ඔබට අවශ්‍ය නම් සිනාසීමට පටන් ගන්න
If you must, then start to the cry - ඔබට අවශ්‍ය නම්, පසුව අඬන්න පටන් ගන්න
Be yourself don't hide - සැඟවෙන්න එපා, ඔබ ඔබම වෙන්න
Just believe in destiny - සරලවම, දෛවය විශ්වාස කරන්න
ජීවිතයේ හොඳ නරක තුලින් ගමන් කරන ඔබට දැනෙන හැඟීම මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. ඒ ඔබේ හැඟීමයි. ඔබ ඔබම වී එය සිනහවක් සහ කඳුලක් තුලින් පසු කරන්න වේවි.
Don't care what people say - මිනිසුන් කියන දේවල් ගැන හිතන්න එපා
Just follow your own way - ඔබ ඔබේම මාර්ගයේ ගමන් කරන්න
Don't give up and use the chance - අතහරින්න එපා, ඒ වගේම අවස්ථාවන් මගහැරගන්නත් එපා
To return to innocence - අහිංසකත්වයට නැවත පැමිණීමට
ජීවිතයේ ආපස්සට යන ඔබට බොහෝ දේ තේරුම් යාවි. ඔබ ඔබම වුනා නම් කෙතරම් වටින්නේද යන්න පැහැදිලි වේවි.
That's not the beginning of the end - එය අවසානයෙහි ආරම්භය නොවේ
That's the return to yourself - ඔබ ඔබම වෙත නැවත පැමිණීම එයයි
The return to innocence - අහිංසකත්වයට නැවත පැමිණීම
That's the return to innocence - අහිංසකත්වයට නැවත පැමිණීම එයයි
මරණය කියන්නෙත් තවත් පටන් ගැනීමක් මිස අවසානයක් නොවෙයි. නැවතත් ඔබ ඔබම වී සියල්ල අලුතෙන් ආරම්භ වීමක්.