RIP ICE BUCKET FOUNDER

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    coreyv4.jpg


    අයිස් බකට් චැලෙන්ජ් නමින් මේ දිනවල ලෝකයේ තරමක් ආන්දෝලනයට ලක්ව ඇති අයිස් පිරවූ භාජනයක් ශරීරයට හලා ගන්නා අභියෝගයේ නිර්මාතෘ කොරී ග්‍රිෆින් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

    චාලක නියුරෝන රෝගයෙන් පෙළෙන්නන් හා එම රෝගය ලොවින් තුරන් කිරීම වෙනුවෙන් වූ අරමුදලක් ඇති කිරීම අයිස් බකට් අභියෝගයේ පරමාර්ථය විය.

    පරාර්ථකාමියෙකු ලෙස වඩාත් ප්‍රකට ඇමෙරිකානු ජාතික ග්‍රිෆින් දියමත කරණම් ගැසීමේ ශූරයෙකු ලෙසද සැලකෙයි. ඒ අනුව, ඔහුගේ මරණයද ජලය ආශ්‍රිතවම සිදුව ඇති අතර, ඔහු ජල තටාකයකට පැනීමේදී හිස වැදීමකින් හා දියේ ගිලීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසෙයි.

    චාලක නියුරෝන රෝගයෙන් පෙළෙන තම මිතුරා මූලික කරමින් මුලින් මේ අභියෝගය ආරම්භ කළත්, පසුව එය ලොව ප්‍රකට වූයේ ඔප්රා වින්ෆ්‍රී, බ්‍රිට්නි ස්පියර්ස්, මාර්ක් සකර්බර්ග්, ලේඩි ගගා, චාර්ලී ෂීන්, ජෝර්ජ් බුෂ්, බිල් ගේට්ස්, ජස්ටින් බීබර් වැන්නවුන් මෙම අභියෝගය භාරගත් නිසාය.

    එහිදී, මෙම අභියෝගය භාරගත් අයෙකු පෙර කී අරමුදලට ඇ.ඩො.100ක මුදලක් බැරකළ යුතු විය.

    කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

    ADA
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මූ පටන් ගත්ත හොඳ වැඩේ ලංකාවෙ උන් තමන්ගෙ බඩ වඩාගන්න අනුභව කරන විදිහ දැකල දුකට සියදිවි නසාගන්න ඇති.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    මූ පටන් ගත්ත හොඳ වැඩේ ලංකාවෙ උන් තමන්ගෙ බඩ වඩාගන්න අනුභව කරන විදිහ දැකල දුකට සියදිවි නසාගන්න ඇති.


    :lol::lol::lol: