Ice Bucket මරණයට

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඉහළ ස්ථානයක සිට ජල තටාකයකට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බව ය.

27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකි. හේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය.ග්‍රිෆින්ගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ ඔහු Ice Bucket Challenge සංකල්පය ආරම්භ කර තිබේ.මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ.

මෙහිදී අභියෝගය භාරගන්නා පුද්ගලයා චාලක න්‍යුරෝන ආබාධයට එරෙහි අරමුදලට අමෙරිකානු ඩොලර් 100ක් බැර කළ යුතු ය.

http://tinyurl.com/nznjrq2