මචන්ලා, පරණ වාහනයකට අලුතින් engine එකක් දැම්මම, පොතේ engine number එක වෙනස් කරගන්න procedure එක මොකක්ද ? එහෙම නැතිව පරණ number එක අලුත් engine එකේ කොටන්න පුළුවන් කියල ගරාජ් එකෙන් කියනවා, එක අවුලක් නැත්ද?
කොටන එක ලේසී ඒත් වාහනේ නැවත විකුනද්දි ගැටලුවක් එන්න ඉඩ තියෙනවා
හරි ක්රමේ වාහනේ පොතට අලුත් නම්බර් එක දාගන්න ඒකට උඹ එන්ජින් එක ගත්ත එකේ බිල් එහෙම ඕන වෙනවා වාහනේ RMV එකට ගෙනියන්න ඕන වාහනේ බර එහෙම කිරලා බලනවා උන්
ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි
CMT 72 අයඳුම්පත
වාහනයේ ලියාපදිංචි සහතිකය
වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
වාහනයේ පාට, එන්ජින් අංක ආදි තොරතුරු වෙනස් වන්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්රකාශයක් වශයෙන්.)