සුප්‍රසිද්ද මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.
රිචඩ් දී සොයිසාව මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන තිබූ අවස්ථාවකය. ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔවුන් විසින් පැහැර ගැනීමට සඳහා 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කොට තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7 ඉතිරි විය. ඔවුන් ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ( මව ) , ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස ( ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ) , ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, සරස්‌වතී ( නිවසේ සේවිකාවක් ) , නිවසෙහි යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ උනන්තැන්නය ( අසල් වැසියෙකු ) ලෙස සඳහන් විය.
.
Last edited:

97