reverse වගේ ඒකත්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    COVID 19 හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවට පනවා තිබු රෙගුලාසිය පසුගිය 19 වැනිදා ඉවත් කෙරිණි.

    එම තීරණය ගෙන තිබුනේ COVID 19 පිලිබඳ විද්වත් කමිටුව මගින්ය.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය SM ආනොල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සමිත ගිනිගේ, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවට සහ තවත් තීරණ කිහිපයක් ගෙන තිබුනේ අප්‍රේල් 3 දිනය.

    එම තීරණ සිංහල-හින්දු නව වසරෙන් පසු ක්‍රියාවට නංවන ලෙසද තීරණය කර තිබුණි.

    කෙසේ නමුත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ශව ගණනාවක් එය මේ අවස්ථාවේ ක්‍රියාවට නොනන්වන ලෙස නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි.

    ඒ අනුව එම තීරණය යලි සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට දන්වා ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඒ බව විද්වත් කමිටුවට දන්වා ඔවුන්ගේ තීන්දුව ලබා ගැනීමට නියමිතය

    -ලංකා සී නිවුස්-
     
    • Haha
    Reactions: Die-hard

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඕකෙනම් ලොකු ඉෆෙක්ට් එකක් නෑ බන් දාන එකා හරියට දැම්මා. උවමනාව නැති එකා නිකටට දැම්මා. ඕක අයින් කරාම උනේ නිකටට දාපු එවුන් නැති වෙන එක. :lol: :lol: :lol: :lol: